(රංජන් කස්තුරි)
විශ්වාස භංග එකක් නොව 10ක් ගෙනාවද දූෂිතයන්ට මීනිමරුවන්ට එරෙහි සටන තමා අත් නොහරින්නේ යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (24) විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.
“කිසිදු පදනමක් නැති අරහෙන් මෙහෙන් අහුලාගත් චෝදනා කිහිපයක් එක්කර ඒකාබද්ධ විපක්ෂය බංකොළොත් විශ්වාස භංග යෝජනාවක් කාතානායකවරයාට බාරදී තියෙනවා.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නොදැනුවත්කම නිසා මේ වගේ බංකොළොත් විශ්වාස භංගයක් ගෙනත් තියෙනවා.මේ විශ්වාස භංගය මම ජයගන්නවා.අන්තිමට මගේ විශ්වාසය තහවුරු වේවි.“යැයි ඒ මහතා පවසයි.
(ඡායාරූපය-ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා ඔය ස්ථානය තියෙන්නේ කතාකරන්න නොවෙයි.
මේ උන්දැ වගේ " තව භාගයක් " අප මව්බිමේ සිටියා නම් අපගේ මව්බිම දිව්යලෝකෙටත් වඩා දියුණුවෙලා මේ වනවිටත්. ටිකක් අප සියලුදෙනාම සිතා බලමු මේ උන්නැහේ කතා කරන විටත් බොහොම නිවී සැනසිල්ලේ "බොහොම ශීලාචාරව" මුළු ලෝකේම දැන උගත් හාදයෙක් නොවැ...
මොන සටනද? නැව් සටන සහ සයිටම් සටනද?
වරක් දූෂණ නිසා තම මන්ත්‍රී පදවිය නැතිකරගත්, ධීවර වරායන් නැව් පිටින් ගිලපු... ප්‍රා. කල්ලි හදපු අය කොහොමද දූෂිතයන්ට මීනිමරුවන්ට එරෙහි සටන් කරන්නේ කියන එක ප්‍රශ්නයක්...
විශ්වාසභංග 10ක් ගෙනාවත් හොරා කෑම අත්හරින්න බැහැ තමයි. මලපෙර්තයෝ වගේ වෙලානේ...
රටේ බුද්ධිමත් ජනතාව සිටින්නේ ඔබතුමා සමගයි. මාෆියා කල්ලිය විසින් මහා පාරට බස්සවපු සිව්පා රැළ හූ කියමින් උඩු බිරුවට කඳු කඩා වට්ටවන්න බැහැ. මහපාරේ රිලා නැටුම් නටන රිළවුන්ට නටන්න ඉඩ දීලා මේ රටේ යුක්තිගරුක, නීති ගරුක ජනතාව වෙනුවෙන් ඔබතුමාගේ කාර්යය ඉටු කරන්න.
සමහරු රාජිත මහත්තයව දැක්කම භූමිතෙල් ගෑවුණා වගේ දඟලනවා. ඒ ඉතින් ගැරඬි නිසානේ නේද?
රාජිතව වට්ටන්න බැහැ ඕවා කරලා, රාජිත දේශපාලනයෙන් හම්බකළේ නැහැ කියලා හැමෝම දන්නවා. වංචා, දූෂණ නැති අවංක දේශපාලකයෙක්...
මෛත්‍රිපාල මහතාත් එක්ක තමයි මෙතුමා මේවා කරන්නේ.. රාජිත මහත්තයෝ තමනුත් ගිය ආණ්ඩුවේ වැඩ වලට වග කියන්න ඕනේ... කැබිනට් එකේ හිටියනේ... සත පහකට විශ්වාස කරන්න බැරි අඟේ ඉඳන් කන කනවා වගේ. මහින්ද මහත්තයා නැත්තම් මේ රට කෑලිවලට කාලා මෙලහකටත්... තමුන් මොනවද ජාතියට කලේ කියන්න... කට මත දෙඩවීම පමණි. සෞඛ්‍ය සේවය හොඳ නම් මොකද ජාතික ධනය කෝටි ගණන් අරගෙන සිංගප්පූරු යන්නේ බෙහෙත් ගන්න. ඕක දිනුවා කියලා තමුන් නිර්දොෂී වෙන්නේ නැහැ.. හරිද? අනේ ආණ්ඩු පක්ෂයේ මහත්වරුනේ මෙයාට විරුද්ධව ඡන්දේ දීලා පරාද කරන්න.
