(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
හොර රහසේ නිවෙසකට රිංගූ සැමියෙකු එම නිවසින් පලායාමට ගොස් ජනේලයක සිරවී නියම සැමියාට හසුවීමේ පුවතක් කන්ද උඩරට වතු ආශ්‍රිත ගම්මානයකින් වාර්තාවේ.

සිද්ධිය සැකවින් මෙසේය.
දෙදරු මවක වන ඇය වත්තේ තේ දලු නෙළන වෘත්තියේ නිරත අතර ඔහු දෛනිකව කුලියක් කිරීමට නගරයට යාම සිරිතක් කොට ගත්තෙකි.
කෙසේ නමුත් ඇය වත්තේ වැඩකරන තවත් තරුණයකු සමඟ ඇතිකරගත් හාදකමක් දුරදිග ගොස් ඇයට ඔහුත් - ඔහුට ඇයත් නොදැක සිටීමට බැරි මට්ටමට පත්වී එය අනියම් ඇසුරක් දක්වා යාමට ගතවී ඇත්තේද ඉතා සුළු කාලයකි.
මේ අතර එක් දිනක් සවස් යාමයේ තම සැමියා හදිස්සියේම නිවෙසට පැමිණෙමින් සිටි මොහොතක, නිවසේ කාමරයක තනිවී සිටි ඔහුටත් ඇයටත් කරකියාගත නොහැකිවීමෙන් ඔහු නිවෙසින් පලා යෑමට උත්සහකර ඇත්තේ එහිවූ කුඩා ජනේලයකිනි.
අවාසනාවකට ඔහු එහි හිරවීමත් සමඟ නිවසේ වූ කලබලය ඉවෙන් මෙන් දැනගත් නියම සැමියා තම හිතේ වූ වේදනාව පහව යනතෙක් ඇයටත් ඔහුටත් ඇතිවනතුරු ගුටි බැටදී දෙදෙනාම නිවසින් පන්නා දමා තම දරු දෙදෙනා තම මාපියන් රැකවරණයේ තබා සමාජයට දායාද කරන බවට පොලිස් පොතේද සඳහන් කිරීමට පියවර ගෙන තිබූ බවද වැඩිදුරටත් වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තහනම් ගහේ ගෙඩි කන්න ඇවිත් ජනේලයෙන් පනින්න ගිය හොර සැමියා හරි සැමියාට කොටුවෙලා