(නාලක සංජීව දහනායක)
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හයදෙනකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමේ යෝජනාවක් ලබන සතියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් අතර පෙරේදා (22) පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ප‍්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, පවිත‍්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම සහ දිලූම් අමුණුගම යන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව මෙසේ විනය පරීක්‍ෂණ පැවැත්වීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.
පක්‍ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම හා පක්‍ෂයේ තීන්දු තීරණ විවේචනය කරමින් මාධ්‍ය හමු පැවැත්වීම හේතුවෙන් මෙම පිරිසට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමැතිවරුන් සාකච්ඡා කිහිපයකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කාබද්ධයට නම් මාර අපල කාලයක්. ඒ ගොල්ලන්ගේ පොදු අපේක්ෂකයත් කලින්ම එළි වුණා.
හැමදාම විනය පරීක්ෂණ... පණ නැති පුද්ගලයින් පක්ෂයෙන් අයින් කරන්න... මහින්ද මහතාට පරීක්ෂණ එපාද?
ඔය නම් තියෙන අයගෙන් අමුණුගම අලුත් කෙනෙක් වුණාට හැසිරෙන්නේ අවුරුදු 50 ක් විතර පළපුරුද්දක් තියෙන කෙනෙක් වගෙයි. අනිත් පුද්ගලයා මාල කඩාගෙන දුවන දුම්රියෙන් පැනපු කෙනෙක්....
පළාත් සභා අනුමැතිය සඳහා යොමු කර තිබූ 20 වන ආණ්ඩු ක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ ඌව පළාත් සභාවේදී පරාජයට පත් විය. අදාල ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්‍ෂව පක්ෂව ඡන්ද 05ක් හා විපක්ෂව ඡන්ද 12ක් ලැබුණු අතර ඒ අනුව වැඩි ඡන්ද 07 කින් පරාජය විය. සියළුම පළාත් සභා සඳහා වූ පළාත් සභා මැතිවරණ එක් දිනයකදී පැවැත්වීමට යෝජනා කරමින් ඉදිරිපත් කර ඇත. මේ හේතුව නිසා පාර්ලිමේන්තුවේදී පනත 2/3න් සම්මත කිරීම අනිවාර්ය වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයකටද යොමු කල හැකිය.
එතකොට අර ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවල, මම තමයි ශ්‍රීලනිපයේ සභාපති, මම තමයි ශ්‍රීලනිපයේ සභාපති කියන මහින්ද රාජපක්ෂ මහතාට විනය පරීක්ෂණ නැත්ද? මේ අභියෝගය සහ අපහාසය කරන්නේ රටේ ජනාධිපති වෙත නේද ?