( තිළිණි ද සිල්වා)
විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් කෝටි 60 ක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දුන් බවට හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිට මහතාට එරෙහිව නීතීපතිවරයා පවරා තිබු අධි චෝදනා නඩුවේ තීන්දුව ලබන මස 07 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (24) තීන්දු කළේය.
පොදු දේපල පනත යටතේ පවරා තිබූ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද කැඳවිණි.
මෙම නඩුවේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි විභාගය මීට පෙර අවසන් කළ අතර නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ සහ විත්තියේ ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ගන්න අන්තිමට සිල් රෙද්දත් පාවිච්චි කළා. තමා කල කර්මයන් තමා පසුපස සෙවනැල්ල මෙන් එනවා.
"විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් කෝටි 60 ක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දීම". මෙතන කෙලින්ම මහජන මුදල් අවභාවිතා කල බව තවත් හොයන්න දෙයක් නෑනේ... කට්ටියට දඬුවම් ලැබේවි..!!!
මේ වගේ මිනිසුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ... එතකොට තමයි මිනිස්සු හිතන්නේ නීතිය කටත් එ්කයි කියලා. මෙයා පන්දම් අල්ලලා හොඳට සැපගත්තා. උපරිම දඩුවම් දෙන්න...