IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැරුණයි සිතූ සැමියා තහනම් ගහේ ගෙඩි කාලා

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ ජීවත්වූ අඹු සැමි යුවළකි. ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් සිටියහ. දැනට වසර පහකට පමණ පෙර සැමියා හිටිහැටියේම නිවසින් අතුරුදන්වී ඇත. බිරිඳ සැමියා සොයා ගැනීමට නොගිය දේවාලයක් නැත. ඒ තරමටම ඇය සැමියා සොයාගැනීමට වෙහෙසුණාය. සියල්ල අවසානයේ ඇය තම සිත හදාගෙන සැමියාට පින් පිණිස දානමය පින්කම් දෙකක්ද කළේ දරු දෙදෙනාද එකතු කරගෙනය.


අතුරුදන් වූ සැමියා ද මියගිය ආකාරයෙන්ම කටයුතු කර අලව්ව ප්‍රදේශයේ කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඇයද දරුවන් තිදෙනෙකුගේ මවකි. තම බාල දියණියද කැටුව පැමිණ මෙම කාන්තාව අනියම් සැමියා සමග හක්මණ මුරනාමුරයේ කුලී නිවෙසක ජීවත්වී ඇත.


හක්මණ ප්‍රදේශයේ ජීවත්වූ මේ යුවළ පිළිබඳව ප්‍රදේශවාසීහුද කිසිදු සැකයක් නොසිතූහ. පුරුෂයා සුපුරුදු රියැදුරු රස්සාව කරගෙන ජීවත් විය. මොවුන් ඉකුත් ඇසළ පොහොය දිනයේ සිය පවුලේ අය සමග ලොරි රථයකින් බෙලිඅත්ත හා තංගල්ල ප්‍රදේශවල දන්සල් වැඳීමට හා පොසොන් සිරි නැරඹීමට ගොස් ඇති අතර අතරමගදි අම්බලන්තොට ප්‍රදේශයේ අයෙකු මොහුව හඳුනා ගැනීම හේතුවෙන් එම ආරංචිය නිත්‍යානුකූලව බිරිඳ වෙත ලැබී ඇත. ලද ආරංචියට අනුව ඇය සැමියා සොයා හක්මණට පැමිණ හක්මණ පොලිසියේ පිහිට පැතුවාය.


හක්මණ පොලිසියේ විවිධ පැමිණිලි අංශය මේ පිළිබඳවද සොයා සැමියා බිරිඳ දරුවන් දෙදෙනා අනියම් බිරිඳ හා දරුවන්ද පොලිසියට කැඳවා විමර්ශන කටයුතු සිදු කළ අතර එහිදී නීත්‍යානුකූල බිරිඳ සැමියා ඉල්ලා හඬා වැටුණාය. සැමියා ද බිරිඳ හා දරුවන් සමග අම්බලන්තොටට යෑමට කැමැති වී පොලිස් පොතේඅත්සන් කර සතුටින් අම්බලන්තොට බලා පිටත් වුණේය. අනියම් බිරිඳද අලව්ව ප්‍රදේශයේ ජීවත්වන තම සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු සොයාගෙන අලව්ව බලා පිටත්වුණාය.



අදහස් (1)

මැරුණයි සිතූ සැමියා තහනම් ගහේ ගෙඩි කාලා

dhammi Saturday, 25 August 2018 01:11 AM

හොඳයි එහෙනම්

:       107       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site