( තිළිණි ද සිල්වා )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමාජ බලගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
රටේ බහුතරයක් නීතීඥවරුන් සහ විනිශ්චයකාරවරුන් දූෂිත බවත් ශ්‍රී ලංකාව විනාශ කළේ ඔවුන් බවත් පවසමින් රාමනායක මහතා කළැයි කියන ප්‍රකාශයට අදාළව වගකිව යුත්තන් සම්බන්ධයෙන් සාක්ෂි හෙලිදරව් නොකරන්නේ නම් මෙලෙස නඩු පවරන බව එම සංගමයේ සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසයි.
එවැනි දූෂිත පුද්ගලයින් ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාට සාක්ෂි ඇත්නම් ඒවා අධිකරණ සේවා කොමිසමට ,පොලීසියට හෝ අල්ලස් හා දූෂණ කොමිසමට නීත්‍යානුකූල ලෙසින් ඉදිරිපත් කරන ලෙසත් එලෙස ඔහු කටයුතු නොකරන්නේ නම් ඉදිරි සති දෙක ඇතුළත අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පවසයි.
මෙලෙස නඩු පැවරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ ඒකමතික අනුමැතිය බදාදා (23) හිමිවූ බවද හෙතෙම ප්‍රකාශ කරයි.
කොළඹ අලූත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානයේ අද (24) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම සංගම් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දාන්න. එතකොට තමයි දැනගන්න වෙන්නේ..
ලෙඩ දාගන්න එපා රන්ජෝ.. ප්‍රවේශමෙන්.. හොඳ රන්ජා වගේ රාජිතට විරුද්ධව ඡන්දේ දෙන්න.
කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටන ලදී..
ඔන්න වන්ෂොට් ඇඟ පුම්බලා පෙන්නනවා නම් වැඩ.
අපේ රටේ පෙරකදෝරුවෝ ගැන නම් ඔහුගේ කතාව මම 100% ක්ම එකඟ වෙනවා. දවසක් උදේ ඉඳන් හවස් වෙනකන් අධිකරණයක් බංකුවක වාඩිවෙලා අසන නඩු නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඔහුගේ කතාව හරි බව.... විනිශ්චයකාරවරු ගැන නම් මම කිසිම අදහසක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම අධිකරණයේ ස්වාධිපත්‍යට ගරු කරන නිසා.....
උසාවිය නිහඬයි... තවත් මොනවද?
නීතීඥවරුන් ගැන අමුතුවෙන් ලිවයුතු නැත්තේ බහුතරය දූෂිත බව සියලු මහජනයා දන්නා නිසයි. හැබැයි නඩුකාරවරුන්ගේ බහුතරය දූෂිත නෑ. අර අලි පැටවූ හොරු, සමාජ ජාල මගින් හෙළුව පෙන්වන අය, රු 2000 ට වත්කම් දඩ ගහන අය , ද්විත්ව පුරවැසි නඩු මාස 8ක් 10ක් කල් අදින අය ඇතුළු ටික දෙනෙක් ඉන්නවා එ්ත් ....
වික්ටර් අයිවන්ගෙන් උපදෙස් ගන්න..
බලාගෙන, ලංකාවේ පෙරකදෝරුවෝ ඔය නඩුවත් අවුරුදු 20 ක් විතර ඇදගෙන යයි.
ඔය නඩුව ඉවර වෙනකොට තව අවරුදු 10 ක් විතර ගතවෙලා තිබේවි , රන්ජන් එතකොට ලංකාවේ අධිකරණ අමෙති හෝ නිතිය සහ සාමය භාර අමෙති වෙන්නත් පුළුවන්
රන්ජන් , නුබේ අත්දෙකේ ජරා කුණු නැත. අපි සැම ඔබ සමගයි . වරද දුටු තැන පහර දෙන්නෝ ඉතා දුලබ සමාජයක නුබ පන්නරය ලැබූ කඩුවකි. එය අපට මහමෙරකි !.
කාගෙහරි ඉඩමක් පාරක් බලෙන් අල්ලා ගන්න හරි කාලයක් පාවිච්චි කරනන් හරි ඕනෙනම් කරන්නේ ටක් ගාලා ගිහින් නඩුවක් දාන එකනේ. අහිංසකයින්ට නඩු දාන්නතේ ඒවට කතා කරන්නෙත් බොරුවට නඩු ඇදගෙන යන්නෙත් සමහර කළුකතබා අයම තමයි. ඕවා ඉතිං කවුරුත් ද්නන රහස්.
