(මනොජ් හර්ෂික)
වයඹ පළාතේ ප්‍රධාන නගරයකට ආසන්න ගමක ජීවත්වන ගැමි පවුලකි. මෙම පවුලෙහි තාත්තා, අම්මා, පුතා සහ පුතාගේ බිරිය සමඟ එකම නිවෙසක සියල්ලෝම ජීවත්වෙති.

එකම නිවෙසක එකට ජීවත්වුවද මොවුහු පවුල් දෙකක් ලෙස තම ජීවන කටයුතු සිදු කරති. දිනක් අසල්වැසි නිවෙසක වයෝවෘද්ධ පුද්ගලයෙක් මරණයට පත්වූයේය. එහි සියලු_ වැඩයුතු කිරීමට සිදුවුයේ ගමේ මරණාධාර සමිතියටය.
මෙම මරණාධාර සමිතියේ සාමාජිකත්වය පවුල් දෙකක් ලෙස මොවුන් ද ලබා ගෙන තිබුණි. මළ ගෙදර සියලු_ වැඩ කටයුතු මරණාධාර සමිතියේ නිලධාරියකු විසින් කොළයක ලියා දේහය තැන්පත් කර තිබු නිවෙසේ කාටත් පෙනෙන සේ බිත්තියක අලවා තිබුණි.
මළ ගෙදර අවසන් කටයුතු කිරීමට පෙර දිනයේ රාත්‍රියේ මාමණ්ඩි සහ ලේලිය මළ ගෙදර තිබූ නිවෙස වෙත යන්නේ තමන්ට පවරා ඇති කාර්යයන් බලා පෙර සුදානම් වීමට ඇති නිසාවෙනි.
අවසන් කටයුතු කිරීමට පෙර දිනය වු බැවින් විශාල පිරිසක් අවමංගල්‍යයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි අතරම ඒ ගැන වැඩි තැකීමක් නොකරම මාමණ්ඩිය කොළය කීයවීය.
එම කොළයෙහි වැරැදීමකින් ඔහුට ඉවීමේ කටයුතුත්, ලේලියට වළ කැපීමේ කටයුතුත් පවරා තිබුණි. එය කියවු ඔහු ඉතා උස් හඬින් මෙසේ කීය “මහත්තයෝ මගේ නම කපලා වළට දාන්න. දුවගේ නම කපලා උයන්න දාන්න” යැයි කීවේ මළ ගෙදර සිටි කාගෙත් මුවඟට සිනහා ගන්වමිනි.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මළ ගෙදර කොළේ සිනා සයුරක් කරලා