ආයතනයක සේවය කරන පුද්ගලයෙකි. දිනක් ඔහු රැකියාව නිමාවී සවස හතට පමණ තම මෝටර් රථයෙන් නිවසට පැමිණියේ දැඩි මහන්සියෙනි. මෝටර් රථය ගරාජයේ නවතා නිවසේ දොරටුව විවෘත කළ හෙතෙම ස්මාර්ට් දුරකථන දෙක මේසය මත තැබීය.
එවිටම ඔහු පිටුපසින් පැමිණි ෆුල්පේස් හෙල්මටයකින් මුහුණ ආවරණය කර සිටි අයෙක් දුටු නිවැසියා බියට පත්වූයේ අවතාරයක් තමා පසුපස ආවාදැයි සිතමිනි. නවීන ජංගම දුරකථන දෙක අතට ගත් හෙල්මටය පැළඳි තැනැත්තා කඩිනමින් ආපසු පිටවිය. ක්ෂණිකව සිදුවූ සිදුවීමෙන් ගෙහිමියාට කෑ ගැසීමට පවා අමතක විය. තත්පර කිහිපයකින් සිහි එලවාගත් හෙතෙම කෑ ගැසීමට සූදානම් වූවා පමණි. හොරා තම යතුරුපැදිය පණ ගන්වාගෙන නොපෙනී ගියේ පවනට බඳු වේගයෙනි. අනුරාධපුරයෙන් අසන්නට ලැබිණි.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd