(අමල් වික්‍රමරත්න)
දකුණු පළාත් පරිපුරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය වෘත්තිකයෝ අද (22) වැඩවර්ජනයක් ඇරඹුහ. ඔවුන් අද (22) හෙට (23) ලෙඩ නිවාඩු දමා වර්ජනයට එක් වී සිටිති.
මේ හේතුවෙන් දකුණු පළාතේ ග්‍රාමීය සහ මුලික රෝහල් රැසක ප්‍රතිකාර පතා පැමිණි රෝගීන් බොහොමයක් දැඩි අපහසුතාවයට පත් වී ඇත.
අතිකාල ගැටළුව, ස්ථාන මාරුවීම් සහ සේවා අධීක්ෂණ කටයුතු වෙනත් සේවාවන්ට පැවරීමට විරෝධය පා මෙම වර්ජනය ආරම්භ කළ බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති අජිත් පි.තිලකරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනය කරන සේරම රස්සාවෙන් අයින් කරලා අලුත් අයට රස්සාවල් දෙන්න. සිංගප්පුරුවේ ගුවන් සමාගම වර්ජනය කරන්න ගිය වෙලේ එරටේ ජනාධිපති මුහුණට මුහුණ සාකච්චාවක් තියල එයාලට කිවුවේ දෙයක් අවශ්‍යනම් හොදින් මිනිස්සුන්ට කරදර නොකර සාකච්චාවෙන් විසදගන්න කියල. වර්ජන වලට මම බය ණෑ කියලා. හිතන්න කියල කල් දීපුවාම පැයක් ඇතුලත වර්ජනය අතාරින්න තීරණය කලා. එහෙම තමයි වෙන්න ඕනේ අපේ රටටත්. නැත්තන් එක එකා කියන පදයට නට නට ඉන්න වෙයි හැම රජයකටම.
බොහොමයක රාජ්‍ය උසස් නිලදාරීන් ඉතාම උද්දච්ච ආකාරයට කටයුතු කරනේ එකී මෙවෙ වැඩ වර්ජන ඇතිවනේ
අන්න හරි. ලොකු කට්ටියට හිතු හිතු හැටියට වර්ජන කරන්න පුළුවන් නම් අපට බැරිද, නැද්ද මං කියන්නෙ? අනික, මේ දවස්වල ඒ ගොල්ල සැලසුම් සකස් කරමින් ඉන්න හින්ද ඒවා ඉවර වෙලා එනකම් කවුරු හරි කෙනෙක් වරජනේ ඉදිරියට ගෙනියන්නත් එපාය.