( තිළිණි ද සිල්වා)
වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධි චෝදනා එල්ලවී සිටි මොරටුව හිටපු දිසා විනිසුරු බාලසූරිය ආරච්චිගේ රංජන් සෝමසිංහ මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා හමුවේ අද කැඳවූ අතර එහිදී මෙම නියෝගය කරන ලදී.
අධිකරණය විසින් නිකුත් කළ නොතීසි නියෝග අනුව මහාධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර හිටපු දිසා විනිසුරුවරයාට විවෘත අධිකරණය හමුවේදී අධි චෝදනා පත්‍රය බාරදීමෙන් අනතුරුව ඔහුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙසටද විනිසුරුවරයා නියෝග කළේය.
එම නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමටද මහාධිකරණ විනිසුරුවරයා විසින් දින නියම කරන ලදී.තවද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ පළමුවන හා දෙවන සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමටද නියෝග කළේය.
රුපියල් ලක්ෂ 24කට ආසන්න වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය හෙලිදරව් කිරීමට විත්තිකාර හිටපු දිසා විනිසුරුවරයා අපොහොසත් වී ඇති බවට එම අධි චෝදනා පත්‍රය මඟින් සනාථ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 24ක්, ලක්ෂ 24ක් කියන්නෙ මොකක්ද දැන් කාලේ. බැදුම්කරේ එක්ක බලද්දි වැලි කැටයක් ලක්ෂෙකට කඩලා ගත්තා වගේ.
නඩුව ගැන නම් අපි දන්නේ නැහැ. නමුත් මේ දිසා විනිසුරුතුමා කියලා තිබුණා තමන් විශාල පළිගැනීමකට ලක්වී ඉන්න බවක්. කෝටි ප්‍රකෝටි පගා කාරයෝ යහමින් වැජඹෙන අතරේ ලක්ෂ 24 ක් මුල් කරගෙන මේ නඩුව දාල තියෙනවා කියන කොට නම් ඒ කතාවේ ඇත්තක් තියෙන බව හැඟෙනවා.
මෙ නඩුවේ තීන්දුව නීති ශිෂ්‍යයෙක් විදියට මට ඉදිරියට ගොඩක් වැදගත් වෙයි. එ් මන්ද මෙහි චෝදනා බැලූබැල්මටම මහත් පළිගැනීමේ ස්වරූපයක් පෙනී යයි. මන්ද මෙම පරීක්ෂණය පටන් ගැණුනේ 2012 වර්ෂයේ.. මෙකී කොමිෂන් සභාව නඩු දමනුයේ 2017 වර්ෂයේ. තවද මෙම විනිසුරුවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනුයේ 2016 වසරේදී.. එ් තමාට එරෙහිව පරීක්ෂණය අවසන් නොකරන බව පවසා එය ඉදිරිපත් කොට මාස කීපයකට පසුව අල්ලස් කොමිෂන් සභාව ඔහුට එරෙහි නඩුවක් පවරාය. එ් පරීක්ෂණය අාරම්භ කර වසර 5 ට පසුව මෙය පළිගැනීමට කී වහාම මෙය පිටුපස සිටින පුද්ගලයන් සොයා දඬුවම් දෙන්න.