(රංජන් කස්තුරි)
”මේ තරම් රටේ ජාතික සම්පත් මංකොල්ලකන, විකුණාගෙන කන, ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයේ සිටීම ලජ්ජා සහගත බව මට මගේ හෘද සාක්ෂිය හැමවිටම කිව්වා” යැයි හිටපු අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂව මහතා කොළඹ දී බදාදා (23) පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් අත්සන් කළ හම්බන්තොට වරාය ගිවිසුම හිස් කඩදාසියක් බවත් එහි කිසිදු නීතිමය වටිනාකමක් නැති බවත් රාජපක්ෂ මහතා කීවේය. විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව කොළඹ අලූත්කඩේ අධිකරණ අමාත්‍යාංශයට පැමිණ එහි සේවක සේවිකාවන්ට සමුදීමෙන් අනතුරුව ජනමාධ්‍යයට අදහස් දක්වමිනි.
පණ්ඩුකාභය රජ සමයේ සිට මේ දක්වා මේ රටේ සිදුවූ දැවැන්තම මංකොල්ලය වන බැඳුම්කර මගඩිය වසාගැනීම සඳහා එහි මහ මොළකරුවන් තමාගේ ඇමැති ධුරය බිල්ලට ගත් බවද ඔහු කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
”අපේ රටේ ඉතිහාසය පුරාම අධිකරණ ඇමැතිවරුන්ට තිබුණ චෝදනාවක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවට හා අධිකරණයට බලපෑම් කිරීම. එහෙත් අධිකරණ ඇමැතිවරයා ලෙස මට ආපු චෝදනාව තමයි අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකිරීම. මා මේ රටේ ජනතාවට කිවයුතු මගේ සිද්ධියට සම්බන්ධ ආසන්නතම හේතුන් දෙකක් තිබෙනවා.
ඉන් පළමුවැන්න තමයි හම්බන්තොට වරාය බදුදීම රටේ ආණ්ඩුකරයට ම ව්‍යවස්ථාවට පටහැනියි. අපේ කැබිනට් මණ්ඩලය සාමුහිකව ආණ්ඩුකරයට ම ව්‍යවස්ථාව උල්ලංඝණය කළා. ඒක මම හෙළිදරව් කළාට කැබිනට් සාමුහික වගකීම උල්ලංඝණය කළ බව කියමින් මට චෝදනා කරනවා. ආණ්ඩුකර කැම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යව්සථාව අනුව ආයෝජන කටයුත්තකට හම්බන්තොට වරාය වගේ ගනුදෙනුවකට ඇතුළත්වීමේ දී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුතුයි.
එම යෝජනාව පාර්ලිමේන්තුවේ නොපැමිණ සිටි මන්ත්‍රීවරුන් ද ඇතුළුව තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුයි. ඒක එහෙම වුණේ නැහැ. ඒ නිසා හම්බන්තොට ගිවිසුම කඩදාසි කොළයක් විතරයි. එය බලශුන්‍යයි. කිසිදු නීතිමය වටිනාකමක් එම ලියවිල්ලට නැහැ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට වරායේ මෙහෙයුම් කටයුතුවලට අදාළ ගනුදෙනු කිරීමට බලයක් තිබෙනවා. ඒත් වරායක් පැවරීමට බදුදීමට බලයක් නැහැ. ඒක ආණ්ඩුකරයක ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේක මම හෙළිකළාම මට එරෙහිව කුපිත වූ කණ්ඩායමක් හිටියා.
