(අමල් වික්‍රමරත්න)
බද්දේගම විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් තෙලිකඩ ග්‍රාමීය බැංකුවට අද (21) ඇතුළු වූ පුද්ගලයකු ගිනි අවියක් පෙන්වා එහි සේවිකාවන් බියගන්වා රුපියල් එක්ලක්ෂ අටදහසක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු පැමිණි යතුරු පැදියේ අංක තහඩු සෙලෝටේප් මගින් ආවරණය කර තිබී ඇතැයි වාර්තාවන අතර සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැංකුව මහා දවල් කොල්ල කාපු එකේ ඕක මොකක්ද?