(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)
එළ ගව පට්ටියක් හිමි මැදිවියේ පුද්ගලයෙකි. එළදෙනුන්ගෙන් කිරි දොවා එම කිරි අලෙවිකර තම පවුල ජීවත් කරවන මොහු ගමේ පොදුවැඩ වලට උදව්කරන ගමන් තමන්ගේ වාසියට ද හොඳින් හෝ නරකින් වැඩ කරන්න ගොස් අමාරුවේ වැටුණ අවස්ථා පොලීසියේ ලැග්ග අවස්ථා නැතුවාම නොවේ.
දිනක් තමන්ගේ ගව පට්ටියත් සමග මිතුරු වූ වෙනත් ගව පට්ටියක හොඳින් වැඩුණු එළ ගවයන් දෙදෙනෙකු පැමිණියේ තම ගව පට්ටියේ එළගවයන් දෙදෙනෙකු පරිද්දෙනි. අයිතිකරුවෙකු නැති මෙම එළගවයන් මසට වික්කොත් තමන්ට එයින් ලොකු මුදලක් ලැබෙන බව සිතුවේ දින කීපයක පටන්ය. ඒ අදහස මුදුන්පත්කර ගැනීමේ දිනය එළඹිණි. එළගවයන් ප්‍රවාහනය සඳහා ලොරි රථය පැමිණියේය.
එළගවයන් පටවන්න පටන් ගත්තේය. වැඬේ සිතූතරම් පහසු නැත. හොඳින් වැඩී ඇති එළගවයින් පැටවීමට තවත් කීපදෙනෙකුගෙන් හෝ උපකාර අවශ්‍යව ඇත. පාරේ ගමන් කළ හිතවතෙකි.
ඔහුගෙන් එළගවයින් පැටවීමට උපකාර ඉල්ලා සිටියේ තමන්ගේ පට්ටියේ මේ ඉන්න එළගවයින් වැඩිනිසා වෙනත් පට්ටියකට දැමීමට රැගෙන යන බව පවසමිනි. උපකාරයට පැමිණි තැනැත්තා දින කීපයකට ඉහත දී තම එළගව පට්ටියෙන් අතුරුදන්වූ එළගවයින් හඳුනාගත්තේ දත්මිටිකමිනි. තරහා ඉහවහා ගියේය. ඔහු අතපය විසිකර නැවතුණේ පොලීසියේය.
ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති අනුරාධ හේරත් මහතා ගවපට්ටි අයිතිකරු සිදුකිරීමට ගිය වංචාසහගත ක්‍රියාව පිළිබඳව අධිකරණය දැනුවත් කර නඩුවක් දැමීමටද අමතක නොකළේය.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අනුන්ගේ හරක් අයිති කරගන්න ගිහින් නඩුත් වැටිලා