(තිහගොඩ උපසේන ලියනගම)
රැස්වීමක ප්‍රධාන ආරාධිතයාගේ ප්‍රකාශයකින් හොල්මන් වූ නිවේදකයකු පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දෙවියන් අරක්ගත් අඩවියකිනි.

ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයකට වසර සියයක් පිරීම නිමිතිකොට පැවැති මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ප්‍රදේශයේ දේශපාලන බලධාරියෙකි. එම රැස්වීම මෙහෙය වූයේ තරුණ කොලු ගැටයෙකි.
රැස්වීම අනවශ්‍ය පරිදි දිගට ඇදීයාම නිසා දේශපාලන බලධාරියාට තරමක කෝපයක් ඇති වුවද ඔහු සිය දේශනය කෙටියෙන් පවත්වා අවසානයේ පැවැති තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය. ඒ අතරතුර තම සේවකයකු මගින් නිවේදකයා තමා වෙතට කැඳවනු ලැබුවේය.
ඇයි සර් නිවේදකයා විමසීය
ඔයාට විශේෂ තෑග්ගක් දෙන්න වටිනවා.
බොහොම ස්තුතියි සර් නිවේදකයා ප්‍රීති ප්‍රමෝදයට පත්විය.
මොකක්ද දන්නවද තෑග්ග හොඳට වෙලාවට දුවන අත් ඔරලෝසුවක්.
ඇයි සර් ඔහු යළි ඇසීය.
තමුන්ට වෙලාව ගැන කිසිම හැඟීමක් නෑ. මම දැක්ක ළමයෙකුගෙ නැටුම විනාඩි තුනයි. නමුත් විනාඩි දහයකටත් වඩා ඒ ගැන විස්තර කියෙව්වා. දේශපාලන බලධාරියා කීවෙන් ඔහු අන්ද මන්දවී සෙනඟ අතර සැඟවුණාලු.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැටුම විනාඩි 3යි: චූර්ණිකාව 10යි: දේශපාලකට නගී