(අමල් වික්‍රමරත්න)
හබරදුව පොලිස් වසමේ බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයකින් වටිනා කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය සොරකම්කළ කාන්තාවන් තිදෙනක් අල්ලා ගැනීමට එහි සේවක සේවිකාවන්ට හැකි විය.
මෙම කාන්තාවන් තිදෙනාගෙන් දෙදෙනකු සොහොයුරියන් වන අතර මොවුන් පානදුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බව අනාවරණය වී ඇත.
මීට ටික දිනකට ඉහත සිට වෙළදාමට තබා තිබු වටිනා කිරිපිටි ඇතුළු මිල අධික ආහාර ද්‍රව්‍ය අතුරුදන් වීමක් පිළිබඳව බෝගහගොඩ පිහිටි සුපිරි වෙළද සංකීර්ණයේ සිසිටිවී දර්ශන පිරික්සීමේදී සැක කටයුතු අයුරින් හැසිරී ඇති කාන්තාවන් තිදෙනෙක් පිළිබඳව විමසිලිමත් වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේ, ලෝකේ හැමතැනම වෙනවා.
මගේ අම්මෝ මේක තමා ලෝකේ ලොකුම හොරකම. දැන් මේ මිනිස්සුන්ව ජිවිතාන්තේ දක්වා හිරදඬුවම් ලැබේවි. එතකොට මහබැංකුවේ රුපියල් දෙක හොරකම් කල රවී ඇතුළු පිරිසට අපි අවවාද කරලා නිකන් එළියට දාමු. ඒ උන්දැලා රුපියල් දෙක හොරකම් කලේ නැති බැරි කමට නොවේ.
නැති බැරි කමට වෙන්නැති...
දැඩි දඬුවම් දෙන්න ඕනේ.. අවුරුදු 10ඔක් හිරේ දාන්න ඕනේ.. බිලියන ගණන් හොරකම් කරන අයට නිදහසේ ඉන්න දීලා මේවගේ අයව පොලිසිය සහ රජය ඉතා දක්ෂ ලෙස අල්ලනවා.. විලිලැජ්ජාවේ බැහැ..
මහබැංකුව හොරා කාපු අයට ඇමැති ආරක්ෂාව. පුදුම පොලීසියක්?
හොඳ වැඩේ පොඩි පොඩි හොරකම් කරනවට. පොඩි පොඩි හොරකම් කරන අයට මරණ දඬුවම දියයුතුයි. මේ වගේ දුප්පත් අය කරන තුට්ටු දෙකේ හොරකම් නිසා වැදගත් විදිහට මිලියන බිලියන ගණන් හොරකම් කරන අහිංසක මැතිඇමති තුමාලගේ නමත් කැත වෙනවා. ඒ නිසා මේ තුට්ටු දෙකේ හොරුන්ට මරණ දඬුවම දීම වහා ක්‍රියාත්මක කරන්න.
බැදුම්කර මංකොල්ලයත් එක්ක සසඳන කල මෙය අල්පෙනිත්ති තුඩකටත් වඩා අන්වීක්ක්ෂයකින් පමණක් පෙනෙන හොරකමක්.
හොරකමේ දිග පලලින්වත් තරාතිරමෙන්වත් වැඩක් නැහැ.යම් විදිහකින් මෙයත් එකතරා හොරකමක්.නමුත් රටේ නීති පද්ධතිය ක්‍රියාකරන්නේ දෙවිදියකට.මටනම් ගැටලුව එතනයි.