මා කියන්න ඕනෑ චන්ද්රි්කා ආණ්ඩුවේ වරක් මම ඇමැතිකම බාරගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම මාස පහෙන් දාලා ගියා. අද මම අස්කරපු ඇමැතිවරයෙක්. බැඳුම්කර ගනුදෙනුවේ මහමොළකරුවන් හෙළිදරව් වෙනකොට ෆුට්නෝට් කල්ලියේ ගනුදෙනු එළියට එනවිට බයවෙලා සමහරු කෑ ගහනවා. බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබුණු පසුව හොරුන්ට දුෂිතයින්ට එරෙහිව නඩු දාන්න ඕනෑ. ඒක රටේ ජනතාව බලාපොරොත්තු වෙන දෙයක්. නීතිපති දෙපාර්තමේන්තුව මා යටතේ ස්වාධීන නිසා මේවා වහන්න අමාරුයි. ඒ නිසා මේ අධිකරණ ඇමතිවරයා ඉවත් කරන්න, නීතිපති දෙපාර්තමේන්තුවේ කොන්ද කඩන්න මේ අය තීන්දු කළා.
ඉකුත් 15 වැනි බදාදා නීතිපති තුමා අරලිය ගහ මන්දිරයට කැඳෙව්වා. චණ්ඩි මන්ත්‍රීවරුත් පසුපෙළ මන්ත්‍රීවරුනුත් ගෙනත් නීතිපතිට අපහාස උපහාස කළා. නියෝග දුන්නා තෝරාගත් නඩු තරහකාරයන්ගේ නඩු සති දෙකක් ඇතුළත පැවරිය යුතුයි කියලා. ඒක තමයි දුෂිතයින්ට ආරක්ෂා වෙන්න පුළුවන් හොඳම උපක්‍රමය.
රාජපක්ෂම ආණ්ඩුව කාලේ සිදුවීම් හා සම්බන්ධ නඩු පරුවනමාද කරන බවට මට චෝදනාවක් කරනවා. බැඳුම්කර මගඩිය යට ගහගන්න මාව බිල්ලට දුන්නා. මම මතක් කරන්නම් එදා 2007 කෝප් වාර්තාව හරහා මම මහින්ද රාජපක්ෂල ජනාධිපතිට අභියෝග කරලා එළියට බැහැලා එනකොට ඔය අද කෑකෝ ගහන බොහෝ පිරිසක් හිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ හුරතල් වේවි.
එදා 2002 එජාප ආණ්ඩුව කාලේ රටේ ජාතික සම්පත් වික්කා. ශ්‍රී ලංගමය මිලියන 860 කට වික්කා රවි වෙත්තසිංහට. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බිලියන 125 ක වත්කමක් තිබුණා. ඒක බිලියන 6 කට වික්කා. ඇපලෝ රෝහල රටට අහිමි වුණා. කෝප් වාර්තාව හරහා මේවා හෙළිදරව් කළේ අපි. නඩු පවරලා නැවත රටේ සම්පත් බේරාගත්තා. එදා සත පහක්වත් නැතිව කොළඹ වරායේ අක්කර 8 1/2 ක් දීලා තිබුණා. මා මැදිහත්වෙලා ඒවා ජනතාවට නැවත ලබාදුන්නා. මේ තරම් රටේ සම්පත් විකුණන ආණ්ඩුවක් ගැන ජනතාව තීන්දුවක් ගනීවි.
මගේ දේශපාලන ගමන ගැන මම පසුව කියන්නම්. ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. ඇවන්ගාඞ් සිද්ධිය ගැනත් මට චෝදනා කරනවා. එදා මගේ මතය වැරදියි කිව්වා. හිටපු නීතිපතිවරයා තීන්දු කළේ ඇවන්ගාඞ් එකට එරෙහිව අපරාධ නඩුවක් පවරන්න බැහැ කියලයි. විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිතුමාට දීලා තියෙනවා. ඒකෙ තියෙන්නේ ඇවන්ගාඞ් එකේ නීති විරෝධී කටයුත්තක් වෙලා නැති බවයි.
