( තිළිණි ද සිල්වා )
රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා තිලංග සුමතිපාල මහතා විසින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව පවරනු ලැබ තිබූ අපහාස නඩුව නුගේගොඩ දිසා අධිකරණයේ අද(24) නිෂ්ප්‍රභා කළේය.
2003 වසරේ මැයි 21 වැනි දා සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අර්ජුන රණතුංග මහතා තමන්ට අපහාස කළ බවට චෝදනා කරමින් තිලංග සුමතිපාල මහතා විසින් මෙම නඩුව 2005 වසරේ මාර්තු 03 වැනි දා ගොණු කර තිබිණි.
තිලංග සුමතිපාල මහතා දූෂිත චංචා සහිත පුද්ගලයකු බවත් එවැනි දූෂිත වංචා සහගත පුද්ගලයකු සමඟ මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තමන් එක් නොවන බවට පවසමින් කළැයි කියන ප්‍රකාශවලින් තම කීර්ති නාමයට අපහාස වූ බව ඒ මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
ඉන් සිදු වූ හානියට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසට සුමතිපාල මහතා ඉල්ලා තිබිණි.
මේ පැමිණිල්ල සම්බන්ධ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙලෙස නිෂ්ප්‍රභා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු යන්නෝ වැනසෙන්නෝ...
හොඳ සාධාරණ තීන්දුවක් , බුකි කරය කවුද කියල රටේම මිනිස්සු දන්නා එකේ අධිකරණය නොදැන ඉන්න බැහැ, කරුණාකර අපේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ නොකර වෙන වැඩක් බලාගන්න , නැත්නම් ජනතාව ඔබට ගල් ගසා එලවන දිනය වැඩි ඈතක නොවේ . දැන් ජනතාවගේ රතු කට්ට පැනල ඉන්නේ
මේකෙන් අපි තේරුම් ගන්න ඔනෑ, මේ මහතා දූෂිත චංචා සහිත පුද්ගලයකු බවද? ඒ ප්‍රකාශයෙන් එතුමාගේ කීර්ති නාමයට අපහාස නොවූ බව ද? වෙනත් කරුණක් ද?