(ප්‍රසාද් මුතුකුඩ )
තම පුතුට තෑග්ගක් දීමට මීහරක් හිස් කබලක් සහ අං දෙකක් නීති විරෝධි ලෙස රැගෙන යාමට උත්සහ කළ බව කියන ප්‍රංශ ජාතික ගුවන් මගියකු අද (22 ) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගුව පවසයි.
සැකකරු (56) කියු එල් 225 දරණ ගුවන්යානයෙන් ඩුබායි හරහා ප්‍රංශය වෙත යාමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදි ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරුගේ ගමන් මළු ස්කෑන් යන්ත්‍ර හරහා පරික්ෂාවට ලක්කර ඇති අතර සැකකටයුතු බවට රේගුවට දන්වා ඇත.
සැකකරු ප්‍රංශයේ උසස් පොලිස් නිලධාරියකු වන අතර ඔහු තම පුතාගේ ඉල්ලීම මත මෙය රැගෙන යාමට උත්සහ කර තිබු බවත් කොළඹ සිටින හිතවතෙකු හරහා මිලදි ගෙන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රේගුව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීහරක් ඔලු ගෙනියන්න තහනම් හේතුව මොකක්ද. අහක දන දෙයක් විකුනන්න පුලුවන්නම් කොච්චර හොඳද. ඕන තරම් මීහරක් ඔලු අහක දනවා කවුරුත් ප්‍රයෝජනයක් ගන්නවද?
මීහරක් හිස් කබලක් තහනම් භාණ්ඩයක් නොවේ. අපිට ඕනෑවටත් වඩා පාර්ලිමේන්තුවේ ගොඩගහල තියෙනවා. ගෙනියන්න දෙන්න අප්පා. මොකට සල්ලි දීල ගත්තද මන්ද
ඕක සුදුසු දියවන්න්වටයි වැරදිලා ප්රංශට ගෙනියන්නේ.
ලංකාවේ ජනතාවගේ හිස් කබලක් නොකිය අරගෙන යන්නේ කොහොමද
හරක් හිස්කබලක් රට ගෙන ගිය කියල ඔච්චර දඟලන්න ඕනෙද ? දවසකට ලංකාවේ හරක් 1000 කට වැඩි ප්‍රමාණයක් මසට මරනවා , තව ලෙඩවෙලා සහ වයසට ගිහිනුත් විශාල ප්‍රමාණයක් මැරෙනවා , මෙවැනි විකාර වැඩ නිසා ලෝකයේ අපේ රට මධ්‍යතන යුගයේ ජීවත්වෙන මෝඩ මිනිස්සු ඉන්න රටක් කියල හංවඩු ගැහෙනවා ,
ඔය අං තට්ටුව ගෙනිචට මක් වෙනවද ?
මේක නම් දියවනනාවේ කෙනෙකුගේම තමයි.
මේ තවත් මීහරක් වැඩක්, නිකන් දිරායන මීහරක් කටුවලින් කීයක්හරි ලංකාවේ දුප්පත් මිනිහෙක් හොහායන්න තියෙන එකත් නැතිකරලා.
අපේ පොලිසියේ කෙනෙකුගෙන් ඒ පොලිස් නිලධාරියට තෑග්ගට දීපු එකක් වෙන්න ඇති. ඒත් ඉතින් අං තට්ටුව තියාගෙන හිස්කබල විතරක් දුන්න නම් ඉවරනේ.
නොදන්නා නිසයි අහන්නේ මොකක්ද මෙතන අත්අඩංගුවට ගන්න තරම් වැරැද්ද ?මිනිස් හිස් කබලක් නොවෙයි නේ .
අත් අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ මොන චෝදනාවක් යටතේද ? මීහරක් හිස්කබලක් හෝ අං කුඩු කරලා ""හරක් කටු පෝර" හදනවා මිසක් වෙනත් වටිනාකමක් තියනවාද ?
ඇතියන්තම්, මම හිතන්නේ බැදුම්කරේට වඩා සැහෙන්න වටිනවා, දැන් මේ අං තට්ටුව එක්ක සැහෙන්න පරිස්සම් කරලා අරන් තියාගනියි
ඇන්ටන්, සැම්, අය්යෝ ඒකවත් දන්නේ නැද්ද? අපේ අං තට්ටු ටික පිට රට මිනිස්සු අරන් යන්න පටන් ගත්තොත් හොඳට හිටී. අපි ලංකාවේ ඡන්ද දායකයො බව ඔප්පු කරන්න තියෙන්නේ ඔච්චරයි.
මහීගේ අදහස හරි කියල මමත් හිතනවා. මේක දෙරටේ පොලිස් නිලධාරීන් අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමන් සිදුවුණ නිල ලාංඡන හුවමාරුවක් විය යුතුයි. ඒ නිලධාරියත් එනකොට ඔහොම එකක් ගෙනෙන්න ඇති.
සුලු දඩයක් අයකරගෙන අවවාද කර යන්න අරින්න. ආසාවටනේ....
දියවන්නාවෙන් වෙන්නැති ගන්න ඇත්තේ
ඇත්තට මෙතන වෙලා තියෙන නීති විරෝධී ක්‍රියාව මොනවද ? මේවා දහස් ගානක් දවසකට ගව ඝාතන තැන් වලින් ඉවත් කරනවනේ. මේ දුප්පත් මානසිකත්වයෙන් අපි ඉවත් විය යුතුයි.
අපේ අනන්‍යතාවය මෙන්න කොල්ල කනවා.
යුරෝපයේ වැසියන්ගෙන් භාගයක් පමණ සිතන්නේ ලංකාවේ... ඉන්දියාවේ අපි ගවයන් දෙවියන් සේ අදහන, වන්දනා මාන කරන මිනිසුන් සිටින රටවල් කියාය. රේගු නිලධාරීන්ගේ මෙවැනි "ගොන් පාර්ට් " නිසා මෙවැනි අදහස් ස්ථිර වේ. ගවයා යනු ලංකාවේ නීතියට අනුව දුර්ලභ ගණයට වැටෙන වැටෙන සතකු නොවේ. එම නිසා හරකාගේ වියලි අස්ථි කොටසක් ලංකාවෙන් පිටතට ගෙනයාම හෝ ලංකාව තුල ප්‍රවාහනය කිරීමට නීතියෙන් බාධාවක් නැත. රේගු නිලධාරීන්ගේ ක්රියාවේ කිසිම නීත්‍යානුකූල භාවයක් මම නොදකිමි. මෙවැනි බහුභූත නිසා අපි ලෝකය ඉදිරියේ සමච්චලයට ලක්වේ.
මේ කට වටිනාකමක් නැහැ අපේ වැවේ අන් තට්ටු දහස් ගණනක් ඇති මුන්ට ලකුණු දාගන්න විදිහක් නැහැනේ උඹලට තම මේවා වටින්නේ