(අකිල බද්දෙවිතාන / ඡායාරූප - ශාන්ත රත්නායක)
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්රමුඛ සයිටම් විරෝධී ජන පවුර අද(21) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය.
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව, විදර්ශන කන්නන්ගර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිති.
මේ ක්‍රියාමාර්ගයත් ආණ්ඩුව නොසලකා හරිනවානම් ඉදිරියේ දී විරෝධතා ගණනාවකට මුහුණ දෙන්න සිදුවන බව උපවාසය අරඹමින් අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? ආණ්ඩුව මෙයාලා මොනවා කළත් ගණන් ගන්නේ නෑ කියලා....
බංකොළොත් දේශපාලකයන්ගේ අතකොලු ටික නහුතෙට වැඩ.... අඛණ්ඩ උපවාසයක් වෙනුවට අනේ කට්ටියට බැරිද මාරාන්තික උපවාසයක් කරන්න? අපි ෆුල් සපෝට්.
හරි හරි මල්ලි... අඛන්ඩවම උපවාසෙ ගෙනියන්න හොදේ. අන්තිමට මේ ලෝකෙන් චුත වෙනකම්ම.
මේ මිනිස්සු මෝඩ නැ. උත්සහවන්තයෝ සියල්ල ජයගනී. මෙය හුදෙක් උපවාස කරන අය උදෙසා නොවේ අනාගත පොදු ජනතාව උදෙසා බව මහජනතාව තේරුම් ගත යුතුය.
ආදරණිය පුතේ, දුවේ, ඔයගොල්ලෝ නිදහස් අධ්‍යාපනය බේරගන්න මේ ගන්න උත්සාහයට අපි මුළු හදවතින්ම ආශීර්වාද කරනවා. උත්සාහය අත්හරින්න එපා. ඔය ගන්නා උත්සාහය ජයග්රහණයෙන් කෙලවර කරන්න අපි ඔයගොල්ලන්ට මුළු හදවතින්ම ආශීර්වාද කරනවා. පිම්බුණු බැලුමක ඇතුළ හිස් වගේ වාචාලකමට දාන අදහස් වලට නොසැලී ඉදිරියටම යන්න.
සයිටම් විරෝධී සටනට ජය වේවා !!!
මේ අයට තියෙන්නේ ඉරිසියාව...
මුදල් ගෙවා ඉගෙනීමට අපිට තියෙන අයිතියට විරුද්ද වෙන්න, අපේ බදු මුදලින් ඉගෙනගන්න මෙයාලට කොහෙද අයිතියක්. මෙතන තියෙන්නේ කුහකකම
කලක් මේ රටේ තරුණයෝ නාහෙට අහන්නේ නැතිව දබබ්බර කම් කළා. ඉඳ හිට... දැන් මේ තරුණයෝ අනුන්ගේ ලණුකාලා මෝඩකම් කරමින් තමන්ගේ අනාගතය අඳුරු කරගන්නවා.. කාටද පාඩු.. අපිටද, රජයටද, ඔයගොල්ලන්ටද? අපිටත් ඒ කාලේ ඔය ලණුදෙන්න හදපු අය ඉන්නවා.
වෛද්‍ය අධ්‍යාපනය තරඟ විභාගයකින් ජයගත් අයට පමණක් විය යුතුද? නැතිනම් මිලියන 120ක් ගෙවිය හැකි අයගේ දරුවන්ට පමණක් වෙන්වුණු තවත් දොරක් තිබිය යුතුද? එවැනි දොරකින් විය හැකි අක්‍රමිකතා වළකාගැනීමට සහතික වෙන්නේ කව්ද?
රටේ ඉන්න ලොකුම කාලය කා දමන පිරිසක් තමයි...
මම මේකේ දාලා තියෙන අදහස් වලට ලැබිලා තියන ප්‍රතිචාර දිහා බලපුවම තේරෙනවා... මේ රටේ බුද්ධිමත් ජනතවගේ අදහස මොකක්ද කියලා. අර ලහිරු කියන කෙනාගේ ලජ්ජා නහරේ කැපිලා. නැත්නම් ඔය වගේ දෙයක් කරයිද? මම ඉගෙන ගන්නේ සල්ලි දීලා... ඒ නිසා එ්කේ වටිනාකම දන්නවා. මේ ගොල්ලන්ට උගන්නන්නේ අපේ බදු සල්ලි වලින්. ඒ නිසා වටිනාකමක් දන්නේ නැහැ.
පිං සිද්දවෙයි මාරාන්තික උපවාසයක් කරන්නකො.
ලක්ෂ 120 දිලා හොර උපාධි ගන්ඩ රටේ දේශපාලුවන්ගේ ගැත්තන්ට ? සයිටම් වාසා දැමිය යුතුය ඹබලාට ජයවේවා
මෙතරම් කෝටිපතියෝ ප්‍රමාණයක් මේ ශ්‍රී ලංකාවේ සිටිනවද මේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ මුදලාලිලාද.?