(මොරගොල්ලාගම සිසිර කැලේගම)
විවාහ ලේකම්වරියකගේ විමසිලිමත්භාවය නිසා කඩිමුඩියේ විවාහයක් සිදුකර ගැනීමට රාත්‍රියේ ආ යුවළකගේ තතු හෙළි කරගන්නා අවස්ථාවේ දී ඊට අත්සන් කිරීමට පැමිණි සාක්ෂිකරුවන් යුවළ අතහැර දමා පලා යෑමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය.
සිද්ධිය අනාවරණය වෙන ආකාරයට මෙලෙසය.
විවාහ ලේකම් නිවසට ඉකුත් රාත්‍රියක විවාහයක් සිදුකර ගැනීමට පැමිණ ඇත්තේ පිටස්තර ප්‍රදේශයක සිට ඊට අදාළ පාර්ශවයන්හි සාක්ෂිකරුවන්ද කැටුවය.
පැමිණි කාන්තාව අතේ අවුරුදු තුනක් වයසැති දැරියකි. විවාහ ලේකම්වරිය දරුවා කාගේදැයි විමසන අවස්ථාවේදී ඇය තමාගේ බවත්, ඇයට උප්පැන්නයක් සකසා දැරිය පාසල් යැවීම උදෙසා මෙලෙස විවාහය සිදුකර ගැනීමට පැමිණි බවත් කාන්තාව එහිදී පවසා ඇත.
උප්පැන්නයක් නැති අවුරුදු තුනක් වයසැති දරුවා තමාගේ නොවන නමුත් දරුවා ද තම බාරයට ගෙන එම කාන්තාව විවාහකර ගැනීමට කැමැති බවට ඇය හා පැමිණි පිරිමි තැනැත්තා ද එහිදි අදහස් දක්වා තිබි.
ඔවුන් ගේ හැසිරීම් රටාව පිළිබඳව සැක සිතූ විවාහ ලේකම්වරිය ඔවුන් ගැන තොරතුරු සොයන්නට කටයුතු කළාය.
ඔවුන්ගෙන් විස්තර අසා විවාහය සිදුකරන මුවාවෙන් ඔවුන් සමඟ කතා කරමින් සිටින අතරවාරයේ ඔවුනගේ තොරතුරු විමසන ලෙසට සිය සැමියාට විවාහ ලේකම්වරිය උපදෙස් දුන්නාය. සිය සැමියාද තම ජංගම දුරකතනයෙන් ඔවුන් පදිංචි ප්‍රදේශවල තමා හඳුණන හිතවතුන්ට කතා කොට විවාහයක් ගිවිස ගැනීමට පිවිස සිටින අය ගැන වහාම තොරතුරු සොයා දෙන ලෙසට දැනුම් දී තිබි.
ඒ අනුව තතු සොයා ගිය හිතවතකු දැනුම් දී ඇත්තේ සිය සැමියා හේනේ පැළට ගිය අවස්ථාවේ දී ඔහුගේ විවාහක බිරිද සිය දරුවාද කැටුව නිවහන වසා මෙලෙස නව විවාහයකට පැමිණ ඇති බවයි. ඒ සමඟම ඇය විවාහකර ගැනීමට පැමිණි පිරිමි තැනැත්තාද තම බිරිය නිවසේ නිදා සිටියදී කුඹුරට යන මුවාවෙන් මෙහි පැමිණ ඇති බවට අනෙක් හිතවතාද තොරතුරු දැනුම් දී තිබේ. සිද්ධිය දැනගත් විවාහ ලේකම්වරිය හෙළි වූ කරුණු කසාදයට සූදානම් වූ නව යුවළ ඉදිරියට ගෙන පැහැදිලි කරන අතරවාරයේ දී එන පොට වැරදුණු බව වටහා ගත් ඊට සාක්කියට අත්සන් කිරීමට පැමිණි පාර්ශවකරුවන් ඔවුන් දෙදෙනා නිවසේ සිටිය දී කිසිවෙකුටත් නොකියා පලාගොස් ඇත.
ඒ සමඟම විවාහයට පැමිණි යුවළ ද විවාහ ලේකම්වරිය පවසන මෙම තතු කෙසේ සොයා ගත්තාදැයි ඒ පිළිබඳව පුදුමයට පත්ව මෙන් කුඩා දරුවාද රැගෙන ලැජ්ජාවට පත්ව මුණිවත රකිමින් ඉන් නික්ම ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවකට සැකයක් ඇති වූ විට එෆ්. බී. අයි. එකටත් වඩා හොඳින් රහස් පරීක්ෂක කටයුතු කරයි කියන්නේ ඔන්න ඕකයි.