(තිහගොඩ උපසේන ලියනගම)
ඌරුබොක්ක සිට මාතර බලා දිවෙන බස් රථයකි. සාමාන්‍ය මගීන් මෙන්ම පාසල් සිසුහු ද එහි වූහ. අතරමග දී බසයට නැගගත් මැදිවියේ පුද්ගලයකු තම ගමන් මල්ල ඉහළ වූ රාක්කයේ තබා බසයේ පසුපසට ගියේ එහි මගීන් රැසක් වූ හෙයිනි.

රාක්කයේ තම බෑගය තැබූ තැනට යටින් වාඩිවී සිටි සිසුවකුගේ හිසට කිසියම් දියර බින්දුවක් වැටිණි. මොහොතකින් තවත් බින්දු කීපයක් වැටුණෙන් හිස අත ගා බැලූ ඔහුට එය දුඹුරු පැහැති දියරක් බව පෙනිණි. තවත් බින්දු කීපයක් වැටීමත් සමග ඔහු ආසනයෙන් නැගිටිනු දුටු ගමන් මලු හිමියා කලබලවී එතැනට ආවේ හත් දෙයියනේ මගේ පැණි බෝතලේ පෙරළිලා කියමිනි.
සිසුවා යළි හිස අතගෑවේ මෙය පැණි දැයි දැන ගැනීමටය. බින්දුවක් දෙකක් වැටෙන කොට ඔලුව වසාගත්තනම් හරි මගියෙක් කීය.
“මේ පැණි බව දන්නව නං ඔලුව වහගන්නව නෙවි කට අල්ලනවා” සිසුවා කීවෙන් බස් මගීන් සිනා සයුරේ ගිලුනාලු.
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බස්රියේදී ඔළුවට පැණි වැටී සිසුවා හොල්මන් වෙලා
pitigala Thursday, 04 October 2018 01:53 AM
හොඳ කොල්ලෙක්. වෙන කෙනෙක් නම් පැණිකාරයට ගහන්නත් යනවා. අපේ රටේ බොහෝ තැන් වල වෙන්නේ එහෙමනේ?