(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
මධ්‍යම රාත්‍රියත් පසුවී හුංගම පොලිසියේ පොලිස් ජංගම රථය ප්‍රධාන මාතර - තිස්ස මාර්ගයේ ගමන් කළේ ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටය.
මද දුරක් ගිය විට මගී බස් ආවරණයක තරුණයකු තනිවම සිටිනු දැක මගී ආවරණයට සමීපකර ජීප් රථය නතර කළේය.

ජීප් රියේ ඉදිරි පස වාඩිවී “මොකද? මෙතන කරන්නේ” යැයි නිලධාරියා ඔවුන්ගෙන් විමසීය.
“අපේ සියා මැරිලා, මළ ගෙදර ආවා, ගෙදර යන්න බසයක එනකල් ඉන්නවා” යැයි කීය.
ඔහු කතාකළ ආකාරය අනුව පොලිසියට තරුණයා පිළිබඳ සැක සිතිනි. නැවත ප්‍රශ්න කරන්නට විය.
“මළ ගෙදර තියෙන්නේ කොහේද” පොලිස් නිලධාරීයා විමසීය.
“මේ සුදු කොඩිය දැමු පාරේ මීටර් 100කට වඩා නැහැ.” තරුණයා කීය. “නගිනව ජීප් එකට” පොලිස් නිලධාරීයා කීය.
පොලිස් නිලධාරීන් දෙදෙනකු ජීප්රියෙන් බැස තරුණයා ජීප් රියට දමා ගත්තේය. ප්‍රධාන පාරේ සිට මීටර් සියයක් අතුරු පාරේ ගිය තැන මළ ගෙදරය. තරුණයා සමග පොලිස් පිරිස ජීප් රියෙන් බැස ගත්තේය.
“කෝ එන්න කියන්න මළ ගෙදර කෙනෙකුට” අසල සිටි අයකුට ප්‍රධාන පොලිස් නිලධාරියා කීය.
මද වේලාවකින් මැදි වියේ කාන්තාවක් ජීප් රිය වෙත පැමිණියාය. තරුණයා පෙන්වා “මෙයා අඳුනනව ද?’ පොලිස් නිලධාරියා විමසීය.
“අනේ නැහැ අදමයි දැක්කේ” කාන්තාවගේ පිළිතුර විය.
“කවුද මියගොස් තියෙන්නේ” පොලිස් නිලධාරියා නැවත ඇසීය.
‘මගේ අම්මා’ කාන්තාව පැවැසුවාය.
එහෙනම් මේ කියන්නේ මෙයාගේ සීයා මැරිලා කියලා” පොලිස් නිලධාරියා කීය. “ඇත්ත කියනවා” කියමින් පොලිස් නිලධාරියා පොලිස් පාට් එකක් දැම්මේය. “ගහන්න නම් එපා සර්” මං ඇත්ත කියන්නම්” තරුණයා පැවසීය.
මං මළ ගෙදර ආවට ඥාතියෙක්වත් හිතවතෙක්වත් නොවෙයි. අඩු වශයෙන් මැරුණ කෙනා කවුද කියලවත් දන්නේ නැහැ. මං ආවේ බූරුවා ගහන්න. ගෙනා සල්ලි පැරදිලා. ගෙදර යන්නයි හෝල්ට් එකේ හිටියේ.” යැයි තරුණයා කීය.
“කෝ! බූරුවා පොළ” පොලිස් නිලධාරිය විමසීය. අර ගහන්නේ එහා වත්තේ” තරුණයා අත දික්කර පෙන්විය. “සාජන් ඉක්මනින් වටලන්න බූරු පිටිය. පොලිස් නිලධාරියා ගේ විධානය විය.
පොලිස් සාජන් ඇතුළු පොලිස් නිලධාරින් කීප දෙනෙක් අසල නිවසේ තිබූ සූදුපොළ වැටලූහ. පොලිසිය එන ආරංචියට සූදුපොළේ බූරුවා ගැසූ අය දුවන්නට වූහ. එහෙත් හත් අට දෙනෙකු පොලිසිය පැන අල්ලා ගත්තේය.
සූදුපොළේ වැටි තිබූ මුදල් යම් ප්‍රමාණයක් හා එලා තිබූ පැදුරු ද ගෙනැවිත් ජීප් රථයට දමා ගත්තේය. ‘හා නගිනව ජීප් එකට’ ප්‍රධාන පොලිස් නිලධාරියා කීය. බූරුවා පොළේ සිට අත්අඩංගුවට ගත් හත් දෙනාම ජීප් රථයට නංවා ගත්තේය.
“තමුසෙත් නගිනවා” අනතුරුව පොලිස් නිලධාරියා කීය.
පොලිසිය සියලු දෙනාම බූරුවා ගැසීමේ වරදට උසාවිය වෙත ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පලාත්වල පොලිසියේ මහත්තුරු මල ගෙවල් වල බූරුවා ගැහුවට අල්ලන්නේ නැහැ. සානුකම්පිතව බලා මල ගෙදරට රැස් වෙන මිනිස්සු නේ කියලා.....
ඒක නිසා සමහර මල ගෙවල්වල දින ගණන් අදිනවා.