මීට දසක ගණනාවකට පෙර නොදියුණු ගැමි පරිසරයක් පැවති ප්රදේශයක වූ ප්රසිද්ධ සති පොළකි. ඉරිදා පැවත්වෙන මෙම සතිපොළට විවිධ ප්රදේශවල වෙළෙඳුන් පැමිණෙන්නේ කිතුල් පැණි, කෙසෙල් කැන්, කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි ආදිය මිලට ගැනීමටය. ඒ සඳහා මෙම පොළ ප්රසිද්ධය.

සතිපොළට පැමිණෙන එක්තරා වෙළෙන්දකු ප්රදේශයේ ජනප්රිය චරිතයකි. විනෝදයට විහිළුවට කැමැති පුද්ගලයකු ලෙසද ප්රකටය.
කුඹුරේ, හේනේ, ගොවිපළේ කාර්යන්හි නියුතු නූගත් ගැමියන් හා මිත්ර වී එම බඩු බාහිරාදිය කුණු කොල්ලයට රැගෙනයාම මොහුගේ සිරිතය.
එහෙත් කල්ගත වනවිට සමහර වෙළෙඳුන් නිසා වෙනදා තරම් අතමිට සරු නොවීම පිළිබඳව ඔහුට පැවතියේ දොම්නසකි.
ගැමි නිෂ්පාදනවලට වැඩි මිලක් ගෙවන නව වෙළෙඳුන් නිසා පෙර කී ඒකාධිකාරය බිඳ වැටිණි.
“ඉස්සර වෙලා ආ කනට වැඩිය පස්සෙ ආපු අඟ ලොකු වුණා මුන්ට. ඔහු දොස් තැබීය.
දිනක් සතිපොළට පැමිණි මෙම වෙළෙන්දා තමා ‘කිතුල් ඇට මිලදි ගන්නා බව ප්රකාශ කිරීමක් සමග එදින කොල්ලෝ කුරුට්ටො කීප දෙනෙකු දුව පැන එකතු කරගෙන ආ කිතුල් ඇට ඔහු මිලදී ගත්තේය.
ප්රදේශය පුරා ලැව් ගින්නක් සේ කිතුල් ඇට මිලදී ගැනීම ප්රසිද්ධ විය. ඊළඟ සතිපොළ දිනයේ ගැමියෝ කිතුල් ගස් යට හා කිතුල් ගස්වල කිතුල් රැහැන්ද කපා කිතුල් ඇට ගෝනි ගණන් රැගෙන අදාළ වෙළෙන්දා සොයා පැමිණියහ. අවට ප්රදේශවලින් පවා අත් ට්රැක්ටර් වල පටවා ගෙන ආ කිතුල් ඇට මලු ගණන්ද රැගෙන විත් තිබිණි. එහෙත් වෙළෙන්දා එදින පොළට පැමිණියේ නැත. ඔහු මග හැරියේය.
කිතුල් ඇට රැගෙන ආ අය බලාපොරොත්තු සුන්වී ආපසු ගියේ තමන් ලොකු රැවටීමකට හසුවූ බව කියමිනි.
එය ගැමියන්ට පාඩමක් ඉගැන්වීමට සිතා මතා කල උප්පර වැට්ටියක් බව පසුව පැහැදිලි විය.
පස්ගොඩ තිලක් එච්. ගමගේ
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කන අමතකවී අඟ ලොකුවුණා නම් කාපන් මේකත්