(ඩයනා උදයංගනී)
නව දේශීය ආදායම් බදු පනත මගින් කිසිදු ආගමික ස්ථානයක් සම්බන්ධයෙන් බදු අයකිරීමක් සිදුවන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.
එමෙන්ම සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ද බදු අයකිරීම් පිළිබඳ කිසිදු වෙනසක් සිදුවන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නව දේශීය ආදායම් පනත හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළකැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සුන්ගේ සල්ලි වැඩිපුර තියෙන්නේ ආගමික ස්ථාන වල තමා. ඒක නිසා ඒවාට බදු ගැහුවාට වරදක් නම් පෙනෙන්නේ නැහැ. කන්න බොන්න වුණත් දායකයො දෙනවනේ. අහිංසක මිනිස්සුන්ට තමයි කන්නවත් සල්ලි නැත්තේ....