ඇවන්ගාඞ් ගැන නීතිමය පියවරක් ගන්නේ නම් වර්තමාන ආරක්ෂාක ලේකම්වරයාත් අත්අඩංගුවට ගන්න ඕනෑ. නාවික හමුදාව රතු මුහුදේ තිබෙන පාවෙන ඇවන්ගාඞ් නැවේ තමයි ආයුධ තැන්පත් කරන්නේ. නාවික හමුදාව ඒ නැවේ ආයුධ 500ක් විතර තැන්පත් කර තිබෙනවා” යැයිද විජයදාස රාජපක්ෂද මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කතාව 100% අනුමත කරනවා.
අනේ බොරු කියන්න එපා ...
මේ තරම් රටේ ජාතික සම්පත් මංකොල්ල කන, විකුණාගෙන කන, ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයේ සිටීම ලැජ්ජා සහගත බව මට මගේ හෘද සාක්ෂිය හැමවිටම කිව්වා” හැබැයි ඇමැතිකමින් එලවනකම් යන්න එපා කියලත් හෘද සාක්ෂිය හැමවිටම කිව්වා. අනේ අනේ ..!!!
හෘද සාක්ෂිය මෙච්චර කියද්දීත් ඉවත් කරන්න ඉස්සෙල්ලා නම්බු පිටින් ගෙදර ගියා නම් නේද හොඳ?
ඔය මනුස්සයට ආණ්ඩුවේ ඉන්න කම් ලැජ්ජාවක් හිතුනේ නැද්ද? යැව්වට පස්සේ ලොකු ලොකු කතා කියනවා. දැන් රට ගැන ආදරයක් හිතිලද කොහෙද?
එහෙමනම් ඉතින් රජයට අයවිය යුතු විශාල බදු මුදල, ඇවන් ගාර්ඩ් නඩුව යට ගහපු එකට මඩු වලිගෙන්ම තලන්න ඕනෑ මේ තොත්ත බබාලට....
ඔයාගේ මොකද්ද තියන සම්බන්ධය මේ බැඳුම්කරේට. කොහෙන්හරි ගෑවිලාවත් තියෙනවද? හරි ලොකු මිනිහ කියලනේ හිතාගෙන ඉන්නේ. දැන් තියන සේරම දීලා ආපු තැනකට යන්න. එනකන් තමයි කට්ටිය බලාගෙන ඉන්නේ.
ඔබතුමා ඕවා පෙනී පෙනී මෙච්චර කල් හැඳි ගෑවාද? ඔක්කොම හරියට වැඩ කරනකම් තිබුණනේ අස්වෙලා ඔය දැන් කයන ඒවා රටට කියන්න. ඕවා කොන්ඩේ බැඳපු චීනුන්ට. අපේ රටේ හොරු ඉන්නේ. රටේ මිනිස්සු දුක්විඳිනවා ඔබලා සැප විඳිනවා.
මෙච්චර කල් හිටියේ ඇයි? අකමැති නම් අයින් කරන කම් ඉන්නේ නැතිව යන්න තිබුණා.
”මේ තරම් රටේ ජාතික සම්පත් මංකොල්ල කන, විකුණාගෙන කන, ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයේ සිටීම ලැජ්ජයි' ඒක කියන්න තිබුණේ ඔබතුමා ආණ්ඩුවේ ඉන්න කොට මහත්තයෝ, දැන් නොවේ..
ඔබතුමා අස් කරනකන් ඉන්න ඕන වුනාද? ඔය ඔක්කොම කියන්න.
දින දෙකකට පෙර: "මට ඉල්ලා අස්වෙන්න කිසිම හේතුවක් නැහැ !" අස්කිරීමෙන් පසු : "රටේ සම්පත් විකුණන මේ වගේ කැබිනට්ටුවක ඉන්න එක ලැජ්ජා සහගතයි !"
අැවන්ගාර්ඩ් නඩුවේදීම මෙයාව ගෙදර යවන්න තිබ්බේ. නිශ්ශංක සෙනාධිපති එක්ක ලෝකේ වටේ යද්දී මෙයාට මොනවා දැනුණද දන්නේ නෑ...