ජාති, පක්ෂ, ආගම් භේදයකින් තොරව මොහු ලංකාවේ දේශපාලනයෙන් වෙන් කළ යුතුයි.
විශ්වාශ බංග 10ක් ගෙනාවත් සටන අතහරින්නේ නැහැල්ලු.ඒවගේම කවුරු මොනවා කීවත් හොරා කෑම අතහරින්නෙත් නැහැ නේද?සමහර වෙලාවට හිතෙනවා මෙය කතාකරන්නේ මුඛයෙන්ද ....මුඛයෙන්ද කියල.
ඔබේ කොතරම් අඩුපාඩු තිබුණත්, මේ රට කාපු නීල කාස තැනව යවන්න ඔබ දුන් සහය අපට අමතක කරන්න බෑ. ඔබ ගෙනයන සයිටම් සටන මේ රටේ මිනිසුන් අගය කරනවා.
පාර්ලිමේන්තුවට කුණු අවුස්සනවට වැඩි වෙලාවක් නැත. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වෙලාවක් නැත. ජනාධිපතිතුමා අවංක නම්, රජිත වැරදී කරලා නෑ කියනවා නම්.... අටේ බහුතරය රාජිත හොරෙක් කියනවා නම්... කිසිම දෙයකට බය නොවී අදම ජනාධිපති කොමිසමක් දමන්න රාජිත ඔය කියන වැරදි 11 ගැනම හොයන්න. ජනධිපතිගේ අවංකකම එතකොට අපි තහවුරු කරගන්නවා. නැතිනම් රාජිත කරන්නේ මෛත්රිගේ අණට කරන වැඩකරන ලෙස ජනතාව තහවුරු කරගනීවි. ගෙදරින් බතක් ගෙනැල්ලා කෑවට අවංකකම එ්කෙන් මනින්න බැහැ. පළමු උත්සවයට රු 7000... නමුත් දැන් කෝටි ගණන් උත්සව වලට වියදම් කරනවා. ජනතා නියෝජිතයෝ කෝටි ගණන් සල්ලි පිල්ලි ගහනවා. රට අනාගතේ පරපුරට නැති කරනවා. මේකද අපි බලාපොරොත්තු වූ යහපාලනය...
අපි ඉන්නෙත් ඔතන තමා. සියලුම දූෂිතයින්ට ඉක්මණින් දඬුවම් දිය යුතුයි.
සෙනෙවිවරු හැදුවේ ඇහැලියගොඩවරුයි. හැබැයි එ්ක කළ යුතුව තිබූ වැඩක්.
කවුරු දැඟලුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට අවශ්‍යයි. එ්ක නිසා රාජිත හරි. ඕන කෙනෙක් රට හැර ගියාවේ. හොරුන්ට දඬුවම් ඕනෑ.
ගල්කටස් තියා ගත්තු හිටපු ඇමතිලා හම්බකර ගත් හැටි සෙවිය යුතුයි. විදේශ ගමන් බල පත්‍ර 2 යි. මේවාට මොනවා කියන්නද? දඬුවම් නොදිය යුත්තේ ඇයි? බොන්නේ ඇල්වතුරත් නිමලා.. මිනිස්සුනේ සල්ලි වංචා කරලද?
රාජිත ඇමතිතුමා ඖෂද මිල අඩුකලා. අපවැනි අදායම් අධු අයට ලොකු සහනයක්.
තඹ සත පහක් සොරා නොගත් අහිංසකයන් විසින් අත්සන් කර ඇති විස්වාසභංගය.
මෙයා හොර කාල අහු වෙලත් වැඩේ නතර කරලා නැහැනේ. මේ රටේ ඕනෑම හොරෙකුට ඇමති වෙලා ඉන්න පුළුවන්. ඉතින් මොකෝ.
ගරු අමතිතුමනි අප ඔබ සමගයි...!!
