(විනීතා එම් ගමගේ)
පහළොස් හැවිරිදි දරුවකුට අසභ්‍ය දර්ශන පෙන්වමින් ලිංගික කටයුත්තක් සඳහා පොළඹවා ගැනීමට තැත්කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
මෙකී ගුරුවරයා විසින් දිගින් දිගටම සිදුකරන හිංසන පිළිබඳව අදාළ පාසැල් සිසුවා විසින් පවුලේ මනෝ චිකිත්සකවරිය දැනුවත් කිරීමෙන් පසු ඇගේ මඟ පෙන්වීම මත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අලූත් කඩේ අධිකරණයේ නියෝග මත විමර්ශන අවසන් වන තුරු සැකකරු රිමාන්ඩ් කර ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී මරිනි ද ලිවේරා මහත්මිය ගේ උපදෙස් මත වැඩි දුර විමර්ශන සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝඩින් පාසල් වල ගුරුවරුන්ගෙන් ළමයින්ට වන හිංසනය ගැන සොයා බැලිය යුතුයි. වැඩි ප්‍රමාණයක් ලැජ්ජාව නිසාම කට වහගෙන සිටිනවා. ලොකු නම්වලින් තිබෙන බෝඩින් පාසල් වල මෙය සාමාන්‍ය දෙයක්. මෙම ළමයි සමාජයට පැමිණි පසු කුමන මග තෝරා ගත යුතුද නොදැන පවුල් කඩා ඉහිරවා ගන්නවා.
ටියුෂන් කඩ ඔස්සේ ළමා පරපුර වේගයෙන් නොමග යනවා. පරිහානියට පත් වෙනවා. ඇයි මේවා වහලම දාන්න බැරි? ටියුෂන් පන්ති නීතියෙන් තහනම් කර විදුහල් වලින් ප්‍රමාණවත් අධ්‍යාපනයක් සිසුන්ට දෙන්න. මේ ටියුෂන් ජාවාරම නිසා ළමයින්ට ඔවුන්ගේ ළමා කාලයත් අහිමි වෙනවා. ක්‍රීඩා කරන්න, පොතක් පතක් කියවන්න දැන් දරුවන්ට වෙලාවක් නැහැ. පස්වෙනි ශ්‍රේණියේ ඉඳලම පන්ති! මේ කාලේ මේ රටේ දරුවකු වෙලා ඉපදීමත් කරුමේ පඩිසන් දීමක් වගෙයි. අම්මේ, තාත්තේ දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට අහිමි කිරීමත් එක්තරා පාපයක්.