ඔන්න බොලේ කොකා ඉගිලුණා... ඔන්න නියමෙටම උගේ සුද පෙන්වනවා .. කොකාව ඉගිල යවන්න මහන්සි වුණු අය කර තිබෙන්නේ රජයට වෙන්න ගිය මහා ව්‍යවසනයක් වළක්වා ලීමක්. ස්තුතියි සියලු දෙනාට...
කරන ලද ප්‍රකාශ වලින් තේරෙන්නේ විරා කෙලින් කතා කරන මහත්මයෙක් විදිහට.... හොඳයි. අැවන්ගර්ඩ් සිද්ධියේදී හිටපු නීතිපති තීරණය කලාලු එ්කට නඩු දාන්න බැහැ කියා !. එදා හිටපු නීතිපතිවරු ගැන කුමන කතාද?. කෙහොමටවත් තමුන්නාසේට තිබුණේ ඔය කිව්ව කතාවම වමාරවල නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න. වුණු දේ ගැන පසුතැවිලි වෙලා ජනපතිගෙන් සමාව ඉල්ලීම ලැජ්ජනැති ක්‍රියාවක් බවයි මගේ හැගීම. ඔබ ඇමතිකමේ ඉන්න තාක්කල් ගෝඨාභය මහතා ට නඩු පවරන්නේ නැතැයි කියපු කතාවම ඇති... ඔබව ඇමති කමෙන් පලවා හරින්න. මට එක දෙයයි කියන්න තියෙන්නේ .'නරියෙක් කිව්වලු මිදි තිත්තයි කියලා '!
හොඳයි.... එහෙනම් නඩු යට ගැහුවේ ඇයි?
අපායට ගියත් කලින් යන්න කියලා කියමනක් තියනවනේ.. එලවන්න ඉස්සෙල්ලා කලින් එළියට බැහැලා ඔය ටික කිව්වා නම් ටිකක් හරි පිළිගන්න තිබ්බා..
දෙකට නැවෙන්නේ නැතුව එළියට ගියා නම් ඔය කියන දේවල් විශ්වාස කරන්න තිබ්බා. එ්ත් දැන් පයින් ගහලා එළියට දැම්මට පස්සේ හිතේ දුකට කියන ඒවා එච්චර ගණන් ගන්න දෙයක් නැති බව තමයි මට නම් හිතෙන්නේ. අනික ඔබට ජනතාව ගැන කියන්න තියෙන අයිතිය මොකක්ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔබතුමා පැරෂුට් මන්ත්‍රී කෙනෙක්නේ.
ඒ නිසා වෙන්නැති අස්කරන කම් එල්ලිලා හිටියේ. ඕව අහන අයත් ඉන්න නිසානේ ඔය වගේ කියවන්නේ. ඔය චරිතය නම් කවදාවත් කාටවත් විශ්වාස කරන්න බැරි එකක්. ඒ නිසානේ අඟේ ඉඳන් කන කෑවේ. අධිකරණ ඉතිහාසෙටම කැළලක් එක්කරපු ඇමතිවරයෙක් ලෙස මොහු ඉතිහාස ගතවෙනවා. දැන් ඉතින් ඔය මොනව මොනව හරි කියව කියව ඉන්නයි තියෙන්නේ. අැවන්ට්ගාඩ් සිද්ධිය හරියට නීතිය හමුවට ගෙන ආවොත්, මොහුත් සිරගතවෙන්න බැරි නැහැ.
අස්කරනකම් දන්නෙවත් නැතුව ඇති... ලැජ්ජා සහගතයි..
ඔය ටික කියන්න ඇයි මහත්තයෝ දොට්ට දානකන් හිටියේ.
මහත්තයෝ, එතකොට මාගම්පුර වරාය කළමනාකරණ සමාගම කාගේද? නිකන් කොලේ වහල කතා කරන්න එපා මහත්තයෝ. මේක කලින් තිබුනේ කාටද? තිබුණේ සහ අන්න ඒ කොටස තමයි දැනට රජයට අරන් තියෙන්නේ....
ඇවන්ගාඩ් එකක් නිසා රටම බිලිදුන්නා ...
මෙතුමා ඇවන්ගාඩ් නිර්දෝෂ කරන්න යනවා වගේම යහපාලනයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම බැඳුම්කර වංචාව නිර්දෝෂ කිරීමට උත්සාහ කරනු ඇත. මේ අතර ඒකාබද්ධ විපක්ෂය රාජපක්ෂ පාලනය නිර්දෝෂ කිරීමේ උත්සාහයක යෙදෙන බවකි අපට පෙනෙන්නට ඇත්තේ. මෙතුමාගේ අවංකකම අපට තේරුම් ගත හැකිවන්නේ ඊළගට මෙතුමා සුරතල්වීම සඳහා තෝරා ගන්නා ඔඩොක්කුව අනුවය. මේ අනුව පවතින දේශපාලන තත්ත්වය හොරු කණ්ඩායම් අතර බල අරගලයක් බව ජනතාව තේරුම් ගත යුතුය. කෙලින්ම කියනවා නම්, එකිනෙකාගේ වංචාවල ප්‍රමාණ අතර සටනක් මිස කවුරුත් එකමුතු වී රටේ අවශ්‍යතාවය ඉටුකිරීමේ සටනක නොමැතිවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි.
දින දෙකකට පෙර "මට ඉල්ලා අස්වෙන්න කිසිම හේතුවක් නැහැ!" අස්කිරීමෙන් පසු "රටේ සම්පත් විකුණන මේ වගේ කැබිනට්ටුවක ඉන්න එක ලැජ්ජාසහගතයි !"
මේ මොන පුද්ගලයෙක්ද බිල්ලට දෙන්න? මහින්ද මහතාගේ බිල්ල වෙලා ඉන්නේ මෙතුමායි හැමදාමත්...
පොර්ට් සිටි එක චීනයට විකුණන කොට ඔබතුමා කොහෙද හිටියේ? මේ ආණ්ඩුවේ තමයි එය 99 අවුරුදු ගිවිසුමකට හැරවූයේ...
ඇත්ත ඇති සැටියෙන් පැවසිය යුතුයි... රටකට ගිය කලක්...
අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව තමයි මතක් වෙලා තියෙන්නේ... හම්බන්තොට වරාය ගිවිසුම හිස් කඩදාසියක් බවත්, කැබිනට් මණ්ඩලයේ සිටීම ලජ්ජා සහගත බවත්,...අනේ ඉතින් කලින් ඕවා දන්නවා නම් අර ඉල්ලා අස්වෙන්න කියපු වෙලේවත් ඉල්ලා අස්වෙන්න තිබුණානේ...
විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉවත් කළාට ජනතාව ඔහුව සාදරයෙන් පිළිගන්නවා. සැබවින්ම ඔහු අපේ රටට ඕන චරිතයක්.. දැන් ආණ්ඩුවේ ඉන්න හොරු සෙට් එකේ ප්‍රෙෂර් වැඩිවෙලා හාර්ට් ඇටෑක් හැදෙනවා. අපේ ටොමියත් මේ දවස්වල ගොඩක් බුරනවා ලොකු පීඩනයකින් වගේ...
ජනතාව මින් පස්සේවත් බුද්ධිමත්ව ඉදිරි මැතිවරණවලදී කටයුතු කළ යුතු බවයි මගෙ අදහස. දෙපැත්තේම ඉන්නේ රටට හෙණ ගහලා ගියත් මගේ මඩිය, මගේ මිතුරෝ කියලා තර වෙන කපටි රැළක්...
අවුරුදු 2 1/2 ක් කළේ ඕකද? ඇවන්ඩ් ගාඩ් මොනවද වුණේ?
