ගෙදරින් ගෙනා බත් එකෙන් බල්ලාගේ කුසගිනි නිවා බඩගින්නේ සිටි ‘සැන්ටි පෝට් මහත්තයා’ රාජකාරී කටයුත්තකට පැමිණී අවස්ථාවේ කුසගින්නේ සිටි රෝගී සුනඛයකුගේ කුසගින්න නිවීමට තමන්ගේ දිවා ආහාර පාර්සලය පරිත්‍යාග කර සිය කුසගිනි නිවාගැනීමට ජලය පානය කර මහජනයා වෙනුවෙන් වූ සෙසු රාජකාරී සදහා පිටත්ව ගිය උතුම් පරමාදර්ශි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ගල්කිරියාගම පුබ්බෝගම නගරයේදී වර්තා වෙයි. 20 October 2018
නිකං ඇවිත් ඉල්ලන් කාලා නීති කැඩූ දෙන්නටම තට්ටු වයඹ පළාතේ පොලිස් මුරපොළකි. දෙදෙනකු නැග ආ යතුරුපැදියක් නැවැත්වූ පොලිස් නිලධාරියකු යතුරුපැදිකරුවාගේ බලපත්‍ර පරීක්ෂාවේදී ඔහු රක්ෂණ සහතිකය වෙනුවට පෙන්වූයේ මුදල් ගෙවූ බවට වූ රිසිට් පතකි. මේක නෙමෙයි ඉන්ෂුවරන්ස් කාඞ් එකක් තියෙනවා. පොලිස් නිලධාරියා කීවත් ඔහුට එය පැහැදිලි නොවුයෙන් මඳ කතාබහක් ඇතිවිය. 20 October 2018
දවස් පහක ගමනක් යන්න බිරිය උකුලේ තියාගෙන ඔහු ඇඹිලිපිටිය පැත්තේ ගොවිතැන් කටයුතුවල යෙදුණු මහත දෙහෙත අයෙකි. අවුරුදු එකොළහක් වූ දුව ද ඔහු මෙන් උස මහත දැරියකි. එහෙත් බිරිඳ ඉතා කුඩාය. 19 October 2018
බදින්න ගෙනා මාළු තුන්දෙනාට මගදී පණ ඇවිත් සති අන්තක දිනෙක මිතුරන් සමඟ හොඳ මාළු බැදුමක්ද සමගින් ආහාර වේලක රස බැලීමට සිතා පොකුණු ආශ්‍රිතව ඇති කරනු ලබන මාළුන් තිදෙනෙකු මිලට ගත් පුද්ගලයකුට නිවස බලා එමින් සිටියදී මාළුන් ජලාශයකට දැමීමට සිදුවීමේ සිද්ධියක් ගම්පහට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 18 October 2018
අනුන්ගේ හරක් අයිති කරගන්න ගිහින් නඩුත් වැටිලා එළ ගව පට්ටියක් හිමි මැදිවියේ පුද්ගලයෙකි. එළදෙනුන්ගෙන් කිරි දොවා එම කිරි අලෙවිකර තම පවුල ජීවත් කරවන මොහු ගමේ පොදුවැඩ වලට උදව්කරන ගමන් තමන්ගේ වාසියට ද හොඳින් හෝ නරකින් වැඩ කරන්න ගොස් අමාරුවේ වැටුණ අවස්ථා පොලීසියේ ලැග්ග අවස්ථා නැතුවාම නොවේ. 17 October 2018
ගුරුවරියගේ පොතෙන් ත්‍රීරෝද රියැදුරුට තරු පෙනිලා ත්‍රිරෝද රථ රියැදුරෙකුට එක්තරා ගුරුවරියක විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ බව කියන සිද්ධියක් අම්පාර නාගරික ප්‍රදේශයෙන් වාර්තාවේ. 16 October 2018
සීය පනහට අඩු කරන්න ගිහින් විහින් වළේ වැටිලා රුපියල් සියයේ කුලිය පනහට අඩු කරගන්නට ගිහින් වැඬේ හබක් කරගත් නූතන යුගයේ මට්ටකුණ්ඩලී කෙනකු උදේ හවස පොල් ඇහිලීමේ යෙදී සිටීම පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 15 October 2018
