IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනුන්ගේ ත්‍රිරෝද රථයකට රිංගා කේක් කාලා ජංජාලයක්

(කටුගස්තොට-ධම්මික ගුණවර්ධන)

නිවසට ගොස් ලබන සංග්‍රහය අතරමගදී භුක්තිවිඳීමට ගොස් ඇති වූ ජංජාලයක් විසඳීමට පොලිසියට ද මැදිහත්වීමට සිදුවීමේ පුවතක් කටුගස්තොට නගරාසන්න ප්‍රදේශයකින් වාර්තා විය.

වාර්තා වන අන්දමට සිදු වී ඇති සිද්ධිය සැකෙවින් මෙසේය. ගාලු පුරවරේ සිටින ඔහුගේ හොඳම මිතුරා ඉකුත්දා මහනුවර පල්ලේකැලේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීම සඳහා මහනුවරට පැමිණියේ දුම්රියෙනි. එසේ පැමිණි ගාලු මිතුරා කැඳවාගෙන යාමට තම ත්‍රිරෝද රියෙන් පැමිණි නුවර මිතුරා ඔහු කැටුව යන අතරවාරයේදී පොඩි අඩියක් ද ගසා ඇත්තේ නිවසේදී ඒ සඳහා අවකාශ නොමැතිවීම නිසාය. මෙසේ යන අතරතුර ගාලු මිතුරාට සංග්‍රහ කිරීමට අවශ්‍ය කළමනා ගැනීමට නුවර මිතුරා ත්‍රිරෝද රියෙන් බැස ගියේ ටිකක් වැඩි වී සිටි ගාලු මිතුරාට එහිම රැඳී සිටින ලෙසට උපදෙස් ද දෙමිනි.

කෙසේ නමුත් එසේ සිටි ගාලු මිතුරා ටිකක් අවට සිරි නැරඹීමට ඔබමොබ ගොස් නැවත ත්‍රිරෝද රියට ගොඩවුණේ නුවර මිතුරාගේ ඉක්මන් පැමිධෑම බලාපොරොත්තුවෙනි. ඒ වනවිටත් නුවර මිතුරා එළවළු, පලතුරු, හාල්, තුනපහ පමණක් නොව පුංචි පහේ කේක් ගෙඩියක් ද එහි රැගෙනවිත් තැබීම පිළිබඳව අතිශයින්ම සතුටු වූ ගාලු මිතුරා තමන් වෙනුවෙන් සිදුකරන සංග්‍රහ කොහේ සිට භුක්ති වින්දත් කමක් නැතැයි කියා කේක් ගෙඩිය කෑමට පටන් ගත්තේ නුවර මිතුරාගේ ආගන්තුක සත්කාරය ගැන සිහිකරමින්මය.

මේ අතර හදිසියේ එහි රියැදුරු අසුනට නැග ගත් නාඳුනන කාන්තාවක් හොරෙක් හොරෙක් යැයි කෑ ගැසීමත් සමගම ඒ අවට පිරිස් ත්‍රිරෝද රිය වටකර ගත් අතර ඒ ආසන්න රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වහා ඒ දෙසට දුව ආවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණෙනි. මේ වනවිට තම ගාලු මිතුරාගේ හදිස්සි අතුරුදන්වීම පිළිබඳව කලබල වී සිටි නුවර මිතුරාට දැනගැනීමට හැකිව ඇත්තේ තම මිතුරා අඩක් කෑ කේක් ගෙඩියක් අතැතිව නාදුනන ත්‍රිරෝද රියක් අසල මිනිසුන්ගේ ග්‍රහණයට හසුව සිටින අයුරුයි. කෙසේ නමුත් පසුව තම මිතුරාට ත්‍රිරෝද රිය මාරු වී මේ අකරතැබ්බය වී ඇති බවට කරුණු කාරණා පහදා දී ගුටි නොකා ගාලු මිතුරා නිවෙසට කඳවා ගිය බව වැඩිදුරටත් වාර්තා විය.



අදහස් (0)

අනුන්ගේ ත්‍රිරෝද රථයකට රිංගා කේක් කාලා ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site