(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
රාජකාරී කටයුත්තකට පැමිණී අවස්ථාවේ කුසගින්නේ සිටි රෝගී සුනඛයකුගේ කුසගින්න නිවීමට තමන්ගේ දිවා ආහාර පාර්සලය පරිත්‍යාග කර සිය කුසගිනි නිවාගැනීමට ජලය පානය කර මහජනයා වෙනුවෙන් වූ සෙසු රාජකාරී සදහා පිටත්ව ගිය උතුම් පරමාදර්ශි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ගල්කිරියාගම පුබ්බෝගම නගරයේදී වර්තා වෙයි.

එම සද්ක්‍රියාව කළේ පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත ආඬියාගල හා පලාගල කලාප භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක දිමුතු රණසිංහ මහතාය. ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක සහභාගීත්වයෙන් පුබ්බෝගම නගරයේ පැවැති විශේෂ වැඩසටහනක කටයුතු නිමවා නිලධාරීන් දිවා ආහාරය ගැනීමට කටයුතු කළ අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දිමුතු රණසිංහ මහතා එම සද්කාර්යයේ නියුතු වන අයුරු දැකිය හැකි විය. තම දිවා අහාරය රෝගි සුනඛයාගේ කුගින්න නිවාගැනීමට පරිත්‍යාග කළ රණසිංහ මහතා පසුව ඒ මහතා සතුව තිබූ වතුර බෝතලයක් පානය කර මහජනතාව වෙනුවෙන් වූ දවසේ ඊළග රාජකාරී කටයුත්ත වෙනුවෙන් නික්ම ගියේය.
රාජ්‍ය නිලධාරියකු ලෙස දිමුතු රණසිංහ මහතා ඉටුකළ සද්කාර්ය එහි සිටි කාගේත් ඇගයීමට හා පැසසුමට ලක්විය. පරිත්‍යාගශීලී මෙන්ම කරුණාබර හදවත් ඇතිව මහජන සේවාවට කැපවන මෙවන් නිලධාරීන් රාජ්‍ය සේවාවට කීර්තියක් අත්කර දෙන බවද එහි සිටි පිරිස් අතර කතා බහට ලක්වූයේය.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෙදරින් ගෙනා බත් එකෙන් බල්ලාගේ කුසගිනි නිවා බඩගින්නේ සිටි ‘සැන්ටි පෝට් මහත්තයා’
Buddhika Wijetunge Wednesday, 31 October 2018 06:25 AM
සතුන්ට දක්වන කරුණාවේ තරමින් ,ඔහුගේ හදවතේ තරම මැනිය හැකියි .... මිනිස්සු තිරිසන් වෙලා ඇති කාලෙක , ඔබ සැබෑ මිනිසෙක්.