IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අක්කාගේ සුවඳ කැමරාවේ

(මුලටියන එස්. බාලසූරිය)
සුපිරි වෙළෙඳසලකින් සුවඳවිලවුන් සොරාගත් කාන්තාවන් දෙදෙනකු එහි සවිකර තිබුණු සීසීටීවී කැමරාවේ දර්ශනවලින් හඳුනා ගැනීමට හැකි වීමෙන් බෙහෙවින් ලැජ්ජාවට පත්වූ පුවතක් මාතර දුරබැහැර නගරයක පිහිටි සුපිරි වෙළෙඳසලකින් වාර්තා වෙයි.
 සිද්ධිය සැකෙවින් මෙසේය.


එම සුපිරි වෙළෙඳසලේ සුවඳවිලවුන් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය බහාලුම් රාක්කයෙන් නිතරම භාණ්ඩ අඩුවීමේ සිද්ධීන් පිළිබඳව එහි වෙළෙඳ සේවිකාවන් කාලයක සිට විමසිල්ලෙන් සිටියත් සොරා ගන්නා කෙනකු හඳුනා ගැනීමට නොහැකිව තිබුණි. මෙම භාණ්ඩ අඩුවීම සම්බන්ධයෙන් එම වෙළෙඳසලේ කළමනාකාරවරිය විසින් එම සේවිකාවන් දැනුම්වත් කළ අතර ඊට පිළියමක් ලෙස සීසීටීවී කැමරා පද්ධතියක් සවි කිරීමට පියවර ගනු ලැබිණි.


ඒ අනුව දින කීපයක් තිස්සේ විමසිල්ලෙන් සිට භාණ්ඩ සොරා ගන්නා කාන්තාවන් දෙදෙනා අතටම හසුකර ගැනීමට ඔවුන්ට හැකි වී ඇත. එක් කාන්තාවක රූපලාවන්‍ය ද්‍රව්‍ය හා සුවඳවිලවුන් අතට ගෙන පරීක්ෂා කරන අතර අනෙක් කාන්තාව සුවඳවිලවුන් බෝතලයක් තම අත්බෑගයේ සඟවා ගන්නා අයුරු කැමරා දර්ශනවලින් ඉතා පැහැදිලිව දැකගත හැකි වී ඇත. ඒ පිළිබඳව එම කාන්තාවන් දෙදෙනාගෙන් විමසද්දී ඒවා වෙනත් කඩයකින් මිලදී ගත් බව දිවුරා ප්‍රකාශ කර ඇත.


එසේ කී පසු එම වෙළෙඳ සේවිකාවන් සීසීටීවී දර්ශන එම කාන්තාවන්ට පෙන්වූ අතර එම දර්ශන දැකීමෙන් බයට හා ලැජ්ජාවට පත් ඔවුන් මේ පිළිබඳව කාටවත් නොපවසන ලෙසත් මීට පෙර සොරකම් කරන ලද භාණ්ඩ පිළිබඳවත් සොරාගත් භාණ්ඩවලට එවෙලේම මුදල් ගෙවා එම වෙළෙඳ සලෙන් කිසිම දිනක බඩු සොරකම් නොකරන බවත් පවසා ඒ පිළිබඳව සමාව ඉල්ලා ඇත.


කෙසේ නමුත් මේ සිද්ධිය පිළිබඳව ආරංචි පැතිරී ඇති අතර එම කාන්තාවන් පාරේ යන විට කටකාර කොලුගැටයන් අහන්නේ මාර සුවඳක්නේ තියෙන්නේ. අක්කේ ඒවා පිටරටින් ගෙනාපු ඒවා ද කියලයි. එහෙත් එම කාන්තාවන් මුනිවත රකිමින් තමන්ට ඒවා අදාළ නැති බවට හැසිරෙන්නේ ඒ බව ඔවුන්ගෙන් එසේ නොඅසන බව වෙනත් අයට දැනගැනීමට බවත් වෙළෙඳසලේ සේවකයෝ කියති.

 



අදහස් (0)

අක්කාගේ සුවඳ කැමරාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site