පඬුරු දාන්න ගිය ගමන සරමෙන් පෙනිලා දකුණේ වියළි කලාපයට ආසන්න ගමක වැඩිහිටි සංවිධානයක් පසුගියදා මෙහෙය වූ චාරිකාවකි. සංගමයේ සභාපතිවරයා චාරිකාව සැලසුම් කළත් මාර්ගෝපදේශකයා වූයේ බසයේ රියැදුරාය. 02 November 2017
හතළිස් දාහකුත් අරන් හෙනහුරා මාරුවෙලා සෙනසුරු මාරුවෙන් ජය ලැබීමට සතරවරම් දෙවියන්ට පූජාවක් පවත්වන්නට ගිය පිරිසකට හතළිස් දහසක මුදලක් අහිමි වීමේ අපූරු පුවතක් දඹුල්ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය. 01 November 2017
වැව් පිටියේදී කතකට අරුම පුදුම අවියක් හමුවෙලා වැව් පිටියක මුකුණුවැන්න කඩමින් සිටි කාන්තාවකට අරුම පුදුම ‘‘පිස්තෝලයක්’’ හමුවීමෙන් ගම්වැසියන් හා නිලධාරීන් පිරිසකට විශාල අපහසුතාවකට පත්වීමට සිදු වූ සිද්ධියක් ගල්ගමුව, කාටුවැව ප්‍රදේශයෙන් දැන ගැනීමට ලැබිණි. 31 October 2017
ෆෝන් සිහියෙන් ගිහින් අම්බානක පරිප්පු කාලා කෙළිදෙලෙන් ගමනේ යෙදුණු තරුණ පිරිසක් බසය නැවතීමේ දී නියමිත නැවතුම්පොළ පසු කළැයි උරණව රියදුරුට පහර දෙන්න සූදානම්ව මගී වීරෝධය මැද බැස යද්දී වටිනා ජංගම දුරකතනයක් ද අසුන මත දමා යාමේ සිද්ධියක් ඊයේ 29 උදේ කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ දී දකගත හැකිවිය. 30 October 2017
මිනිබිරියගේ ඇඳුමට ආච්චි ඇන්දිලා සිය මිනිබිරියට උපකාර කිරීමට ගොස් අමාරුවේ වැටුණු මිත්තනියක පිළිබඳ පුවතක් නගර ආසන්න ප්‍රදේශයකින් වාර්තා වෙයි. 27 October 2017
අඳේට බලාගත් මීදෙන මස්කඩයට විකුණා වගකීම සර්පයකුට පටවලා වසර දොළහක පමණ කාලයක් අඳේට බලාගත් මී දෙන අයිතිකරුට හොරෙන් මසට විකුණා සර්පයකු දෂ්ඨ කිරීමෙන් එම සතා මිය ගිය බවත්, ඉන්පසු වළ දැමූ බවත් පැවසූ පුද්ගලයකුට වළ දැමූ ස්ථානය පෙන්වන්න යැයි කී විට එම ස්ථානය අමතක යැයි කී සිදුවීමක් පිළිබඳව උඩරට ගොවි ගම්මානයකින් වාර්තා විය. 25 October 2017
අරක්කු මුදලාලිට කඩ්ඩ දාල අම්බානක කන්න ගිිහින් හොර අරක්කු මුදලාලි සමඟ ඉංග්‍රිසියෙන් කතා කිරීමට ගොස් ගුටි නොකා අනූනමයෙන් බේරුණූ තරුණයෙකු පිළිබඳව මුහුදු බඩ ප්‍රදේශයකින් වාර්තා වේ. 24 October 2017
පදමට බීලා බැංකුවකට දොළොස්දාහක් ගෙවලා හොංකොං ජාතිකයකු සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ගිංතොට ප්‍රදේශයේ හෝටලයක නතරව සිටියේය. ලංකාවේදී ඔහුට තවත් විදේශිය මිතුරන් පිරිසක් හමුවිය. ඔවුන්ගේ ආරාධනය පරිදි ඔහු ගාල්ල කොටුවට පැමිණියේය. මිතුරන් පිරිස සන්ධ්‍යා කාලයේ ආරම්භ කළ මත්පැන් සාදය මධ්‍යම රාත්‍රිය ගෙවෙනතුරුද පැවැත්විණි. 23 October 2017
බැල්මට වශීවෙලා පඩියටත් තට්ටුවෙලා ඇය රූමත් තරුණියකි. පියා සමඟ ඌවේ ප්‍රධාන පෙළේ රෝහලකට පැමිණියේ පියාගේ කකුලක ආබාධයකට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමටය. 20 October 2017
