(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය උට්ට්රපුලම් ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාමක් හේතුවෙන් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අද (25) අත්අඩංගුවට ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක් සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්රපුලම් ප්‍රදේශයෙ වෙළඳසැලක් ආසන්නයේ තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව ඇත.
පසුව බහින්බස් වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින්ද පහර දීම නිසා සෙබලුන් දෙදෙනා කැපුම් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල සෙබළු, දමිල සෙබළු කතා වැඩක් නැහැ. හමුදා සෙබළුන්ට පහර දුන්නා නම් වහාම නීතිය ක්‍රියාත්මක වියයුතුයි.
මොනවද දමිල සෙබළුන් හමුදාවක සේවය කරන සියලු දෙනා හමුදා සෙබලුන් ....කොහේ හරි හොරකමක් සිද්ධ උනොත් එම පුද්ගලයා දමිල නම් නැත්නම් වෙනත් මුස්ලිම් නම් දමිල ජාතිකයා නැත්නම් මුස්ලිම් ජාතිකයා නැත්නම් සාමාන්‍ය පුද්ගලයකු සමහර මාධ්‍ය තුළින් තමයි ජාතිවාදය සියුම්ව ඇතිකරනු ලබන්නේ .....
මට දුක පුනරුත්ථාපනය කල එල්.ටි.ටි.ඊ සොල්දාදුවන් හමුදාවට බදවා ගැනීමයි .මේ කරලා තියෙන්නේ වක්‍රාකාරව කොටි පැටවුන්ට ආයුධ සහ හමුදාවේ තොරතුරු ගලායාමට මාර්ගයක් සපයදීමක් පමණි.
ඔයාලා ඔහොම කිව්වට, නිකන්ම සෙබළු කිව්වම, අපේ හුඟාක් මිනිස්සු කිපෙනවා. ඒ සෙබළු සිංහල කියලා. හැබැයි දමිළ කියලා කිව්වම එච්චර ගණන් ගන්නේ නැහැ. එකයි මේක ලියන කෙනා ඒ විශේෂණ පදය දාල තියෙන්නේ. එහෙම නැත්නම් ඔක්කොම කියයි ඔන්න වැඩ පටන් අරන් කියලා!