මේ ගෙවන කාල වකවානුව කොයි කාටත් අමාරු කාලයි. ආහාරපානවල සිට සෑම දෙයකම මිල ගණන් වැඩිවන්නේ ටැක්සියක මීටරය වෙනස්වන ලෙසිනි.
මේ කියන තාත්තාටද නැති බැරි අමාරුකම් තදින් දැනෙන්නට ගත්තේ හදිසියේ ඩෙංගු රෝගයට ඔහු ගොදුරු වූ නිසාය.
ඇඟේපතේ හයිහත්තියෙන් පවුලක් නඩත්තු කළ මොහු කම්කරුවෙකි. අසනීප වූ නිසා වැඩ කිරීමට නොහැකිව ඔහු දස අතේ කල්පනා කළේ ගේ හරියෙ මිරිස්කරලක් නෑ කියා බිරිඳ කියන්නට ගත් පසුවය. පුතේ මෙහෙ වරෙන් පුතුන් සමග එකතුවී නිවසේ ගොඩගසා තිබූ පරණ පත්තර, පොත්පත් සහ බෝතල් එකතු කර ගොඩගැසුණේ අන්තිම තුරුම්පුව ගසමිනි.
නිවසේ තිබූ ලට්ට ලොට්ට විකුණා හෝ බඩ වියත රැක ගත යුතුය. පියාට සිතිණි. යකඩ බඩු කඬේ මුදලාලි නිවසට ආවේ යැවූ පණිවුඩයකට අනුවය. බඩු ටික රැගෙන මුදලාලි යන්නට ගියේ බඩු පැටවූ ලොරියද එළවාගෙනය.
අම්මේ මගේ පොත්ටික කෝ එදින සවස පුතු මවගෙන් අසන්නට වූයේ පාසල් පොත් ටික තිබ්බ තැන නැතැයි කියමිනි. බුලත් විටක් සප්පායම් වෙමින් සිටි පියා ගෙට එබී බැලුවේ මළ හත්තිලව්වයි සිතමිනි.
පුතේ මම ඔතන තිබ්බ පොත්ටිකක් පරණ පත්තර මුලලාලිට දීලා දැම්මා.
පුතාට තරු පෙනිනි. පිය පුතු දෙදෙනා ඒ මොහොතේම පොත්ටික සොයා පරණ පත්තර කඬේට ගියත් ඒ වනවිටත් පරණ බෝතල්, පරණ යකඩ එක්කම දරුවාගේ අලුත් පොත් ටිකත් කොළඹට පටවා තිබිණි.
වෙච්ච දෙයක්. කොරේ පිටට මරේ කියන්නෙ ඕකට තමයි. අසරණ පියා පුතුගෙන් සමාව ඉල්ලද්දී පුතුගේ නෙත් කඳුළින්පිරී ගියේය. පව් දුප්පත් තාත්තා. පුතු නිශ්ශබ්ද වූයේ දැන් කතාකර වැඩක් නැතැයි තේරුම්ගිය නිසාය.
ශිරාන් රණසිංහ
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ගානක් කපාගන්න හිතිලා දරුවාගේ පොතුත් කඬේට දීලා
mahinda Thursday, 16 August 2018 04:06 AM
අප ජීවත්වන්නේ මෙහෙවු රටකය. රටේ මහජනයාට දු දරුවාට වඩාත් යහපත් රටක් නිර්මාණය කිරීමට දසාතේ පොරොන්දු දී පාර්ලිමේන්තු,පලත්සභා, ප්‍රාදේශිය සභා යන කෙනා හත්මුතු පරම්පරාවටම හොරකම් කරද්දී ඒ අයට යැපෙන්නට අසීමිත සැප සම්පත් භුක්තිවිදින්ට බදු ගෙවන ඡන්ද දායකයා අසනීපවූ කල අත්විදින ඛේදජනක ඉරණමයි මේ.
sampath Friday, 17 August 2018 09:54 AM
මේවගේ පුංචි පුංචි ප්‍රශ්න දහස් ගණනක් මේ රටේ තියෙනවා. ඒවා විසඳන්න පුළුවන් නම් මේ රට මීට වඩා ගොඩක් හොඳ තැනකට ගේන්න පුළුවන්.. මෙහිදී මේ පියත් අසරණ දරුවගේ අනාගතෙන් ඉවරයි. මේ ළමයා සාමාන්‍ය පෙළ උසස් පෙළ හෝ ශිෂ්‍යත්වය වැනි කඩයිම් විභාගයකට සූදානම් වූ කෙනෙක් නම් !!!