(හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්)
බස් රථයකට නැඟුණු වයෝවෘද්ධ මවකට බස් රථයේ සිටි කිසිවෙකුත් අසුනක් ලබා නොදීම නිසා එම බස් රථයේ රියැදුරු තම අසුන ලබාදීමේ සිද්ධියක් පසුගියදා කන්ද උඩරට ප්‍රදේශයේදී සිදු වූයේ බස් රථයේ සිටි සියලු_ දෙනාට මහඟු පාඩමක් කියා දෙමිනි.

කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන උප නගර දෙකක් අතර ධාවනය වන එම බස් රථයේ සියලු_ අසුන් පිරී ගොස් තිබිණ. ඒ තරුණ හා මැදිවියේ පිරිසගෙනි. බස් රථය නගරයෙන් පිටත්ව ගිය පසු අතර මගදී ද බස් රියට සැලකිය යුතු ප්‍රමාණයක් මගින් ගොඩ වීම නිසා බස් රිය අතුරු සිදුරු නැතිව පිරී ගියේය.
මෙලෙස ටික දුරක් බස්රිය ගමන් කරන විට බස් රථයට අතරමඟදී වයෝවෘද්ධ මවක් ගොඩ වූවාය. ඇය යම් අසනීපයකින් පෙළෙන බවක්ද දැක ගන්නට හැකි විය. බස් රථය තුළ ඇය ඉතා අපහසුවෙන් සිටගෙන සිටිනු බොහෝ දෙනෙකු දුටුවද කිසිවකුත් ඇයට අසුනක් ලබා දීමට ඉදිරිපත් වුයේ නැන. බස් රථයේ සිටි තරුණ පිරිස් වැඩි ප්‍රමාණයක් තම ජංගම දුරකතනයේ එල්ලී සිටීම නිසා ඔවුන්ට මෙවන් මවක් බස් රථයේ අපහසුවෙන් සිටිනු දැක ගත නොහැකි විය.
මෙම මව පත්ව සිටින අපහසුව ගැන අවධානය යොමු කර සිටි බස් රථයේ රියැදුරු මහතා එක් ස්ථානයක බස් රථය නවත්වා එම වයෝවෘද්ධ මවට කතා කර “අම්මේ මේ බස් එකේ අම්මට සීට් එකක් දෙන්න කවුරුවත් නෑ වගෙයි. ඒ නිසා මෙන්න අම්ම මගේ සීට් එකේ වාඩි වෙන්න. වාඩි වෙලා පුළුවන්නම් මේ බස් එක එළවගෙන ගිහින් මේ ඔක්කොම ගිහින් බස්සන්න” යැයි හඬ නගා කීය.
මෙම හඬින් බස් රථයේ සිටි තරුණ පිරිස් පියවි ලොවට පැමිණි නමුත් සිදු වෙමින් තිබෙන දේ ගැන තුෂ්නිම්භූතව බලා සිටියහ.
එම අවස්ථාවේම බස් රථයේ සිටි මැදි වියේ පුද්ගලයෙකු සිය අසුන එම මවට ලබා දීම නිසා සුපුරුදු පරිදි බස් රිය ධාවනය වන්නට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිනිස්කම් අසම්ජ්ජාත්කම් වලින් පිරී ඉතිරී ගිය පෞද්ගලික ගැමුණු බස් මාෆියාවේ ඉදහිට හෝ මිනිසත් කමින් අනූන මෙවන් සත් ගුණවත් මැතිවරුන් සිටීම මෙම සේවාවේ ගුණයක් නොව යහපත් දෙමාපිය යුවලකගේ උතුම් පුත් රැවනක්. මහතානෙණි ඔබටත් ඔබ දෙමාපියන් ඇතුලු ඔබ සියලු දෙනාට නීරෝගී සුවය වාසනාව බුදු සරණයි.
දැන් පිරිමින්ට ජිම් ගිහින් කායවර්ධනය කර ගත්තට විනාඩි 5ක් හිටගෙන යන්න අමාරුයි. තරුණ දරුවන් බස් එකකට නඟින කොට කාන්තාවන් ලමුන් හා වැඩිහිටියන් පෙරලගෙන බස් එකට නඟින හැටි දකින්න පුළුවන්. ඉස්සර තරුණයින්ට වගේ සමාජ හිතෛශී අදහස් දැන් කාලේ තරුණයින්ට නෑ.