IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කෝල් එක කටේ වැටුණු කෑමක්

මහනුවර බලා දිවෙන පෞද්ගලික බස් රථයකි. උදෑසන කාලයේ නිසා එය තරමක මගීන් පිරිසකගෙන් පිරී පැවතිණි. පසුපස අසුනක උඩරට ඇඳුමින් සැරසුණු වියපත් කාන්තාවකි. බස්රථය නැවතුම්පොළ කිහිපයක නතර කරමින්  ඉදිරියට ධාවනය වන අතරතුර එක් බස් නැවතුමකදී නවීන පන්නයේ දුරකථනයක් ද රැගෙන තරුණියක් බස් රථයට ගොඩවූවාය. වංගු සහිත මාර්ගයේ බස්රථය සෙමෙන් ඉදිරියට ඇදෙන අතර එක් නැවතුමක් අසලදී වියපත් කාන්තාව හිඳ සිටි ආසනයේ හිඳ ගැනීමට තරුණියට ද අවස්ථාව ලැබුණි.


 ඒ වන විටත් ඇයට ලැබුණු දුරකථන ඇමතුමකට හෑන්ඞ් ෆ්‍රී උපකරණයක් ආධාරයෙන් පිළිතුරු දෙමින් සිටි අතර අසුනේ හිඳ ගැනීමත් සමගම ඇය හෑන්ඞ් ෆ්‍රී උපකරණය ගලවා පිළිතුරු දෙන්නට විය.


ඒ අනුව ඇය දුරකථනයට පිළිතුරු ලබාදීමේදී විටෙක ජංගම දුරකථනය කන ආසන්නයටත්, තවත් විටෙක මුව ආසන්නයටත් ගත්තාය.


 මෙම සිදුවීම දෙස විස්මයෙන් බලා සිටි කාන්තාව හා තරුණිය අතර මෙවන් දෙබසක් කාටත් ඇසෙන්නට විය.


“ඈ දරුවෝ මොකක්ද ඔය කෑමක් ද කන්නේ ?


නෑ අත්තම්මේ මේ කෝල් එකක්.......


කෝල් එකක් නම් මොකද කෑමක් කනවා වගේ වේලාවකට කටේ තියාගෙන හප හපා ඉන්නේ, තව වෙලාවකට කවනව වගේ කණේ තියාගෙන ඉන්නේ?


දැන් කෝල් කරන ෆැෂන් එක එහෙමයි ආත්තම්මේ......


අනේ උඹලගේ ෆැෂන්....!


එක්කෝ ඔය කෙහෙම්මල කනේ තියා ගනිං...


නැත්තං කටේම තියාගනින්.... අපිට පාඩුවේ බස් එකක යන්නත් නෑ..  මොන  මළ කෝලං ද මේ...


අපිනම් ඒ කාලේ පිළිවෙළකට හැදුණා..”


යනුවෙන් පවසන්නට වූ අතර ඒ දෙබස ඇසුණු බොහෝ දෙනා හඬනගමින් සිනාසෙන්නට වූ අතර තරුණිය ගමනාන්තයට ද කලින් හීන් සීරුවේ බැස යන්නට වූවාය

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)



අදහස් (1)

කෝල් එක කටේ වැටුණු කෑමක්

pras Monday, 26 November 2018 06:01 PM

තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න බැනේ රටේ ගොඩක් අයට. අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්නම බෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1492 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1652 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 435 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site