IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලජ්ජාවේ බෑ!! ලෝ පතළ බොස්ගේ කියමනවත් නොදත් සේවකයෝ

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ලොවම දන්නා ආයතනයක සේවක පිරිසක් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවකි. පැවැත්වුණේ අගනගරයට නුදුරු පෙදෙසකය. දිවයින පුරා ගම්මාන නියෝජනය කරමින් හැටකට වැඩි පිරිසක් මීට එක්ව සිටියහ.


මෙම වැඩමුළුව විශේෂ දේශනයට පැමිණ සිටියේ ප්‍රසිද්ධ දේශකයෙකි. හෙතෙම මේ ආයතනයට සම්බන්ධ අයෙකු නොවේ. වැඩමුළුව අතරතුර මේ දේශකයා පුංචි තිරයේ වදන් පෙළක් දර්ශණය කළේය. එහි වටිනා අදහසක් ගැබ්ව තිබිණි.


මේ ප්‍රකාශය කා විසින් කරන ලද්දක්දැයි දේශකයා අනතුරුව වැඩමුළුවේ සාමාජිකයන්ගෙන් විමසුවේය. 


එකිනෙකා පිළිතුර එකිනෙක ලබාදුන්හ. ලොවේ පිළිගත් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම් මේ පිරිසකගේ මුවින් පිටවිය. එක් සාමාජිකයකු පැවසුවේ මේ ප්‍රකාශය තෝමස් අල්වා එඩිසන්ගේ බවය. මේ ආකාරයෙන් විවිධ නාම ප්‍රකාශ විණි. 


සියලු දෙනාගේ අදහස් විමසූ දේශකයා ඊළඟට තිරයේ නාමයක් ප්‍රදර්ශනය කළේය. එහි සඳහන්වූයේ අදාළ වැඩමුළුව පවත්වන ආයතනයේ ප්‍රධානියා වන ශ්‍රී ලාංකිකයාගේ නාමයයි. මෙය දුටු සේවක පිරිස වික්ෂිප්ත වූහ. මේ දේශකයා ඉදිරිපත් කළ ප්‍රකාශය තම ආයතන ප්‍රධානියාගේ කියමනක් බව දැනගත් සාමාජික පිරිස මහත් ලැජ්ජාවට පත්ව සිටියදී එය නොසලකා දේශකයා තම කාර්යය ඉදිරියට කරගෙන ගියත් ආයතනයේ සේවක පිරිසකගේ දැනීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නට කටයුතු කළ බව පසුව දැනගන්නට ලැබිණි.

 



අදහස් (0)

ලජ්ජාවේ බෑ!! ලෝ පතළ බොස්ගේ කියමනවත් නොදත් සේවකයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 711 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site