IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වාසනාව බෙදන ගමන් සූර් බඩුත් විකුණලා

(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු) 
බුජ්ජම්පොළ විජයගම ප්‍රදේශයේදී මුර සංචාරයක යෙදී සිටි පොලිස් ජීප් රථයක නිලධාරීන් මාර්ගයේ පැමිණි ලොතරැයි අලෙවි කරන යතුරුපැදිකරුවකු ළඟ ලොතරැයි පතක් මිලදී ගැනීමට නැවැත්වූ අවස්ථාවේදී යතුරුපැදිකරු යතුරු පැදිය දමා පළා යාම සම්බන්ධයෙන් සැක සිතූ පොලිස් නිලධාරීන් යතුරු පැදිය පරීක්ෂා කිරීමේදී ලොතරැයි ලෑල්ලට යටින් සඟවා තිබූ නීති විරෝධී කසිප්පු බෝතල් 25 ක් සොයා ගැනීම නිසා පළා ගිය පුද්ගලයා සොයාගෙන පෙරේදා (28) සවස සැක පිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විජයගම පදිංචි 38 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි. 


සැකකරු ලොතරැයි මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ටම මෙලෙස කසිප්පු සිල්ලරට අලෙවි කිරීමේ අතුරු ව්‍යාපාරයක් ද කරගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය කීය. පොලිස් නිලධාරීන්ව දැක තම යතුරු පැදියත් දමා පළා ගිය පුද්ගලයා ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කීය. 


දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කොස්තාපල් (36283) ශ්‍යාමාල්, (76091) තෙන්නකෝන් යන නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 



අදහස් (0)

වාසනාව බෙදන ගමන් සූර් බඩුත් විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site