ටෝනි කරුණානායක සහ තරිඳු ජයවර්ධන
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්නපත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොළඹ ප්‍රසිද්ධ ජාතික පාසලක 19 හැවිරිදි විභාග අපේක්ෂකයෙකු සහ එම අපේක්ෂකයාගේ පියා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා අද (23) නියෝග කළේය.
මෙම ශිෂ්‍යයාගේ පියා පොලිස් රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී තනතුර දරන්නකු බව ද පොලිසිය කියයි.
රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පියපුතු දෙපල අද (23) රාත්‍රී 8.30ට පමණ ගම්පහ ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ නිවසට ගෙන ගොස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. විභාග වංචාවට භාවිත කළ උපකරණ ගැනීමට පියා තම ක්‍රෙඩිට් කාඩ් පත මගින් වියදම් කර ඇතැයි රහස් පොලිසිය මහේස්ත්රාත්වරයාට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ කතා දෙකක් නැහැ... අර මාෆියා කල්ලියේ දොස්තරයෙක් වෙන්න ඇති..
අපිත් කොපි කරලා තමයි ගොඩ ගියේ. මේක ලොකු දෙයක්ද මෙච්චර..
ඔන්න බලන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතියක් නැතිය කියලා කිව්වාට එච්.එස්.සී. වලට වත් ප්‍රමිතියක් තිබිල නෑනේ. ඒකනේ වැරැදි පාරේ යන්න හදලා තියෙන්නේ.
අපරාදේ තව ලක්ෂ 110ක් වියදම් කරා නම් හිරේ යන්නේ නැතුව විභාගෙත් හරියට පාස් නැතුව සයිටම් ගිහිල්ලා නිකම්ම ඩොකෙක් වෙන්න තබ්බා අප්පා. අයියෝ සල්ලි සයිටම් එකේ ඩොකාලගේ ලමයි 300ක් විතර ඉන්නවනේ..
හොරා පොලිස් ... මේ යුගය බිහිකළේ රාජපක්ෂගේ වන ... චාරී දසකයෙදීයි ..
ඔය පියා දොස්තර උනෙත් හොරට විබාග පාස් කරලද දන්නේ නැහැ.
තාත්ත විබාග පාස් වුනෙත් ඔහොම වෙන්න ඇති. ඒකත් සොයා බැලුවොත් නේද හොඳ ?
පිතු සෙනෙහේ මොනතරම් ගැඹුරුද , කුඩාකල සිට හොඳින් සොයාබලා දරුවාගේ ඉගෙනීම් කටයුතු දියුණු කලානම් මේ වගේ හොර වැඩ කරන්න උවමනා නෑනේ
කරුණාකරලා කට්ටියගේම නම් සඳහන් කරන්න. ඇයි මේ නම් ලියන්න බය වෙන්නේ?
මේක නරක දෙයක් ...දඬුවම් දිය යුතුයි. මේ වගේම දෙමළ, මුස්ලිම් පමණක් ඉන්න ප්‍රදේශ වල විභාග ශාලා වල වන වංචාවන් ද සොයන්න. ඒවා කරන්නේ ගුරුවරු විසින්මය.
දරුවාගේ මුළු අනාගතේම කාලකන්නි කරපු තාත්තට නම් හොඳක් වෙන්න එපා...
පියා වැරදිකරු බව ඔප්පු වුවහොත් ඔහුව පොලිස් සේවයෙන් සහ දොස්තර වෘත්තියෙන් නෙරපන්න! අවුරුදු දහයකට වත් හිරේ යවන්න. පුතාට විභාග තහනම් කරන්න!
මේ දොස්තර පියා සයිටම් එකට විරුද්ධව වර්ජනය කරපු කෙනෙක්ද දන්නේ නෑ නේද?
මේක ඉතින් අලුත්ම දෙයක් නෙවෙයිනේ.. කුමාරයත් විභාගයට ලිව්වේ මෙහෙමයි කියනවනේ.