IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පච්ච මකන්න ගිහින් තරු පෙනිලා

(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)
අතේ කොටා තිබූ පච්ච මකා ගැනීමට ගොස් පච්චවලට අමතරව වැඩි වැඩියෙන් තුවාල සිදුකරගත් පුද්ගලයකු ගැන පුවතක් ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


රැකියාවකට අයදුම්පතක් ඉදිරිපත් කළේය. පරීක්ෂණය සඳහා නියමිත දිනයට පැමිණෙන ලෙස දන්වා එම ආයතනයෙන් ඔහුට ලිපියක් ලැබිණි.


ඔහු කොහුමෝලේ වැඩ කරන අවස්ථාවේ තැපැල්කරු අදාළ ලිපිය ගෙනැවිත් බාරදී ඇත්තේ ගෙදර සිටි ඔහුගේ නැගණියටය.


වැඩ ඇරී ගෙදරට ආවිට එම ලිපිය දෙමින් අයියේ ඔයාට ලියුමක් ආවා යැයි නැගණිය කීවේ සන්තෝෂයෙනි. එහෙනම් වැඬේ හරි තමයි කියමින් ඔහුද සන්තෝෂයෙන් ඉපිල ගියේය.


නියමිත පරීක්ෂණය පැවැත්වෙන දිනය එළැඹිණි. එදින උදෙන්ම අවදි වී ඔහු අවශ්‍ය ලියකියවිලි සහිත සහතිකපත් රැගෙන පරීක්ෂණයට ගියේය. ඔහු පරීක්ෂණයට යොමුකළ අවස්ථාවේ ඔහුගේ අතේ කොටා තිබූ පච්ච සම්මුඛ පරීක්ෂණ නිලධාරියාගේ නෙත ගැටුණි. සහතික නම් සුදුසුයි එහෙත් තමන්ගේ අතේ කොටා තිබෙන පච්ච මකාගෙන එන්නැයි එම නිලධාරියා ඔහුට නියෝග කළේය.


ගෙදර පැමිණි ඔහු අම්මේ වැඬේ නම් හරි එහෙත් මේ පච්ච මකාගෙන එන්න කීවා යැයි කීය. පසුව අසල්වැසියකුගෙන් ඉස්තිරික්කයක් ඉල්ලගෙන පැමිණ රත්කර පච්ච මත තබා පච්ච මැකීමට තැත් කළත් සිදුවූයේ පිළිස්සී තව තවත් තුවාල සිදුවීමය. අන්තිමේදී ඒවාට ප්‍රතිකාර ගැනීමට ඔහුට රෝහල් ගතවන්නට ද සිදුවිය.

 



අදහස් (2)

පච්ච මකන්න ගිහින් තරු පෙනිලා

Sisira Tuesday, 02 October 2018 02:57 PM

මේක නම් පිළිගන්න බැරි කතාවක්.

:       0       24

Kandepola Wednesday, 03 October 2018 09:11 AM

මේ රටේ ඉන්නේ වැඩි හරියක් ඉන්නේ ගොන්නු තමයි.

:       0       107

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 711 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site