( ජුඩ් සමන්ත)
අභිරහස් ලෙස තරුණයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ සමීරගම පදිංචිව සිටි මොහොමඩ් නසාර් නස්ලාර් (16) වේ.
ඉකුත් 20 වැනි දා තරුණයින් දෙදෙනෙක් මත්පැන් පානය කර පසුව ඔවුන් ගමේ පිහිට පොල් වත්තකට ගොස් ඇති බව පොලීසිය කියයි. පොල් වත්තට ගිය තරුණයින් දෙදෙනාගෙන් එක් අයකුගේ මළ සිරුර එම වත්තේම තිබී සොයා ගෙන ඇත.
කලබලයට පත් ගම්වාසීන් විසින් අනෙක් තරුණයාට පහර දී ඇති බවත් පහර කෑමට ලක්ව ඇති තරුණයා එම අවස්ථාවේදී මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට මාරු කර යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd