(දිලිප් ජයසේකර)
මත්තල ගුවන්තොටුපොළ විකිණීමට ගත් තීරණය වහාම හකුළා ගන්නැයි තමන් රජයට අවධාරණය කර සිටින බව ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපොළ ශාඛාවේ සභාපති එම්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පවසයි.
“අපි රජයට කියනවා මේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත තාවය ඇති නොවුණහොත් අපි දැඩි ක්‍රියා මාර්ගයකට එළඹීමට වුණත් පසුබට වෙන්නේ නෑ කියලා.විෂය භාර අමාත්‍ය වරයා මේ වන විට එකගතාවය පළ කරලා තියෙනවා කිසිදු කොන්දේසියකින් තොරව සේවක සුරක්ෂිතතාවය පිළිබදව.එය එසේ නොවුණහොත් හා වෘත්තිය සමිති පාලනය කිරීමට එන වත්මන් පාලකයන්ට නැවත කවමදාකවත් වෘත්තීය සමිතිවලට අත නොතියන්න පාඩමක් උගන්වමින් ගුවන් සේවා කටයුතු සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය කිරිමට අපි කටයුතු කරනවා.“
“මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශීය රටකට විකිණීමට හෝ ප්‍රතිව්‍යුහ ගත කිරිමකට කුමන හෝ පුද්ගලයකුට පවරන ලෙසට මේ වන විට කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා.ගුවන්තොටුපෙළ හා ගුවන් සේවා සමාගමේ වැඩ කරන ජනතාව ලෙස ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය මේ සදහා අපේ දැඩි විරෝධය පළ කරනවා වගේම මෙය දැඩි පිළිකුළින් යුතුව හෙළාදකිනවා.“
“ජාතික සම්පතක් කුමන හෝ ආකාරයකට විදේශීය සමාගමකට විකුණා දැමිමට රජය ගෙනියන වැඩ පිළිවෙලටත් අපේ දැඩි විරෝධය පළ කරනවා.මේ විරෝධය පළ කරන්නේ අපේ සේවකයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙනුයි.එහෙම නැතිව අපිට මේ තුළ කිසිදු දේශපාලනික අරමුණක් නෑ.මේ රටේ පාලකයින්ට 1956 ඉදන් මේ රට තුළ ආරම්භ කිරීමට නොහැකි වු විකල්ප ගුවන්තොටුපොළ 2013 මාර්තු 18 වෙනිදා මේ රටට දායාද වුණා.ඒ ගුවන්තොටුපොළ ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තමයි අපි මේ අරගල කරන්නේ.සෑම රටකටම පාහේ ප්‍රධාන ගුවන්තොටුපොළ හැරුනම තවත් විකල්ප ගුවන්තොටුපොළක් අවශ්‍යයයි.මේවා මේ අපි කියන දේවල් නෙමෙයි.ජාත්‍යන්තරය පවා පිළිගත් රිතීන් තමයි මේ.ගුවන්තොටුපොළක් විදෙස් රටකට විකිණීම හමුවේ රටේ ජාතික ආරක්ෂාවටත් එය ප්‍රබල ලෙස බලපානවා.“
මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු නොදෙන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය අද (24) පැවැත්වූ විරෝධතාවයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගොඩ ගන්න ඔච්චර ආදරෙයි නම්, අවුරුදු 2ක් පඩි භාගෙට වැඩ කරන්න.
මේ ගොල්ලෝ නිකන් පඩි ගන්නයි. රටේ මිනිස්සු ඒවාට කරගහන්නයි. බොරු මාධ්‍ය සන්දර්ශන තමයි.
මෙම පක්ෂයේ සමහර අය සහ මෙම වෘත්තිය සමිතිය කියාගන්න අය තවමත් ගල් යුගයේ ජීවත් වන පිරිසක්. දිගින් දිගටම පාඩු ලබමින් මහජන මුදල් කාබාසිනියා කරන ආයතන ජාතික සම්පත් වන්නේ කොහොමද? මෙය වහාම හම්බන්තොට වරාය මෙන් රාජ්‍ය- පුද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස දියුණු කල යුතුයි. රජය කලයුත්තේ ව්‍යාපාර කිරීම නොව ලාභාංශ සහ බදු අාදායම් ලබා ගැනීමයි. මේ ගොල්ලෝ තව අවුරුදු සීයක් ගියත් මේක පාඩු ලබන තත්වයෙන් මිදෙන්න බැහැ. මොවුන්ට ඇත්තේ මේවා නිසි ලෙස කළමනාකරණය වන විට හොර වැඩ කිරීමට නොහැකිව හොඳින් වැඩකිරීමට ඇති බයයි. ඉතින් ලංකාව දීයුණු වේවිද? මේක විතරක් නෙමේ තවත් බොහෝ ආයතන පුද්ගලික අංශයට පවරා, අනවශ්‍ය රජයේ සේවකයින් ප්‍රමාණය අඩු කිරීම හැකි තරමින් කළ යුතුයි.
හකුලා ගන්නට කිව්වට මදි. ඕව හදන්න ගත්ත ණය අාපහු ගෙවන්නේ කොහොමද කියලත් කියන්න.
විකිණීමක් ඉස්සරහට දාලා රැකියා සුරක්ෂිත කරන්නලු. ඒ ඇයි? දේශපාලන හෙංචයියෝ පැටව් ගහලා. ප්ලෙන් එන්නේ නැති තොටුපළක සේවකයෝ කියනවලු ගුවන් ගමන් නවතනවා කියලා. කොහොමද මත්තල ඉඳන් අහසට පොලු ගහලද?
ජනතාව මේ විදිහට මුනිවත රැක්කොත් අපිවත් විකිනෙන දවසක් එයි. මේ විකිණීම වහා නතර විය යුතුයි. නැතහොත් තව ටික දවසකින් ජනතාව පාරට බහින කාලය වැඩි ඈතක නොවෙයි....
මෙයා කියන විදියට මේක විකුණන්නේ නැතුව වෙන මොකක්හරි එකක් දැම්ම නම් හරි...
ඔයා ඒකේ ණය ගෙවනවා කියලා පොරොන්දු වුණොත් අපිත් සහයෝගය දෙනවා... ඔය ඉල්ලීමට !
ආණ්ඩුවේම තියාගන්න. අපිට වැඩ නොකොට පඩිගන්න පුළුවන්...
කප්පරක් ණය වෙලා හදපු, එ්ත් ආදායමක් නොලැබෙන මේ ගුවන් තොටුපොළට සේවක මණ්ඩලයක් මොකටද? පරණ ආණ්ඩුවේ ලොක්කන් කොමිස් ගැසීමේ පරමාර්ථයෙන් ගත්තු ණය ගෙවනවා මදිවාට, ඒ අයගේ හෙන්චයියලාට පින් පඩි ගෙවන්න ජනතාවට වුවමනාවක් නැහැ. මේ බොරු සිංහයින්ට ඕන කුදයක් ගහ ගන්න කියලා ඔන්න ඔය ගුවන් තොටුපොල සමතලා කරලා ඕකෙ මයියොක්කා හිටවමු. එහෙමවත් ආදායමක් ලබා ගන්න!
ප්ලේන් ගෙනැල්ලා මොනවා කරන්නද? නිකන් පඩිගන්න එපා..