(අජන්ත කුමාර අගලකඩ)
නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය හා නව බුද්ධ ශාසන ඇමැති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී අද(25) ඔවුහු දිවුරුම් දුන්හ.
මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම රජයක්ම බුද්ධ ශාසන ඇමති ලෙස පත්කළේ ක්‍රියාශීලි බවෙන් අඩුම වයස්ගතම පුද්ගලයන්ය. අපේ රටේ ශාසන පරිහානියට මෙය මුලික හේතුවක්. ක්‍රියාශීලි ඇමතිවරයෙක් ලෙස පත්කළේ දින කිහිපයකට පෙර ඉවත් කල ඇමතිවරයා පමණි. දැන් නැවතත් පෙර පරිදි සිදුවෙමින් පවතී.
මගෙන් සුබපැතුම් !!!
දැන් අපට බලතහැකි දවස් දෙක තුනකින් සියලුම පරක්කු උන නඩු ටික විසදෙන හැටි ,,කිසිම ප්‍රමාදයකින් තොරව,,තලතා මහත්මියනි රාජිතගේ ලිපිගොනුව ඉක්මන් කරන්න ,,තවද රාජිතට ජනාදිපති කොමිසමක් දමන්න ,,මොකද එය පිරිසිදුය කියා එයාම කියනවනේ එය කියනවා දෝෂාබියෝග 10 අාවත් එයාගේ වැඩ නවත්තන්නේ නැහැලු ,,එයාගේ වැඩ කියන්නේ හොරකම ,,සෛටෙම් මුදලාලිට කඩේයාම ,,රජයේ මුදල් අවබවිතය සහ කොටිගනනින් නාස්තිය ,,,වරායෙන් ගසාකෑම ,,,,විශ්ව විද්‍යාල කොල්ලන්ගේ ඔලු ඇලීම සහ මහපාරට දැමීම ,,,සෞක්‍ය විනාස කිරීම ,,කටමැත දෙඩවීම ,,හැම ප්‍රස්නේටම සියල්ල දත් වගේ මැදිහත්වීම ඔබතුමී පළමුවෙන් ගන්න 1.රාජිත files 2.SB FILES 3.KIRIELLA FILES ජයවේව හොදින් කරන්න ජයවික්‍රම මැතිතුමා අවංක සරල අයෙක් ...එය හිමිහිට වැඩේ කරවී වයඹ නිර්මනසීලි වැඩ කරපු එකම මහත්තය පුද්ගලය ජයවේව
දේශපාලනයේ කොච්චර අත්දැකීම් තිබුණත්, ඇමතිවරුන් පත්කිරීමේදී රනිල්ට තියෙන්නේ " නොමේරු ලපටි " මොලයක් කියනෙකයි අපේ හැඟීම. තිලක් මාරපන පත්කිරීම සහ මේ පත්කිරීම කොහෙත්ම මේ වෙලාවේ උචිත නැහැ. දන්ගෙඩියට කැපවෙලා ඉන්නෙ හාල්මැස්සෝ නෙමෙයි. එනිසා, ඔවුන් දන්ගෙඩියට කුදලාගෙන ඒමත් සුළුපටු කාර්යයක් නොවන බවත් කිවමනාය. දරදඬු දෑතක් අත්‍යාවශ්‍ය බව මගේ හැඟීමයි.
බැඳුම්කර වංචාව යට ගහන්න තලතට පුළුවන් වෙයිද ? ගාමිණි ජයවික්‍රම පෙරේරා පැරණි සිද්ධස්ථාන විනාශ කරද්දී සිල් ගනීවිද ?
ජයවික්‍රම ඇමැතිතුමා වයඹ පළාත සංවර්ධනය කල ආකාරයටම බුද්ධ ශාසනයද දියුණු කරන්න වාසනාව ලැබේවා.!!!
ඇමතිතුමියනි ඉක්මණින් නඩු ටික අසන්න පටන් ගමු.
ගොඩක් හොඳයි...
අධිකරණ ඇමැති තනතුර වෘත්තියෙන් නීතීඥයෙක් නොවන කෙනෙකුට දුන්නා නම් හොඳයි. එවැනි කෙනෙකුට අද රටේ මිනිසුන් නඩුවලදී උසාවි වල රස්තියාදු වීම ගැන හොඳ අවබෝධයක් තිබෙන අතර, ඒ සඳහා ජනතාවට සහනයක් ලබාගත හැකි වෙනවා ඇත.
