(සනත් ගමගේ)
හම්බන්තොට බදගිරිය වැවේ ප්‍රධාන සොරොව්වේ ඉබි යතුරු කඩා වැවේ ජලය බදාදා (23) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් සොරකම් කරනු ලැබ ඇතැයි හම්බන්තොට ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු එච්.ආර්.ඩබ්.ජේ පේමතුංග මහතා පවසයි.
පවතින දැඩි නියඟය හේතුවෙන් වැවේ අඩි හතරක පමණ ජල මට්ටමක් රඳවාගෙන පානීය ජල අව්‍යශතාවට හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට වෙන් කර වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් සිටි බවද ඒ මහතා පැවසීය.
එවන් අවස්ථාවක අනවසර වගාකරුවන් විසින් මෙලෙස කරන්නට ඇතැයි ඒ මහතා කියයි.
ඒ මහතා මේ බව පැවසූවේ අද (24) පැවති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
ප්‍රධාන සොරොව්වේ දොර අඟල් දෙකක් පමණ විවෘත කර වැවේ ජල ධාරිතාවයෙන් අඟල් දෙකක් සොරකම් කිරීම නිසා බරපතල ගැටළුවකට මුහුණ පා සිටින බව ද පේමතුංග මහතා අවධාරණය කළේය.
වැවේ සොරොව්වේ සිට ජලය ගෙන යන කෝන් ආර සහ කෑලිය වැලැන යන කුඩා වැව් ආශ්‍රිතව අනවසර වගාකරුවන් සිටින හෙයින් එම ප්‍රදේශවල වගාවන් සඳහා ජලය හරවා ඇත්දැයි සොයාබලන බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් තව අවුරුදු 5කින්, 10කින්.. මිනිස්සු හොරකන් කරන්නේ සල්ලි නෙමෙයි වතුර... මේවා මේ පාර නිමිති විතරයි.
මෙන්න ජාතික අපරාධ, ජාතික හොරු අල්ලන්න ගොඩාක් අමාරුවෙයි. මොකද බඩවියත රැක ගන්න දරුපවුල ආරක්ෂා කරගැනීමට නේ කරලා තියෙන්නේ. ඉක්මනින් නඩු අහල හිරේ දායි. ඔන්න බලා ගන්න රටේ නීති අකුරට කරන හැටි. කට්ටිය ගෙ කටවල් වැහෙයි.