අට වසරේ සිසුවෙක් අපූරුවට යුග බෙදලා අට වසරේ ගුරුතුමිය සමාජ අධ්‍යයන විෂයට ඉගැන්වූයේ මිනිසාගේ පරිණාමයේ යුග පිළිබඳවය. 19 October 2017
ප්‍රේමය උතුරා ගිහින් පෙම්වතා ළිදේ ළිං බැම්ම උඩ ඉඳගෙන බොහෝ වේලාවක් තම පෙම්වතිය සමඟ දුරකතන සංවාදයේ යෙදී සිට සංවාදය අවසානයේ යන්න සූදානම් වීමේදී ළිඳට වැටුණු තරුණයෙකු පිළිබඳව පුවතක් හේවාහැට ප්‍රදේශයෙන් වාර්තා වේ. 18 October 2017
සිල්ගත් උපාසක කකුල් අතගාලා සිල් ගන්නා මුවාවෙන් පන්සලට ගොස් දැරියකගේ පාද අතගෑ කාමාතුරයකු සම්බන්ධ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවේ. 17 October 2017
හොල්මනකට බයවී කිලෝමීටර් දෙකක් ත්‍රිරෝද රථ දෙකකින් ගිහින් නිවස ආසන්නයේදී හොල්මනකට බිය වූ පුද්ගලයකු කිලෝමීටර් දෙකක් පයිනුත් ගමන් කර ත්‍රිරෝද රථ දෙකකටත් කුලිය දී කිලෝමීටර් හයක දුරක් ගෙවා ගෙදරට ගිය පසු මුහුණ දුන් සිද්ධියකි මේ. 16 October 2017
කකුල පහුරු ගාලා බසයේ ජංජාලයක් දකුණු පළාතේ වෙරළාසන්න මාර්ගයේ අගනුවර බලා යන බස් රථයකි. එහි වාඩිවී සිටි මගියකු එක්වරම නැගී සිට ‘පත්තෑයෙක්, පත්තෑයෙක්’ කියා තමා ඇඳ සිටි සරමට තට්ටුවක් දැම්මේ කලබලයෙනි. කොන්දොස්තර වහා එතැනට ආවේය. රියැදුරා බසය මාර්ගයේ පසෙකට ගෙන නතර කළේය. 13 October 2017
මිතුරාට ගමේ යන්න දුන් සපත්තු කුට්ටම කොළඹදී හමුවෙලා ඔහු අගනුවර හෝටලයක සේවය කරන තරුණයෙක්. හෝටලයට නුදුරින් පිහිටි කාමරයක් ඔහුගේ නවාතැන විය. හෝටලයට අලූතින් පැමිණි තරුණයෙකුට නැවතීමට තැනක් නොතිබූ නිසා තරුණයා ඔහු අමතා ‘‘මගේ කාමරේට වරෙන්. කොහොම හරි දෙන්නම ඉමුයි’’. පැවසීය. 12 October 2017
නංගිගේ එළුවා අයියා මස් කඩයට විකුණලා තම නැගණිය සතු එළුවකු සොරකම් කර මස් කඩයට දුන් අයියා කෙනෙකු පිළිබඳ පුවතක් කඳුරට පැත්තෙන් වාර්තා විය 11 October 2017
පිරිමියකු වැළඳගත් මුදලාලිට තරුපෙනිලා වැරදීමකින් ගැහැනියකැයි සිතා පිරිමියකු වැළඳගෙන ලජ්ජාවට පත්වූ මුදලාලි කෙනකු පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තා විය. 10 October 2017
බොරු කොණ්ඩය වැටිලා මඟුලත් සුන් තට්ටය වැසී යන ලෙස හිස පැළඳි බොරු කොණ්ඩය ගැලවී මනාලියගේ පියාගේ දෙපතුල ඉදිරිපිට වැටීමෙන් බෑණා වීමට සිටි පුද්ගලයාගේ සැබෑ ස්වරූපය මනාලිය සහ ඇයගේ මව්පිය නෑදෑ පිරිස ඉදිරියේ හෙළිදරව් වූ පුවතක් මාඔය අසබඩ ගම්මානයකින් වාර්තා වේ. 09 October 2017
පොල් කඩාගෙන ගස් එක හමාරක ගාස්තුව ගෙවලා පොල් කඩන්නකු ලවා පොල් ගස් දෙකක පොල් කඩවා ගත් කාන්තාවක පොස් ගස්වල උස ප්‍රමාණය අනුව පොල් ගස් එකහමාරකට පමණක් ගාස්තුව ගෙවූ පුවතක් අගනුවරට ආසන්න නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 04 October 2017
මදුරුවන් එළවන්න ගෙනා හඳුන්කූරු පන්සල් අරන් ගිහින් මදුරුවන් පලවා හැරීමට නොයෙක් දෑ වෙළෙඳ පොලේ ඇත. දැන් අලූතින්ම පැමිණ ඇත්තේ මදුරුවන් පලවා හරින හඳුන්කූරය. ඒවා දැල්වූ විට නිකුත්වන්නේ දුමක් සමඟ පැඟිරි සුවඳය. එය මදුරුවන්ට අහිතකරය. 03 October 2017