මූණු මාරුවී වේටර්ගේ පඩියටත් තට්ටු වෙලා රාත්‍රී ආහාරය ලබාගැනීම සඳහා තරුණයෙකු හෝටලයකට ගොඩවිය. “මොනාද ඕනේ” වේටර් විමසීය. “මට චිකන් කොත්තු එකක්” තරුණයා පැවැසීය. 12 October 2018
මළගෙදර ගිහින් පොලිස් කූඩුවේ ලගින්නත් වෙලා මධ්‍යම රාත්‍රියත් පසුවී හුංගම පොලිසියේ පොලිස් ජංගම රථය ප්‍රධාන මාතර - තිස්ස මාර්ගයේ ගමන් කළේ ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටය. 11 October 2018
සිංදුව අමතක වෙලා ගායකයා තත්පර අමුතු පොතක් දාලා නගරයක තරුණ කැල සංවිධානය කළ සංගීත ප්‍රසංග යකි. දිවයිනේ ප්රමුඛ පෙළේ සංගීත කණ්ඩායමක් එයට සංගීතය සැපයීය. නොමිලේ පැවැත් වූ ප්‍රසංගයට විශාල ජනකායක් සහභාගි වූහ. 10 October 2018
රියැදුරන්ගේ ජැක් ගැහිල්ලෙන් ව්‍යාපාරිකයා අමාරුවේ අවස්ථා තුනකදී අමාරුකම් කියා රියැදුරන් තිදෙනෙකු පැමිණි විට ඔවුන් විසින් දුන් හයිඩ්‍රොලික් ජැක් තුනක් ඇපයට තබාගෙන මුදල් දුන් ව්‍යාපාරිකයෙකු ලෝක අමාරුවක වැටුණ සිද්ධියක් අම්පාර දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් වාර්තා විය. 09 October 2018
පොලිසියෙන් කියලා හිතලා කබරයකුට වැඳලා බුරුවා ගැහීමට ඇබ්බැහිවූ ගමේ පිරිසක් පාළුවට ගිය නිවසක හොර රහසේ සූදු කෙළින බවට පොලිසියටද ඉව වැටී තිබිණි. 08 October 2018
නැන්දා ලොකු කෙල්ලගෙ ගෙදර ගිහින්: කෙසෙල් ගෙඩියෙන් වැඬේ ෂේප් දකුණු පළාතේ කඳුකර ගම්මානයකි. දාඩිය මහන්සියෙන් ජීවත්වන ගොවි පවුලකි. මෙතෙක් කලක් වාසය කළ පැරැණි නිවෙස වෙනුවට ඔවුහු නව නිවෙසක් ඉදිකළහ. ගෙට ගෙවැදීම නිමිත්තෙන් පසුගියදා එහි දානමය පින්කමක්ද සිදුකෙරිණි. දානමය පින්කමෙන් පසුව දිවා ආහාර සඳහා නැදෑ හිතවතුන් විශාල පිරිසක්ද පැමිණ සිටියහ. 06 October 2018
අනියම් පෙම්වතා එවූ පින්තූර දැක්කාම ගුරුවරියට එළොව පොල් පෙනිලා මවක් සහ දියණියක් එකිනෙකාට හොරෙන් එක් තරුණයෙකු සමග පෙම් සම්බන්ධතාවයක පැටලී ඇසුරු කරන අතරතුරදී තරුණයා දියණියගේ නිරුවත් ඡායාරූප මවගේ ජංගම දුරකථනයට එවීමත් සමග ඇතිවූ වේදනාවට නිසි විසඳුමක් ලබාගැනීමට ගොස් පොලිසියේදී දුව මවට ඉගැන්වූ පාඩමක් පිළිබඳව වාර්තා වූයේ සියනෑ කෝරලේ එක්තරා ගමකිනි. 05 October 2018
මුදලාලි ඩීසල් මිල ගෙවා වතුර බැරල් දෙකක් අරන් ගිහින් ඇස්බැන්දුම්කරුවන් දෙදෙනකු ගෙනා වතුර බැරල් දෙකක් ඩීසල් යැයි සිතා වැඩි වාසි ලබා ගැනීමට මිල දී ගත් වෙළෙන්දෙකු අමාරුවේ වැටුණු සිද්ධියක් අම්පාරේ එක් ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා විය. 04 October 2018
