තිලිණි ද සිල්වා
නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ බවට අධි චෝදනා ලැබ සිටින වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට හා ව්‍යාපාරිකයෙකුට එරෙහි නඩු විභාගය අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ආරම්භ විය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ ව්‍යාපාරිකයාට එරෙහිව ඇති අධි චෝදනාව අධිකරණ භාෂා පරිවර්තකවරයා විසින් කියවා දෙනු ලැබීය.
නඩුවේ පළමු හා දෙවන සාක්කිකරුවන් සාක්කි දීමට උනන්දුවක් නොමැති බව දැනුම් දී ඇති බැවින් සහ සිය සේවාදායකයාට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට නියමිතව බැවින් සාක්කි විභාගයට වෙනත් දිනයක් ලබා දෙන ලෙස විත්තියේ නීතීඥ සාවිත්‍රි ප්‍රනාන්දු මෙනවිය ඉල්ලා සිටියාය.
පැමිණිල්ලේ සාක්කිකරුවන් දෙදෙනා ඒ බව දිවුරුම් ප්‍රකාශ මඟින් නීතිපතිවරයාට දන්වා ඇති බවත් ,ඒ සම්බන්ධව කරුණු අධ්‍යනය කරමින් පවතින බවත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කියා සිටියේය. එසේම පැමිණිලිකරුවන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ ස්වේච්ඡාවෙන් ද යන්න ගැන කරුණු හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි හිතුවට වඩා භයානකයි යහපාලනයේ මැති ඇමැතිවරු නම්... මීළඟට අයින් කරන්න හෝ වෙන්න ඉන්නේ මෙතුමාද?
හොරා කියලා ආපු යහපාලකයින් තරගෙට හොරකම් කරනවා වගේ.
වංචාවන්ට හසුවී විත්ති කරුවන් වූවන්ට තම රෙකියාව කරගෙන යන්න බලයක් තිබෙන්නේ මෙති ඇමති වරුන්ට පමණද ? සාමාන්‍ය පුද්ගලයෙකු මෙවන් වංචාවක් කලොත් ඔහුට නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා නේද ? ප්‍රථමයෙන් දවස් 14 ක් rim රිමාන්ඩ් එකේ තපින්න වෙනවා නේද?ඉන්පසුව නඩුවේ තීන්දුව දෙන තෙක් ඔහුගේ සේවය අත්සිටුවනවා නේද? වංචාවක විත්තිකරුවෙකුට ඔහු නිර්දෝෂී වනතෙක්ම විශේෂයෙන් රාජ්‍ය සේවයක යෙදෙන්න සපුරා තහනම් වෙනවා නේද?. එතකොට මේ දෙසපාලකයෝ පමණක් කොහොමද වංචාවක විත්තිකරුවෙක් ව සිටිමින් පාර්ලිමේන්තු යන්න හෙකි වී තිබෙන්නේ ?නමුත් කියන්නේ නම් නීතිය සෙමට පොදුයි කියලා නේද ?
මෙවෙනි හොරුන්ට මහතා කියා පළකර තිබීම මම තරයේ හෙලා දකිමි.
කොහොමද පාරිශුද්ධ වූ, උතුම්, මෙතුමා ගේ කතාව... කිව්වේ නම් හොරු කියලා.. බලනකොට කව්ද හොරු.!
"අපේ ටොමියත්" අල්ලපු ගෙවල් වලින් හොරකළා. ගොඩක් අමාරුවෙන් බුරනවා. දකින දකින මිනිසුන්ට හපන්න පනිනවා. මම හිතන්නේ ටොමියගේ කාලෙත් හරි වගේ... අපේ ගෙදරින් නම් තවත් බත් කන්න බැරිවෙයි වගේ...