මගුල අවුල් වුණාම කපු නෝනාට දුන් සාරියත් ඉල්ලාගෙන මඟුල කඩාකප්පල්වීම හේතුවෙන් කෝපයට පත් මනාලිය මඟුල්කපු මහත්මියට කපුගාස්තුව වශයෙන් දුන් රුපියල් දස දහසක මුදලක් තෑගි ලෙස දුන් සාරියත් ආපසු ඉල්ලාගත් පුවතක් ගලගෙදර ප්‍රදේශයෙන් වාර්තා විය. 02 October 2017
නොමිලේ ‘බ්ලූ’ බලන්න ගිහින් බඬේ පලූවක්ම ලෙලි ගහගෙන පොල් ගසක භාගයක් නැග අලූත බැඳපු ජෝඩුවක් නිදන කාමරයකට එබිකම් කළ තරුණයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබද පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ. 29 September 2017
අනුන්ට තෙල බෙදලා තමන්ට පොට වැරදිලා මෙය එක්තරා රක්ෂණ නියෝජිතයෙකුට සිදුවූ අපූරු සිදුවීමකි. 28 September 2017
මුහුදුගිය වරෙන්තුකරු අල්ලපු ගෙදර ඇඳයටින් මතුවෙලා මුහුදු යනවා යයි කියමින් අලූයම් කාලයේ නිවෙසින් පිටව ගිය සිය සැමියා දරුවන් සමඟ තමන් වෙසෙන තට්ටු නිවාසයේම යාබද කාමරයේ, කාන්තාවකගේ ඇදයට සිටියදී පොලිසිය විසින් සොයාගත් අපූරු පුවතක් දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශයකින් වාර්තා වේ. 27 September 2017
හිච්චි පුතා ඇවිල්ලා ගිනි ගෙඩියක් දීලා ගාල්ල දිස්ත්‍රික්කයේ ගමක දුප්පත් පවුලක් විය. පවුලේ වැඩිමහල් දියණිය විවාහ වී වෙනම පළාතක ජීවත් වූ අතර නිවෙසේ සිටියේ මව, පියා සහ දහඅට හැවිරිදි දියණිය පමණි. ඇය ද හරිහැටි අධ්‍යාපනයක් ලැබුවේ නැත. මව්පියෝ වතුවල කුලී වැඩ කරමින් එදිනෙදා ජීවිකාව සරිකර ගත්හ. 25 September 2017
උදේ පාන්දරම සැමියාට අමුතු තේ කෝප්පයක් දීලා උදෙන්ම අවදි වූ පොලිස් රාළහාමි අගනුවර රැකියාවට යාමට ලහිලහියේ සූදානම් විය. 21 September 2017
නෝනා කෙනෙක් අන්ධ පුටු වියන්නාටත් පොල්ලක් තියලා අන්ධ පුටු වියන්නෙකු අන්දපු කාන්තාවක් සම්බන්ධව ලූණුගම්වෙහෙරට නුදුරු ගමකින් වාර්තා විය. 20 September 2017
නීතීඥවරිය පැය දෙකක් පොදු වැසිකිළියේ නීතිඥවරියකට දෙපැයක් පොදු වැසිකිළියක් තුළ සිරගතවීමට සිදුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ප්‍රධාන නගරයකින් වාර්තාවේ. 19 September 2017
විදුහලේ කොන්ත්‍රාත් කරන ගමන් පොල් ගෝනියකුත් පන්නලා පාසල් භූමියකින් හොරෙන් කඩාගෙන ගිය පොල් ගෝනියක් පිළිබඳව විදුහල්පතිවරයා කළ සොයා බැලීමකින් පසු එය ආපසු රැගෙන ආ පිරිසක් පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 18 September 2017
සෙත් ශාන්තියක් කරගන්න ඇවිත් පූජා වට්ටියේ පඬුරටත් විදලා සෙත් ශාන්තියක් කර ගැනීම සඳහා දේවාලයට පැමිණි බව කපුවාට කියූ තරුණයා කපුවා වැඬේට සූදානම් වන අතරේ පූජා වට්ටියක තිබූ මුදල් සොරාගෙන ගොස් තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි දේවාලයකින් අසන්නට ලැබුණි. 14 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026