(අජන්ත කුමාර අගලකඩ)

නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය හා නව බුද්ධ ශාසන ඇමැති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී අද(25) ඔවුහු දිවුරුම් දුන්හ.

මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.