වයස අවුරුදු පහ සිට 19 දක්වා මිලියන 4.5ක් වූ පාසල් සිසුන් සියලු දෙනාට රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ 2017 අයවැය මගින් රුපියල් මිලියන 2700ක් වෙන් කරනු ලැබ තිබේ.
මෙමගින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10 000ක් සහ රෝහල්ගත වීමකදී රුපියල් 100 000ක් දක්වා ආවරණයක් සැලසෙනු ඇත.
පාසල් සිසුවකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් ලක්ෂයක් ලැබෙනු ඇති අතර පාසල් සිසුවකුගේ මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75000ක් ද මෙමගින් ලැබෙනු ඇත.
සිසුවකු පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් ලක්ෂයක් ද අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50000 සිට රුපියල් ලක්ෂය දක්වාද වන්දි ලබාගත හැක.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2 348ක වාර්ෂික වාරිකයට යටත්ව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලා ඇවිල්ල ළඟ එන ඡන්දෙට අන්ධ වෙලා කතිරේ ගහන්න...
තමන්ට කියලා අාදායමක් නැති මේ ළමයින්ට, ලෙඩක් වුණාම රජයේ ඉස්ප්රිතාලවලට යන්න බැරි ඇයි? ආණ්ඩුව රජයේ රෝහල් විශ්වාස නොකරනවා වගේ...
මෙතන කොමිස් ඩීල් එකක් යන්නේ. අර කිව්වා වගේ රජයේ ඉස්පිරිතාල නැද්ද?
මේ ළමයින් සහ රටේ හැම දෙනාම වෙනුවෙන් නොමිලේ රෝහල් පහසු කම දැනටමත් දීල තිබෙනවා නේද? එහෙමත් නැත්නම් මේ මුදල් දෙන්නේ පුද්ගලික රෝහල් ගියෝතින්ද?
ඔව් හැම දේටම බනින්න ඕනේ , හොද උනත් නරක උනත් එක තමයි නියම සිංහල ගතිය
නිදහස් සෞඛ්‍ය සේවය ළඟදීම නැතිවෙන හැඩයි. අයි.එම්.එෆ්. යෝජනාව වැඩකරනවා...
මෙහි සියලු විස්තර නොදනිමි. මුළු පාසල් කාලයටම එකවරක් ලබා දෙන්නක්ද? පළමු පන්තියට ඇතුළත් වන දරුවා 13 වන පන්තිය දක්වා යනතෙක් එක්වරක් පමණක් ලැබෙන දෙයක්ද? වසරකට එකවරක්ද?.....
ලැප් ටොප් ටික නම් ලමින්ට ලැබුන. මේකත් ඉක්මනටම කරේ.