යහපත් සාධාරණ අපක්ෂපාතීව කටයුතු කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
හත්වලාමේ දැන් තමා අපට ටිකක් හරි සතුටුවෙන්න පුළුවන්.. මොකද මේ උන්දෑ විදෙස් ශ්‍රමිකයට කල සේවය එසේ මෙසේ නොවේ. ඉතින් හෙට වෙනකොට කොළ, නිල් තක්කඩි රැළට අතීසාරය හැදිලා තියේවි නේද? ඔය කටමැද දොඩවන සෞඛ්‍ය උන්නැහේටත් වඩදිය බාදිය යන්න පටන්ගනීවි...
මේ රූකඩ අැමැති කට්ටලේ නටවන නූල් තියෙන්නේ කාගේ අතේද කියලා තව ටික දවසකින් බලාගත්තැ හැකි. අැයි තාමත් අපේ රටේ අැමතිකම් දෙනකොට එ් විෂය පිළිබඳව උගත්කමක් අැති කෙනෙකුට නොදෙන්නේ?
අනේ අපේ බුද්ධ ශාසනේ !!!
තලතා ඇමතිතුමියනි, විජේදාස හංගපු සියලුම නඩු ක්‍රමවත්ව එකින් එක ගේන්න. ඔබතුමියට ඉතා අමාරු වැඩක් තියෙන්නේ... සමහර ලිපිගොනු නැතුවත් ඇති. ඩොලර් කෝටිගණන් හොරාකාපු ඇවන්ගාර්ඩ් එකේ බොහෝ අය ඉන්නවා. මේ සියලුම මහජන මුදල් හොරාකාපු නඩු නැවත අහල ඉහළම දඬුවම් දෙන්න. ඔබතුමියට ජයවේවා !!!
කිසිම අදහසක් නැත. නීතිය හරියට ක්‍රියාත්මක කරලා හොරු එල්ලුවොත් එච්චරයි.
මම දැඩි මහින්ද වාදියෙක්. එ්ත් තලතා මහත්මියට මගේ කැමැත්ත පළ කරනවා.
නව අධිකරණ අමාත්‍යවරිය ලෙස පත්වූ තලතා අතුකෝරළ මහත්මියට නිර්භයව, පක්ෂ හෝ විපක්ෂ සියළු දෙනාගේ හොර, මැර, වංචාවන් නීතිය ඉදිරියට ඉක්මණින්ම ගැනිමට ශක්තිය ලැබේවා!!!!
දැන් හොරු අල්ලාවි සුටුස්ගාලා.., බොරු වැඩ, ජනතාව හිනස්සන වැඩ...
බලමුකො තලතා නෝනා හොරු අල්ලන හැටි...
ඔබතුමියට තෙරුවන් සරණයි. යහපත් මිනිසුන්ට තෙරුවන් සරණ ලැබෙනවා.
සියලු කටයුතු සාර්ථක වේවා !!! කියා පතමි... සාධාරණ අපක්ෂපාතීව කටයුතු කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
නෝනා කොහෙද හොරු අල්ලන්නේ අපුගමන් විදේශ රැකියා රක්ෂණයට කෙලියම...
කාර්යිංශයේ හිටපු හොරු ටිකට නඩු දාන්න ඉස්සෙල්ලම
මැයිදින රැලි වලට පාගමන් වලට කෝටි ගනන් අපේ සල්ලි කාපු අයට නඩු දාන්න
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනවශ්‍ය වියදම් කපා හැරීම නිසා ඉකුත් මාස නවයේදී පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව කියලා පසුගිය දිනක හෙලිවුනා. මේවා නාස්ති කරලා තියෙන්නේ තාම ඇත්ලෙ පුටු රත් කරන අයමයි් ඒ අයට දඩුවම් දෙන්න
නරියට කුකුල්ලු බාර දී ඇත. බුද්ධ ශාසනයටත්, අධිකරණයටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේම පිහිට පතමු.
අධිකරණයේ අභියෝග ජයගැනීමට නම් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ පරිචයක් තිබිය යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග කටයුතු කිරීමේදී විධිමත් මනා පරිපාලන කුසලතාවයක් තිබිය යුතුය. මුළු ලංකාවේම නඩු විසඳීමේ ප්‍රමාදයක් ඇත. නඩු විසඳා ඉක්මන් කිරීමට ක්‍රම වේදයක් සකස්කළ යුතුය. අතිරේක නිලධාරීන් කඩිනමින් බඳවාගැනීම සහ පුහුණුවක් දීම අවශ්‍යයි. දැනට තිබෙන අභියෝග ජයගැනීමට ඔබතුමාට හැකිවේවා!!!. පක්ෂ භේදයෙන් තොරව අධිකරණ ඇමතිට සුදුසුම පුද්ගලයා ජයම්පති වික්‍රමරත්න මහතා තමයි.