බස්රියේදී ඔළුවට පැණි වැටී සිසුවා හොල්මන් වෙලා ඌරුබොක්ක සිට මාතර බලා දිවෙන බස් රථයකි. සාමාන්‍ය මගීන් මෙන්ම පාසල් සිසුහු ද එහි වූහ. අතරමග දී බසයට නැගගත් මැදිවියේ පුද්ගලයකු තම ගමන් මල්ල ඉහළ වූ රාක්කයේ තබා බසයේ පසුපසට ගියේ එහි මගීන් රැසක් වූ හෙයිනි. 03 October 2018
පච්ච මකන්න ගිහින් තරු පෙනිලා අතේ කොටා තිබූ පච්ච මකා ගැනීමට ගොස් පච්චවලට අමතරව වැඩි වැඩියෙන් තුවාල සිදුකරගත් පුද්ගලයකු ගැන පුවතක් ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 02 October 2018
හිත හොඳ ගුරුවරියගේ කනෙන් මුරකාරයා රිංගලා මෙය එක්තරා ප්‍රදේශයක සිදු වූ අපූරු සිදුවීමකි. ඇය එම ප්‍රදේශයේ විදුහලක ගුරුවෘත්තියේ යෙදෙන්නීය. එම විදුහලේ මුරකරුවෙකු ලෙස සේවය කරන ඔහු කාගේත් ආදරය දිනාගත් පුද්ගලයෙකි. හැමෝටම විශ්වාසවන්තය. 01 October 2018
හෙළුවැලි නැටුමට වහ වැටුණු කොන්දොස්තර මගීන්ට ගෝරනාඩු කරලා බසය දෙල්තොට නගරයෙන් ගමන් ආරම්භ කරනවිට එහි අසුන් ගෙන සිටියේ ඉතා සුළු පිරිසකි. කිලෝමීටර දෙකක පමණ දුරක් බසය ධාවනය වුවද කොන්දොස්තරවරයාට ප්‍රවේශපත් නිකුත් කිරීමේ වුවමනාවක් නොවීය. මගීන් මුදල් අතැතිව බලා සිටියත් ඔහුට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොවීය. 29 September 2018
හොරෙන් හොරෙන් ආ හොල්මන ජංගම දුරකතන දෙකටම වැඬේ දීලා ආයතනයක සේවය කරන පුද්ගලයෙකි. දිනක් ඔහු රැකියාව නිමාවී සවස හතට පමණ තම මෝටර් රථයෙන් නිවසට පැමිණියේ දැඩි මහන්සියෙනි. මෝටර් රථය ගරාජයේ නවතා නිවසේ දොරටුව විවෘත කළ හෙතෙම ස්මාර්ට් දුරකථන දෙක මේසය මත තැබීය. 29 September 2018
කොන්දොස්තරගේ වැඬේ හිඟන්නා බාරගෙන දිවුලපිටිය දෙස සිට කොළඹ බලා දිවෙන බසයකට ජාඇල නගරයෙන් සම්මාදම් එකතු කරන්නෙක් ගොඩ වුණේය. බැලූ බැල්මට පනහ පැනලාය. 29 September 2018
කචල් මල්ලී ‘කචල් එකක’ පැටලී කොළඹ වටේ මං මුලාවේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් දෙදෙනාම නැත. වැඩිමහල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමිවිය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය. 29 September 2018
නැටුම විනාඩි 3යි: චූර්ණිකාව 10යි: දේශපාලකට නගී රැස්වීමක ප්‍රධාන ආරාධිතයාගේ ප්‍රකාශයකින් හොල්මන් වූ නිවේදකයකු පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දෙවියන් අරක්ගත් අඩවියකිනි. 29 September 2018
