(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
නේවාසික රෝගියකු රාත්‍රියේ මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් වාට්ටුවේ සිටි රෝගීන් කිහිපදෙනකු වාට්ටුවෙන් පැන දිව් පුවතක් මධ්‍යම පළාතේ රෝහලකින් වාර්තාවේ.

අදාළ රෝහලේ වෛද්‍ය ප්‍රකාශකයකු ප්‍රකාශ කළ පරිදි සිද්ධිය සැකවින් මෙසේයි.
මේ දිනවල පවතින වෛරස් උණ රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ ඇති මැදි වයසේ පසුවන අදාළ රෝගියා නැවතී සිටි වාට්ටුවේ රූපවාහිනී යන්ත්‍රයක්ද සවිකර ඇත්තේ රෝගීන්ගේ මානසික සුවය සඳහාය.
කෙසේ නමුත් රෝගීන්ගේ දැඩි පෙරත්තය නිසාම ඉකුත් දිනෙක මුළු දවස පුරාම රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කොට තිබී ඇත්තේ එදින පාර්ලිමේන්තුවේ පැවති උණුසුම්කාරී වාතාවරණය නැරඹීම සඳහාය.
එදින රෝගීන්ට ලබාදුන් රාත්‍රී ආහාරයෙන් පසු රූපවාහිනී යන්ත්‍රය විසන්ධි කළ රෝහල් බලධාරීන් රෝගීන්ට නිදාගැනීම සඳහා අවකාශ සැපයීමටද පියවරගෙන තිබුණේ එය රෝහලේ දෛනික ක්‍රියාවලියක් බැවිනි.
මේ අතර මධ්‍යම රාත්‍රිය උදාවෙත්ම නින්දේ සිටි රෝගියකු එක්තරා දේශපාලන පක්ෂයක නම සඳහන් කරමින් පාර්ලිමේන්තුවට ගිය ඕකාට ගහපිය, මරපිය ආදී ලෙස කෑගැසීම නිසා ඒ ආසන්න ඇඳන්වල සිටි රෝගීන් කිහිප දෙනෙකු බියවී වාට්ටුවෙන් පිටතට දිව යාමත් සමගම එහි පැමිණ ඇති රෝහල් ආරක්ෂකයින් හීන බැලුවට කමක් නෑ. මේක පාර්ලිමේන්තුව නෙවෙයි, හොස්පිටල් එක යනුවෙන් පවසා රෝගියා නින්දෙන් අවදිකළ බව වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හීනෙන් මැතිසබේ දැක රෝගියා යකා නටලා