රටේ සියලුම ජනතාවට සිදු වූ දේ පැහැදිලියි. මේ රජයට ඕනේ කරන්නේ ජනතාවගේ මුදල් මංකොල්ල කන්න මිසක් රටට වැඩක් කරන්න නෙමෙයි. මේ අවුරුදු 2 ට ණයට ගත්තු මුදල් කන්දරාවෙන්ම එ්ක පෙනෙනවා. ඒ මුදල් වලින් කරපු කිසිම වැඩක් නැහැ... යම්කිසි ණයවාරික කොටසක් ඇරුණුකොට. බලයට පත් වුණු සෑම රජයකටම කලින් ගෙන්වපු ණයවාරික ගෙවන්න සිදු වුණා. එ්ක මේ රජයට විතරක් අමුතු දෙයක් නෙමෙයි. ඔබතුමා අමති ධුරයේ දිගටම සිටියා නම් මේ රජයේ අකටයුතු කම් යම් තරමකට පාලනය වෙන්න ඉඩ තිබුණා. තවම මහබැංකු හොරකමේ මහමොලකරුවන් නිදැල්ලේ...
රට පිරිසිදු කරන්න මේක හොඳම අවස්ථාව. මෙයාව දැන් එළියට දැම්මට පසුවනේ මෙහෙම කියන්නේ. මෙයා අවංකනම්, මහබැංකු වංචාව ගැන එදාම කට අරින්න තිබුණා. තවද තමන් අධිකරණ ඇමැති ධුරයේ ඉන්නකල් ගොඨාභය අත් අඩංගුවට ගන්න දෙන්න නැහැ කියලා පාර්ලිමේන්තුවේ කතා කළා. හැමදාම රටත්, ජනතාවත් රවටන්න බැහැ. සත්‍ය කවදා හරි එළියට එනවා. නමුත් මේක හොඳ අවස්ථාවක්... මෙයා දන්නා දේවල් දැන් එළියට දාන්න.
”මේ තරම් රටේ ජාතික සම්පත් මංකොල්ලකන, විකුණාගෙන කන, ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයේ සිටීම ලජ්ජා සහගත බව මට මගේ හෘද සාක්ෂිය හැමවිටම කිව්වා” එහෙම නම් කලින්ම ඉල්ලාල අස්වෙන්න එපැයෑ. අස්කරනකම්ම ඇමතිකමේ එල්ලිලා ඉඳලා අස්කළාට පස්සේ ජාතිය ගලවගන්න කතා කරනවා.
ඔබ කතා කරන තරම් ක්‍රියාවෙනුත් එඩිතර අයෙක් වී නම් ඔබට ඔය කලදසාව යන්නේ නැහැ. හම්බන්තොට වරාය ආපසු අරගෙන මිස පස්ස බලන්නේ නැහැ කිව්ව පුද්ගලයා තමාගේ පක්ෂයේ කැරලිකාර කණ්ඩායමේ තර්ජන ඉදිරියේ පසු බාමින් කියා සිටියේ තමන් එවැනි දෙයක් නොකී බවයි. තමන් එසේ කීවා කියා තමන්ගේ පක්ෂයේ අය තමන්ට අනුකම්පා කලාද? තමන්ට වඩා බලවත් පිරිසකට අභියෝග කරන්න කලින් තමන්ට සහය විය හැකි බලවත් පිරිසක් හදා ගෙන ඒ පියවර නොගෙන ඔහේ කටට ආ දෙයක් කියා අද උන් හිටි තැන් අහිමි කර ගත්තා. ඇත්තෙන්ම අපට ඔබ ගැන කණගාටුයි.
බැඳුම්කර හොරු අල්ලා ඉතුරු හොරුත් අල්ලමු.
එසේ නම් අපි කොහොමද තවමත් දකින්නේ මහරගම නගර මධ්‍යයේ විශාල දැන්වීම් පුවරුවක් ඔබතුමා ගහලා තියෙන්නේ? එකේ ලියලා තියෙනවානේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කල නායකතුමාට ප්‍රණාමය කියලා...
මම නම් හිතන්නේ විජේදාස රාජපක්ෂ මහත්තයට කලින් ඉවත් කරන්න ගොඩක් දෙනෙක් මේ ආණ්ඩුවේ ඉන්නවා කියලයි. මේක තනිකරම දේශපාලන ගේම් එකක්. රනිල් වික්‍රමසිංහගේ ගේම් වලට එකඟ නොවන කාටත් වෙන්නේ මේ ටික තමයි. 2020 වෙනකන් මේ ආණ්ඩුව මේ විදියට ගියොත් රටට ලොකු විපතක් වෙලා තමයි නවතින්නේ.
ඇවන්ඩ් ගාඩ් කොහොමද අමතක කරන්නේ? හිතේ වේදනාවට කියනදේ තමයි...
ඇවන් ගාඩ් මුර කරන එක දිගටම කරන්න. අතේ මුදල් නැත්නම් ඉතින් බෝතල් පත්තර මල්ලිලාව ෂේප් කරගෙනත් හමාරයි.
පසුගිය කාලේ නොකර සද්ද දැන් මොකෝ කට අරින්නේ... වටිනා වාහන, සියලුම පහසුකම් ජනතාව රවටා පිනට ලබාගෙන මෙතුවක් කල් නොකළ කතා දැන් වමාරන හැටි බලන කොටත් හිරිකිතයි.
එතකොට අැවන්ගාර්ඩ් යට ගැහුවේ මං යකාද?
මේ ආකාරයට ජාතික සම්පත් සියල්ල විකුණාගෙන යන කැබිනට් මණ්ඩලයක් තුල සිටීම තරම් ලැජ්ජා සහගත තවත් කාරණයක් නෑ. "මං ඇමති ධුර දෙකින්ම අයින් වුනේ නෑ. අයින් කළා" ලැජ්ජාවක් නැති එකිනෙකට නොගැලපෙන ප්‍රකාශ දෙකක් එකම කතාවේ... ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා නොවේ. ඇමැතිකමටත් වඩා ලොකුයි.
විජේදාස මහතාණනි, ඔබව ඇමතිකමෙන් අයින් කළාට ජනතාව ඔබව අයින් කරලා නැහැ. ඒක දන්නා නිසා තමයි ටොමියා බුරන්නේ. ටොමිය බුරන බිරිල්ලට හාට් ඇටෑක් හැදෙන ඒක සිකුරුයි.
මේ කියන්නේ පට්ට පල් බොරුවක්නේ. රට පිළිගත්ත පුද්ගලයෙක් මෙවැනි කතා කියන්නේ රට තුළ වෙනත් මතයක් ගොඩනගන්න. ඔබ බැඳුම්කර මගඩියට කොහොමත් අදාළ නෑ. ඒවා කරපු අය රටට හෙළිදරව් වෙලා ඉවරයි. කොහොමත් එදා ඉඳන්ම කලේ ගොටු අල්ලපු එක විතරයි. මේ පාරත් වුණේ මත්තල ගැන කටමැද දොඩවන්න ගිහින් දොට්ට දැම්ම එක විතරයි..
වින්සන්ට් කියන දේ පමණක් වැදගත් යයි හැඟේ..
අධිකරණයට ස්වාධීනව ඉන්න ඉඩ දුන්නා කියන්නේ නඩු යට ගහන එකටද? හොරු හොරු කියලා බලයට ඇවිල්ලා බබාලා වගේ ඉන්නවා දෙගොල්ලොම! අන්තිමට හොරුත් නැහැ නඩුත් නැහැ !
සරත් ෆොන්සේකා මහතාට වෙල් විදානේ කියල කිව්ව කෙනා නේද මේ
ඇත්ත කියන ලොයර්ල තාම ඉපදිලා නෙහ. ඉපදෙන්නෙත් නැහැ.