ලජ්ජාවේ බෑ!! ලෝ පතළ බොස්ගේ කියමනවත් නොදත් සේවකයෝ ලොවම දන්නා ආයතනයක සේවක පිරිසක් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවකි. පැවැත්වුණේ අගනගරයට නුදුරු පෙදෙසකය. දිවයින පුරා ගම්මාන නියෝජනය කරමින් හැටකට වැඩි පිරිසක් මීට එක්ව සිටියහ. 29 September 2018
මළ ගෙදර කොළේ සිනා සයුරක් කරලා වයඹ පළාතේ ප්‍රධාන නගරයකට ආසන්න ගමක ජීවත්වන ගැමි පවුලකි. මෙම පවුලෙහි තාත්තා, අම්මා, පුතා සහ පුතාගේ බිරිය සමඟ එකම නිවෙසක සියල්ලෝම ජීවත්වෙති. 28 September 2018
පෝලිම නැතිව සල්ලි ගන්න මිතුරියගේ බබා කුලියට අරන් ත්‍රිරෝද රථයකින් පැමිණ බැංකුව ඉදිරිපිටින් බැස ගත් කාන්තාවකි. ඇය මැදි වයස ආසන්නට ළං වෙමින් සිටියාය. වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නට ඇය බොහෝ වෙහෙස මහන්සි වී තිබෙන පාටක් දක්නට ලැබිණි. එමෙන්ම ඇය මැද පෙරදිග රටක සිට මෑතක පැමිණි බවක් ද පෙනෙන්නට තිබිණි. 27 September 2018
බස්රියේ කිසිවකු මහලු මවට අසුනක් නොදුන්නාට රියැදුරු නැගිට වාඩිවෙන්න දීලා බස් රථයකට නැඟුණු වයෝවෘද්ධ මවකට බස් රථයේ සිටි කිසිවෙකුත් අසුනක් ලබා නොදීම නිසා එම බස් රථයේ රියැදුරු තම අසුන ලබාදීමේ සිද්ධියක් පසුගියදා කන්ද උඩරට ප්‍රදේශයේදී සිදු වූයේ බස් රථයේ සිටි සියලු_ දෙනාට මහඟු පාඩමක් කියා දෙමිනි. 26 September 2018
පොලිසියට ගෙනා හොරා පැමිණිලිකරුට ‘බණ’ කියයි රුපියල් එක් ලක්ෂ තිස් දාහක් සොරකම් කොට පැය හතරක් ඇතුළත ඉන් රුපියල් හතළිස් දහසක මුදලක් වියදම්කොට මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත් වූ පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 25 September 2018
අනාගත බෑණාගේ පිළිතුරෙන් නැන්දා-මාමාට දෙවියන් සිහිවෙලා සිය දියණියගේ අත ගැනීමේ බලාපොරොත්තුවෙන් නිවසට පැමිණි තරුණයකුගේ අත බලා ශාස්ත්‍ර කී පියකු පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ වයඹ පළාතෙනි. 24 September 2018
තෙල් තාච්චියට වැටුණු බෝලෙට කතුන් දෙදෙනෙක් ගුටි ඇනගෙන තෙල් තාච්චියට බෝලයක් වැටුණයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු දබර කර ගත්තැයි කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව දුන්ගාල්පිටිය පොලිසිය පවසයි. 22 September 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026