මෙතන සමහර අයගේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා තව රටේ කොච්චර ඉන්නවද මේ වගේ අවලම් දේශපාලුවන්ට කඩේ යන කියාලා. රටේ සෞක්‍ය සේවය අද තියන තත්වේ දන්නේ නැති මිනිස්සු වෙන්න ඕනේ එවන් අදහස් දක්ක්වන්නේ. බහුතර ජනතාව රාජිත වගේ හොරුන්ට උත්තර දෙයි මීලග චන්දෙදි. මේ හොර රාජිත හොදයි කියන අය කියන්නකෝ බලන්න අය මෙයාට තියන දුෂණ පරීක්ෂණ මගඅරින්නේ කියාලා. ජනාධිපති අරමුදෙලෙන් ලක්ෂ 100 අරන් සිංගප්පුරුවේ ගියේ ඇයි. කරුණාකර මේවගේ් දේශපාලුවන්ට කඩේ යන්න එපා බහුතරයක් මිනිස්සු දුක් විදිනවා මේ වගේ පවු කාර දේශපාලුවෝ නිසා. ඩෙංගු වලට විසදුමක් දෙන්න බෑ කොහෙද මෙයා ඉන්නේ එතකොට. විශ්වාසබංග වලින් මේ හොරාව නවත්වන්න බැරි වෙයි මොකද තව හොරු ඉන්නවනේ මෙයාගේ පැත්තට හොරා කන සගයෝ. මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස්කරන්න පුළුවන් නායකයෙක් කවද එයි ද? ඒ වෙනුවෙන් වැඩ කරන්න
රාජිතලා නොහිටින්න මහරජාලා ඇතුළු අයියලා, මල්ලිලා, පුතාලා තවමත් එහෙනම් මහදවල් මේ රටේ සම්පත් හොරාකනවා. සොබිත හාමුදුරුවෝ ඇතුළු රාජිතලා, චම්පිකලා කොච්චර කිව්වද මේ යන වැරදි ගමන අත්හැරලා ව්‍යවස්ථාව වෙනස්කරලා අපහු හැරෙමු කියලා. රාජිතලා යන ගමනට ජයෙන් ජය!!!
අතහැරල කොහොමද. තව හොරා කන්න එපැයි. තාම ගත්තෙ නැව් 8 යිනේ. තව නැව් ටිකක් ගන්න එපැයි. ඒක මේ රටේ ඉන්න මෝඩයන්ට තේරෙන්නේ නැද්ද මන්ද හිටන්.
රාජිත මහතා හොරකම් කළේ නැහැ කියා ඔප්පු වෙන්නේ පෙරේදා අනුරගේ කතාවෙන්මයි.. ඔහුට හොරා කාපු සල්ලි තිබුණා නම් සැත්කමට වියදම් කරන්න ආණ්ඩුවෙන් ඉල්ලන්නේ නෑනේ. සල්ලි තියෙන්න එපායැ.. අනුරගේ කතාවෙන් එයා ඔප්පු කෙළේ එය ශීලාචාර පක්ෂ නායකයෙන් නොවන බවයි. එයා කියපු කිසිම චෝදනාවකට අදාල සාක්කි කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ.
තොත්ත බබා හොරකම් කරලනේ නැව් ගත්තේ...
ඔන්න පාර්ලිමේන්තුවේ ඉන්න අනෙත් අයට චාන්ස් එකක් ඇවිල්ලා ගාණක් හම්බ කරගන්න. දැන් මෙයා මේක යට ගහගන්න ඕකේ ඉන්න හැම කෙනාටම රුපියල් කෝටිය ගානේ වත් ගෙවයි මේක ගොඩදාගන්න.
නෝනගේ ලැයිස්තුවලට දීපු පත්වීම් ගැන ඔන්න දැන් කෝප් එකෙත් කතාවෙනවා. කැරැට්ටුව ගැන නම් අපි සතුටු නැහැ. හැබැයි, දොස්තර මාෆියාවට එරෙහිව කෙලින් ඉන්න එක ගැන වගේම පුද්ගලික රෝහල් හා රසායනාගාර ගාස්තු ගාස්තු පාලනයට පියවර ගැනීම ගැන නම් මම ගෞරවය පුද කරනවා. අනික, ඒකාබද්ධයෙන් මොනවද මේ දාලා තියෙන චෝදනා? පොඩි ළමයෙක්ද ඒවා හැදුවේ.? බරපතල දේවල් තියෙද්දී ඒ කිසිම දෙයක් ඇතුළත් වෙලා නැහැනේ.
චීන වෙස්මුහුණක වියරු හිනාවක් වැනි කුහක සිනාවකින් තමුන් කරපු වැරදි යට ගහන්න බෑ. විනිශ්චය භාර ගැනීමට සුදානම්ව සිටින්න.