(විනීතා එම් ගමගේ)
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් අතර ද්විත්ව පුරවැසි භාවය ඇත්තේ ගීතා කුමාරසිංහ මහත්මියට පමණක්යැයි ආගමන විගමන පාලකවරයා තමන්ට දැන්වූ බව පැෆරල් සංවිධානය කියයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර ද්විත්ව පුරවැසි භාවය හිමි අය කවුරුන්ද යන්න පසුගිය සමයේ බොහෝ ආන්දෝලනයට තුඩු දුන් කරුණක් වූ අතර මේ පිළිබඳ සත්‍ය තොරතුරු දැන ගැනීමට පැෆරල් සංවිධානය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අයදුම් පතක් ඉදිරිපත් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
එයට ප‍්‍රතිචාර දක්වමින් ආගමන විගමන පාලකවරයා විසින්, සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක්කර ඇති බව කියැවේ.
එම පරීක්ෂාවෙන් අනතුරුව ආගමන විගමන පාලකවරයා විසින් සනාථ කර ඇත්තේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට පමණක් අංක 17096 දරන ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කර ඇති බවයි.
එමෙන්ම එකී පරීක්ෂාවේදී අනෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කර නොමැති බවට සනාථ වන බව ආගමන විගමන පාලකවරයා විසින් තම සංවිධානය වෙත දන්වා එවා ඇතැයි ද හෙතෙම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නේ නෑ මෙයාට දුන්න කාර් එකේ වර්ගය...
අනික් අයට ද්විත්ව පුරවැසිභාවය තියා පුරවැසිභාවය වත් නැත්ද දන්නේ නෑ. හොයලා බලන්න ඕනේ...
ආගමන විගණන පලකවරයාත් පගා අරන් නේද?
එතැනදිත් මිටි තැනින්මයි වතුර ගලාගෙන ගිහින් තියෙන්නේ. තවම රට පාලනය කරන්නේ රාජපක්ෂවරුද?
වරද ඔප්පු වී තිබියදීත් නඩුව කල් දාලා තියෙන්නේ අැයි ඉතින්?
එහෙම නම් ගීතා කොහොමද තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නේ?
අපි හිතුවේ රඟපෑවේ සිනමාවේ විතරක් කියලා ... බලාගෙන යනකොට සැබෑ ජීවිතෙත් හොඳට රඟපානවා... එතකොට සිනමාවේ අනිත් ඒවත් ඇත්තටත් රඟපානවා කියන කතාව ඇත්ත වගේ තමයි.
නීති හදන්නෙත් පාර්ලිමේන්තුවේ සමාජිකයන්, නීති කඩන්නේත් සාමාජිකයන්, නීති නවන්නෙත් ඔවුන්, වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව .