බඩුවල හැඩබලද්දී දෙදාහකුත් අරන් වෙළෙන්දා පිම්මේ දුවලා
ඇය මැදි වයසේ පසුවන කාන්තාවකි. ළඟම ඥාතියෙකුගේ මංගල උත්සවයකට යායුතුව තිබිණි. උත්සවය පැවැත්වෙන්නේද තරු පංතියේ හෝටලයක නිසා ඇඳුම් පැළදුම් මෙන්ම රන් ආභරණ ද අනෙක් අයට වඩා කැපී පෙනෙන අයුරින් පැළඳ යාමට ඇයට අවශ්‍ය වූවාය. එහෙත් අවාසනාවට මෙන් ඇයගේ රන් ආභරණ සියල්ල බැංකුවේ සේප්පුවේය. ගෙදර ඇත්තේ ඒවායේ රිසිට් පත් පමණි.