රන්ජන් බයවෙන්න එපා. මේ තියෙන්නේ ඕන තරම් දේවල් ඔප්පුකරලා පෙන්වන්න. වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධි චෝදනා එල්ල වී සිටි මොරටුව හිටපු දිසා විනිසුරුතුමා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ බව...
අධිකරණය අපිරිසිදු කලේ රාජපක්ෂ සමාගමයි .. ඒකට සාක්ෂි අවශ්‍ය නම් ...මොලේ කලඳක් නොමැති අය සමාගමේ බලයෙන් නීති විභාගය ලියපු විදියයි. කොහොම හරි නීතිවේදියෙක් වුණා කියමුකෝ... ඒ වුණාට පසුව නඩුවක් කතාකරගන්න තේරුමක් නොමැති කමයි...
රන්ජන්, මීට පස්සේ මේවා කියන කොට පාර්ලිමේන්තුව තුළදී කියන්න.
මේ දුෂිත කොට්ටාශය ගැන දන ගන්න ඕනේ නම් හෝටල් වල වැඩ කරන අයගෙන් අහන්න. එච්චරයි මේ ගැන ලියන්න කැමති
ඊට වඩා නරකද ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ චෝදනාව සත්‍යද අසත්‍යද කියලා අවංකව විධිමත් පරීක්ෂණයක් කලොත්? තම පිරිස් දූෂිත නැතිනම්, මේක සතුටින් කරන්න පුළුවන් නේ.
බඩගෝස්තරවාදී සහ අවස්ථාවාදී දොස්තර රස්සාවත්, නීතිඥ රස්සාවත් අතර වැඩි වෙනසක් නැතිබව කට්ට කාපු උදවිය දන්නවා. කතාවට කියන්නේ ඉඩම් නඩුවක් කියලා. ඒ තරමටම නීතිඥවරුන්ට බඩවඩාගන්න අවශ්‍ය විදියටයි උසාවියේ නඩුත් විභාග වෙන්නේ. කලුකෝට්කාරයොත් රටේ ඉන්නවා කියල පෙන්නන්නත් එක්ක තමා ඔය පොඩි සද්දයක් දාල තියෙන්නේ. ඕව ගණන් ගන්නෙපා රන්ජෝ.
ශ්‍රී ලංකාවේ බහුතරයක් නීතීඥවරුන් සහ විනිශ්චයකාරවරුන් දූෂිත පුද්ගලයින්... තමයි.
ටාසන් වගේම ටොමියත් ගොඩක් බුරන නිසා කූඩුවට දාන්නම වෙනවා...
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... නැද්ද? හාල්මස්සෝ ඇතුලේ තල්මස්සු එළියේ..
රන්ජන් හරියටම කිව්වෙ මේකයි. එහි කිසිම වරදක් නැත. "මම කියන්නේ නීතිඥයෝ බහුතරයක් තමයි ලංකාව විනාශ කෙළේ. ඒක තමයි තිත්ත ඇත්ත. මේ කලු කෝට් කාරයෝ බහුතරයක්, හැමෝම නොවෙයි. මම ගරු කරනවා බැරිස්ටර් කෙනෙක් වෙච්චි මහත්මා ගාන්ධිත් නීතිඥයෙක්. නමුත් එතුමා ජනතාවාදී නීතිඥයෙක්. ලංකාවේ බහුතරයක් ඉන්නේ කරප්ටඩ් විනිසුරුවරු, කරප්ටඩ් ලෝයර්ස්ලා. සියයට අනූ පහක් විතර වගේ. ඔවුන් සල්ලි වලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනීමරුවන්ව, දූෂිතයන්ව, කුඩු කාරයන්ව ආරක්ෂා කළා සල්ලි වලට. ඒ ඔවුන්ගේ සේවාදායකයොනේ. ඒ නිසා මං හිතන්නේ අධිකරණ ඇමැති හැටියට එන පුද්ගලයා නීතිඥයෙක් වුනාට කමක් නෑ. ඔහු ජනතාවාදී නීතිඥයෙක් වෙන්න ඕනේ. ජනතාවට කඩේ යන අයෙක් වෙන්න ඕනේ. සේවාදායකයන්ට කඩේ යන කෙනෙක් වෙන්න හොඳ නෑ කියන එකයි මගේ මතය."