විනීතා එම් ගමගේ
සෞඛ්‍ය සේවාවේ දී රෝග ප්‍රතිකාර සඳහා දී ඇති ප්‍රමුඛතාව රෝග නිවාරණ කටයුතු සඳහා දී නැති නිසා රෝහල් පිරි ඉතිරී යන්නට රෝගීන් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
රෝග නිවාරණයට වාර්ෂිකව වෙන් කරන හා ආයෝජනය කරන මුදල ප්‍රමාණවත් නැතැයි යන්න මෙසේ රෝගීන් පිරී ඉතිරී යාම නිසා පෙනී යන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.
මේ නිසා රෝහල් තදබදය අවම කිරීමටත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමටත් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටින රටක් ලෙස සංවර්ධනය පිළිබඳ මිනුම් දණ්ඩේ ඉහළටම ගොස් නීරෝගී සම්පන්නම ජනතාවක් සිටින්නේ අපේ රටේ බවට වන පිළිගැනීම ලබන්නටත් අවශ්‍යවන සම්පත් දීම අවශ්‍යවී ඇතැයි ද ඒ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරයාව මාරු කළා නම් ප්‍රශ්නේ ඉවරයි...
දැන් රාජිතට දෝෂාභියෝගයක් ගේනවද...
ඔබතුමා කියන විදියට ඒ සඳහා සම්පත් දුන්නටම මදි. ඇමති ගැනත් සොයා බලන්න. කරන්නේ අනුන්ගේ රෙදි අපුල්ලන එකනේ. එ් නිසා මම යෝජනා කරනවා හික්මීමක් ඇති උගත්, බුද්ධිමතෙක් ඔය තනතුරට පත් කරන්න කියලා... ඊයේ, පෙරේදා කරපු කතාවක් දැක්ක. එය ඇමතියෙකුට තියා ගුබ්බෑයමක ජීවත් වෙන මිනිසෙකුටවත් ඔබින්නේ නැහැ. ඉතින් මෙවන් වාචලයින්ගෙන් රෝගීන්ට සෙතක් වේවිද? ඡන්දේදි උදවු කලා කියලා ඔබ නෑසුණු කන් ඇත්තෙකු ලෙස හිටියොත් ඔබතුමාව ජනතාව ප්‍රතික්ෂේප කරන එක වළක්වන්න බැහැ..
සෞඛ්‍ය ඇමති රෝග නිවාරණ කටයුතු ප්‍රමුඛතාව නොදී ,සයිටම් එක රැකගන්න දිවා-රැ මහන්සිවෙනවා, ලංකාවටම ඩෙංගු වසංගතයක් වෙලා , ඒවා ගැන නොසිතන මේ සෞඛ්‍ය ඇමති වියරුවෙන් ,කෝපයෙන් ,වයිරයෙන් ,වේදිකාවල ගොරවනවා. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමට පළමුවෙන් කලයුත්තේ සෞඛ්‍ය ඇමති ඉවත්කර, ජනතාවට ඇහුම්කන් දෙන වැදගත් උගත් කෙනෙක් පත්ක්රිමයි.
මේ සම්බන්දව ක්‍රියා කිරීමට මහජන මුදලින් පඩිලබන ඇමතිවරයෙක් ඉන්නවා නේද ...'
අපිටත් එක හැගිලා තියෙන්නේ මේ අවුරුදු දෙකට ආණ්ඩුව කරපු හැටි දැකල.
සයිටම් ප්රශ්නය විසඳන්න ප්‍රමුකත්වය හොඳටම මදි
සෞඛ්‍ය ඇමතිතුමා හදවත් සැත්කමකට රුපියල් කෝටි ගණනක් මහජන මුදල් වියදම් කරලා සිංගප්පුරුවට ගියා. එතුමාට තියෙන එකම ප්රශ්නය සයිටම් ගොඩදාන එක. දුප්පත් අපිට වෙන්නේ හන්දියේ වෑල්ඩින් ෂොප් එකට ගිහින් බට කැල්ලක් වෑල්ඩින් කරගෙන බයි පාස් එක කරගන්න තමා. ඊළඟ චන්දෙන් පරාද කරලත් වැඩක් නැහැ . ජාතික ලිස්ට් එකෙන් ආයෙත් ඇවිදින් රටට සේවය කරාවි.