(ඉන්දිකා රාමනායක/ ඡායාරූප - ශාන්ත රත්නායක)
නාවික හමුදා නිල ඇඳුම හොරකම් කිරීමට, මිනීමැරීමට හෝ වැරැදි කිරීමට අවසර දීමක් නොවන බවත් යුද වීරයෙක් වුවද නාවික හමුදාව තුළ වැරදිකර තිබෙනවා නම් එවන් පුද්ගලයකුට කිසිදු සමාවක් නොලැබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද(23) පැවසීය.
රණවිරුවකුට මීනිමරුවෙක් වීමට නොහැකි බවත්, මීනිමරුවකුට රණවිරුවෙක් වීමට නොහැකි බවටත් තමන් විශ්වාස කරන බවත් නාවික හමුදාවේ කිසිවකු වැරදි කර ඇති බවට සනාථ වුවහොත් කිසිදු සමාවක් නොලැබෙන බවත් නාවික හමුදාපතිවරයා කීය.
නාවික හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද නාවික හමුදා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාපතිවරයා වශයෙන් වැඩ බාරගැනීමෙන් පසු පැවැත් වු ප්‍රථම මාධ්‍ය හමුව මෙය විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියා රාජ්‍ය නායකයා වූ වාසිය දඩමීමා කරගෙන අවශ්‍ය හමුදා පුහුණුවීම් නොසපුරා පුතා නාවික නිලධාරි තනතුරක් ලබමින් නාවික නීති සම්පුර්ණයෙන් උල්ලංඝනය කළා.. හමුදාවක පැවත්මට එම ක්‍රියා ඉතාමත් අහිතකරයි. ඒවා නැවත නොවීමට ඔබතුමා කටයුතු කරනු ඇතැයි අපගේ විශ්වාසයයි.
කතා කරනවද? කතා කරවනවද?
මේ නාවික හමුදාපති වරයාට අඩුම වසයෙන් සිංහල මාද්‍යයෙන් ප්‍රචාරය වන මද්ද්‍යා සාකච්චාවකදිවත් සිංහලෙන් කතා කල නොහැකිද?
අපේ ගොඩක් මිනිස්සුන්ට නොතේරෙන දෙයක් ඕක. ඉහල ඉදලම කරන්නේ තමන්ගේ තනතුරෙන් ආරක්ෂා වෙලා වැරදි කරන එක. හෙළි උනාම තනතුරේ තියන ගරුත්වය නැති වෙන්නේ.
අන්න හරි... ගෝටා නිල ඇදුම, දේශපාලන ඇදුමක් බවට පත් කළා....
ඔබ හරියටම හරි. 100% එකඟ වෙමි. මෙය අද බොහෝ දෙනෙකුට නොතේරෙන හෝ තේරුම්ගැනීමට අකමැති නමුත් ඉතා සරල දෙයකි. වීරයකුගේ හෝ ජාති මාමයකුගේ චරිතය රඟපා මෙම සත්‍යය යටපත් කල නොහැක. ඔබට අපේ සුබපැතුම්!
ආපු ගමන්ම නේවි එකට කෙලවෙන්න පටන් අරන් ඉවරයි. වැඩ බාරගත්ත පලමු දවසෙම අවුරුදු ගාණක් දැම්ම තොප්පිය අයින් කරලා බෙරට් කියන එක දාන්න නියෝග දීලා. නමුත් අවුරුදු ගාණකින් ඔය කැප් දීලා නෑ කියලා කොල්ලො බනිනවා.... සල්ලී දීලා ගන්න වෙන්නෙ කියලා. තව ඉස්සරහට මොනව කරයිද දන්නෙ නෑ..
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කොට, ඉන් ඉවත්ව ඇමරිකා තානාපති කාර්යාලයේ සේවය කොට නැවතත් නාවික හමුදාවට බැඳී, නාවික හමුදාපති වී, රට වෙනුවෙන් සටන් වැදීමට වරම්ලද, ඔබ නම් සැබෑ වාසනාවන්තයෙකි.
මට දැන් තේරුණා ඔබතුමාලගේ තියරි එක... එතකොට ටී ෂර්ට් එකක් සහ කොට කලිසමක් ඇඳලා මාධ්‍ය වේදීන්ට පහර දුන්න නිලධාරියට සේවා දිගුවක් ලැබුණා. එතකොට ඔහු හිටියේ නිල ඇඳුම් ඇඳලා තරු පටි ගහගෙන නෙවෙයිනේ... නිකම්ම කොට කලිසමක් අඳලානේ, කවුරුත් කියනකොට ඔහොම තමා නමුත් කෙරුවාව වෙනත් විදිහකට තමයි වෙන්නේ..
බොහොමයක් දේවල් වලට හැංගිලා අණ දුන්න කෙනා නම් හමුදා නිල ඇඳුම් ඇන්දේ නැහැ. ටයි එක දාගෙනයි හිටියේ.
ඩි සිල්වා, මොනවද දන්නේ? ළිඳේ ඉන්න ගෙම්බෙක් වගෙයි. අයි.එස්.පී.එස්. නීතිය යටතේ වාරයක් ඇතුළට වත් නැවකින් එළියට (ලාංකික අයෙකුටවත්) යන්න එන්න නීතියෙන් ඉඩක් නැහැ. එහෙම කවුරු හරි කරන්න හැදුවොත් බෙල්ලෙන් අල්ලන්න නෙවෙයි වෙඩි තියන්නත් පුළුවන්. සින්නයියා මහතා හොඳ නීති ගරුක අයෙක් මම එයාව දන්නේ උප ලුතිනන් කාලේ ඉඳලා.