IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පාසල් සිසුන්ට ලක්ෂ දෙකක රක්ෂණාවරණයක්

වයස අවුරුදු පහ සිට 19 දක්වා මිලියන 4.5ක් වූ පාසල් සිසුන් සියලු දෙනාට රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ 2017 අයවැය මගින් රුපියල් මිලියන 2700ක් වෙන් කරනු ලැබ තිබේ.

මෙමගින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10 000ක් සහ රෝහල්ගත වීමකදී රුපියල් 100 000ක් දක්වා ආවරණයක් සැලසෙනු ඇත.

පාසල් සිසුවකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් ලක්ෂයක් ලැබෙනු ඇති අතර පාසල් සිසුවකුගේ මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75000ක් ද මෙමගින් ලැබෙනු ඇත.

සිසුවකු පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් ලක්ෂයක් ද අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50000 සිට රුපියල් ලක්ෂය දක්වාද වන්දි ලබාගත හැක.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2 348ක වාර්ෂික වාරිකයට යටත්ව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (8)

පාසල් සිසුන්ට ලක්ෂ දෙකක රක්ෂණාවරණයක්

shantha Thursday, 24 August 2017 02:57 PM

කාලා ඇවිල්ල ළඟ එන ඡන්දෙට අන්ධ වෙලා කතිරේ ගහන්න...

:       775       710

minipe Thursday, 24 August 2017 04:37 PM

තමන්ට කියලා අාදායමක් නැති මේ ළමයින්ට, ලෙඩක් වුණාම රජයේ ඉස්ප්රිතාලවලට යන්න බැරි ඇයි? ආණ්ඩුව රජයේ රෝහල් විශ්වාස නොකරනවා වගේ...

:       392       503

sanjeewa Thursday, 24 August 2017 11:13 PM

මෙතන කොමිස් ඩීල් එකක් යන්නේ. අර කිව්වා වගේ රජයේ ඉස්පිරිතාල නැද්ද?

:       0       0

ලුම්බිණි Friday, 25 August 2017 04:35 AM

මේ ළමයින් සහ රටේ හැම දෙනාම වෙනුවෙන් නොමිලේ රෝහල් පහසු කම දැනටමත් දීල තිබෙනවා නේද? එහෙමත් නැත්නම් මේ මුදල් දෙන්නේ පුද්ගලික රෝහල් ගියෝතින්ද?

:       0       0

Nuwan Friday, 25 August 2017 05:07 AM

ඔව් හැම දේටම බනින්න ඕනේ , හොද උනත් නරක උනත් එක තමයි නියම සිංහල ගතිය

:       0       0

imesh Friday, 25 August 2017 06:46 AM

නිදහස් සෞඛ්‍ය සේවය ළඟදීම නැතිවෙන හැඩයි. අයි.එම්.එෆ්. යෝජනාව වැඩකරනවා...

:       1       0

jayananda Friday, 25 August 2017 02:00 PM

මෙහි සියලු විස්තර නොදනිමි. මුළු පාසල් කාලයටම එකවරක් ලබා දෙන්නක්ද? පළමු පන්තියට ඇතුළත් වන දරුවා 13 වන පන්තිය දක්වා යනතෙක් එක්වරක් පමණක් ලැබෙන දෙයක්ද? වසරකට එකවරක්ද?.....

:       0       0

Ratnamalala Friday, 25 August 2017 06:53 PM

ලැප් ටොප් ටික නම් ලමින්ට ලැබුන. මේකත් ඉක්මනටම කරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31414 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13682 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site