(හිඟුරානේ නවරත්න සමරතුංග)
ඇස්බැන්දුම්කරුවන් දෙදෙනකු ගෙනා වතුර බැරල් දෙකක් ඩීසල් යැයි සිතා වැඩි වාසි ලබා ගැනීමට මිල දී ගත් වෙළෙන්දෙකු අමාරුවේ වැටුණු සිද්ධියක් අම්පාරේ එක් ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.

එක්තරා කර්මාන්ත ශාලාවකට ඩීසල් ඉන්ධන සැපයූ තම ලොරියේ කාර්මික දෝෂයක් ඇති වූ බැවින් එය අලුත්වැඩියා කරගෙන යාමට අතේ මුදල් නැති බව කියමින් බැරල් දෙකක්ද රැගෙන රියැදුරකු සහ ගෝලයෙකු මෙම වෙළෙඳ ව්‍යාපාරිකයා හමුවීමට පැමිණ ඇත.
පවතින මිලට ඉතාම අඩුවෙන් මෙම බැරල් දෙක අලෙවි කරන බව ඔවුන් පැවසූ අතර ගණන් හදා බලන විට ඒවා අලෙවි කිරීමෙන් තමන්ට ලොකු ලාභයක් ලැබිය හැකි බව මෙම වෙළෙන්දා කල්පනා කළේය.
ඒ අනුව ඩීසල් බැරල් දෙකේ මූඩි ගලවා ඒ තුළට අතැඟිලි ඔබා නාසයට ද අල්ලා බැලූ වෙළෙන්දා එහි ඇත්තේ ඩීසල් බවට සනාථ කරගත්තේය.
‘ඩීසල් බැරල් දෙක නම් ගන්න පුළුවන් ඒත් මේවා හිස් කරගන්න බැරල් දෙකක් මා ළඟ නැතැයි’ වෙළෙන්දා කීය.
‘කමක් නෑ මුදලාලි අපි ගිහින් අනිද්දාට එන්නම් හිස් බැරල් දෙක මෙහෙ තිබුණාවේ’ යැයි රියැදුරා පැවසූයෙන් මුදලාලි එයට ද එකඟවිය.
ඒ අනුව ගනුදෙනුව සිදුවිය.
පසුව මුදලාලි තම සේවකයකු අමතා එම බැරල්වල තිබෙන ඩීසල් වෙනත් බැරල් දෙකකට පුරවන ලෙස නියම කර ඇත.
ඔහු ඩීසල් මාරු කිරීමට යාමේදී එම බැරල්වලවතුර ඇති බව දැක ‘මුදලාලි මේවා ඇතුළේ තියෙන්නේ ඇල් වතුරනේ’ යැයි කීය.
‘මොනවා... මම ඕවා ඇතුළට අත දාලත් බැලුවානේ...” පැවසූ මුදලාලි නැවත ඒවා පරීක්ෂා කිරීමේදී වැඩි වාසි ලබාගන්නට ගොස් තමන් ලොකු ප්‍රෝඩාවකට හසුවී ඇති බව වැටහිණි.
තමන්ට අලෙවි කළ ඩීසල් ලීටර් 120 බැගින් වූ වතුර බැරල් දෙකටම රියැදුරා සහ ගෝලයා ඩීසල් ලීටර් තුනහතරක් පමණක් උඩින් දමා තිබුණ බව මුදලාලි දැන ගත්තේ එවිටය.
‘ඩීසල් මිල වැඩි වුණාට වතුර තරම් බර නෑ එහෙනම්’ යැයි පැවසූ මුදලාලි විද්‍යාත්මක පාඩමක් ද ඉගෙන ගත්තා පමණක් නොව වත්මන් මිල යටතේ ගණන් බලන විට ඔහුට රුපියල් 51,660 පමණ පාඩුවක් සිදුවී ඇති බව අපට තොරතුරු සැපයූවෝ පවසති. හිස් බැරල් දෙක ගෙනයාමට තවමත් රියැදුරා පැමිණ නැති බව ද දැනගන්නට ඇත.
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුදලාලි ඩීසල් මිල ගෙවා වතුර බැරල් දෙකක් අරන් ගිහින්
pitigala Thursday, 04 October 2018 01:51 AM
හොරුන්ගේ දක්ෂකම හොඳ වැඩකට යෙදවීනම් කෙතරම් අපූරුද?