පෝද්දල - සරත් ආනන්ද ගමගේ
සියලු අංගෝපාංගයන්ගෙන් හා රසමසවුළුවලින් සමන්විත මංගල සාදයක අද පරපුරේ අත්‍යවශ්‍යම භාණ්ඩය වන මත්පැන් නොතිබීම නිසා සිදුව ඇති අලකලංචියක් පිළිබඳ අපූරු සිද්ධියක් දකුණු පළාතේ සංචාරක පුරයේ සුපිරි හෝටලයකින් පසුගිය දා අසන්නට ලැබුණි.
ගාලු දිසාවේම නගර දෙකක පදිංචි තරුණ යුවළකගේ යෝජිත විවාහ මංගලෝත්සවයකි. සාදය පැවතියේ හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකය. නව යුවළගේම පිය පාර්ශ්වය උග්‍ර මත්පැන් විරෝධීහුය. ඒ නිසා සාදයට මත්පැන් ගෙනැවිත් තිබුණේ නැත.
පෝරුවේ චාරිත්‍ර අවසන් වීමෙන් පසු සාදය සඳහා පිරිස පැමිණෙමින් සිටියහ. හෝටලය ඇතුළත හා එළියේ අටවා තිබූ කූඩාරම්වලද ආරාධනා ලැබූ සම්භාවනීය ආරාධිතයන්ගෙන් පිරී යන්නට විය. වේටර්වරු යුහුසුලුව රටකජු, බැදපු කුකුළු මස් දීසි මේසවලට බෙදමින් ආවෝය. මතින් සන්තර්පණය වන්නෝ සැර බීම බලා සිටියද ඒවා බෙදන ලකුණක් එහි නොතිබුණේය. බලාපොරොත්තු කඩවූවෝ තැන් තැන්වල කල්ලි ගැසෙමින් සාකච්ඡා කළහ. පැමිණි වාහන එක දෙක පිටව ගියේය. පිටව ගිය වාහන නැවත පැමිණියේය. ටික වේලාවක් යනවිට මංගල සාදයට පැමිණ සිටි තරුණ පිරිස් තමන් විසින් ගෙනෙන ලද මත්පැන් බෝතල් වාහන පිටුපස ඩිකිය මත තබාගෙන පානය කරන්නට පටන් ගත්තෝය. ටික වේලාවක් යනවිට වාහන රැසකම ඩිකිය මත මෙවැනි මධුසාද අරඹා තිබුණි. මංගල සාදයට පැමිණ සිටි දෙපාර්ශ්වයම මේ සඳහා හරි හරියට එක්වී සිටියහ.
පසුව සංවිධායකයෝ මත්පැන් බෝතල් මේස මතට ගෙන පානය කරන්නැයි කියමින් බොන ඇත්තන්ට මේසවලට ආරාධනා කළහ. දහවල් කෑමට ආරාධනා කරන අවස්ථාව වනවිට එළිමහනේ සියලු මේස මත මත්පැන් බෝතල් තිබෙනු දැකගත හැකි විය. නොදැනුවත්වම එම සාදය මධුපානෝත්සවයක් බවට පත්වී තිබුණි.
සාදය අවසානයේ ලියුම් කවර පිරිනැමීමේදී මත්පැන් පානය කළවුන් බොහෝ පිරිසක් මත්පැන් සඳහා වැය වූ මුදල අඩු කරගෙන මුදල් පිරිනැමීමටද කටයුතු කර තිබුණි. මත්පැන් පානය නොකරනවා යැයි කියන නව යුවළගේ පියවරුන්ටද සහභාගි වූ තරුණයන් මත්පැන් වඩියකින් සංග්‍රහ කර ඇති කතාවක්ද දෙපාර්ශ්වයේම නෑදෑයන් අතර පැතිර ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd